Posts

ගෙදර වට සිතියම - ලියනගේ අමරකීර්ති

Image
කතා කීම ඉපැරණි වූද අර්ථවත්වූවද මනුෂ්‍ය ක‍්‍රියාවක් බව සැබෑය. නවකතාව, කෙටිකතාව, මතු නොව, නාට්‍ය, කාව්‍යාදී වෙනත් සාහිත්‍යංග සඳහා බොහෝ විට කතාවක් (Story) පදනම්වන බවද සත්‍යය. ඒහෙත් තවදුරටත් නවකතාව හෝ කෙටිකතාව යනු හුදු කතන්දරයක් පමණක් නොවේ. එකට ගලපා ඇති සිද්ධි මාලාවක් තිබු පමණින් අප එයට කතාවක් හෝ කෙටිකතාවක් ලෙස පැවසිය යුතු නැති. එය සිංහල කෙටිකතා කලාවට අදාලව මාටින් වික‍්‍රමසිංහ යුගයේදීම ඉක්මවා යන දැනුමකි.  තමා අවට ඇති ලෝකය සමඟ සම්බන්ධ වීමේදී මිනිසා සිය මනුෂ්‍යත්වය සනිටුහන් කිරීමේ පැරණිම ආකෘතියක් ලෙස කතාව ගත හැකි නමුදු සාහිත්‍ය බිහිකර ගැනීමේදි මිනිසා එයිනුත් ඉදිරියට යාමට සමත්වීමේ ප‍්‍රතිඵලයක් ලෙස අද දවසේ කෙටිකතාකරුවා, කතාව භාවිත කරනුයේ පාඨකයා ප‍්‍රබන්ධ ලෝකය වෙත කැඳවන උපක‍්‍රමයක් ලෙසය. එමගින් පාඨකයා වෙත මනුෂ්‍යත්වය, ජීවිතය හා සමාජය පිළීබඳ නව තේමාවන් හා අන්තර්දෘෂ්ටීන් ඉදිරිපත් කිරීමට ඔහු උත්සාහ දරයි. ලියනගේ අමරකීර්ති කිසිසේත්ම මේ පිළිබඳ අවධානයකින් තොරව ලේඛනයේ යෙදෙන කටිකතාකරුවකු නොවේ. එහෙත් දැන් දැන් ඔහුගේ කෙටිකතාවන්හි කතා රසයට ලැබෙන ස්ථානය අනෙක් අංග යටපත් කරමින් නැගී සිටින බවක් දක්නට ලැබේ....

නිසලව ගලා බසින්නේ දොන් නදිය පමණක් නොවේ!

Image
මිහයිල් ෂොලහොව් විසින් රචිත Quietly Flows the Don කෘතිය, වඩාත් ලෝක සාහිත්‍යයේ අවධානයට ලක්වූ කෘතියකි. සෝවියට් ලේඛකයකු වූ ෂොලහොව් නොබෙල් සාහිත්‍ය සම්මානය හිමිකර ගත්තේ මෙම කෘතිය හේතුවෙනි. මහින්ද සෙනරත් ගමගේ විසින් පරිවර්තිත වෙළුම් 4කින් පාඨකයා අතට පත්ව වසර කිහිපයකි. මේ වෑයම, එම කෘතිය සාහිත්‍යමය හා දේශපාලනමය කියවීමක් කිරීමටය. මිහයිල් ෂෝලහොව් පිළිබඳව ජනප‍්‍රිය අදහස වන්නේ ඔහු කොමියුනිස්ට් ලෝකයක් අරභයා අනුත්තර ප‍්‍රාර්ථනාවකින් සාහිත්‍යකරණයේ නියැළුණු සමාජ සත්තා යථාර්තවාදී රීතිය අනුදත්, ලේඛකයකු ලෙසය. වැඩිමනත් මහන්සියකින් තොරවම ප‍්‍රචාරක ලේබලය අලවා, සාහිත්‍ය කතිකාවේ බැරෑරුම් ඉසව් කෙරෙන් ඔහුගේ කෘති බැහැර කරන්නට ඇතැම් සාහිත්‍ය විශේෂඥයන් පෙළඹෙන්නේ එබැවිනි. එහෙත් ෂෝලහොව් එසේ බැහැර කළ නොහැක්කේ ඔහු සාහිත්‍ය උදෙසා නොබෙල් ත්‍යාගය දිනා ඇති නිසා නොවේ. සිය දේශපාලන පක්ෂපාතීභාවය තිබියදී සාහිත්‍යය කෙරෙහි ඔහු තුළින් පළවූ අකපට අව්‍යාජභාවය නිසාය. එහි ලා කෘතහස්ත උදාහරණය වන්නේ ‘දොන් නදිය නිසලව ගලා බසී’ නවකතාවය. පිටු දෙදහස් දෙසියයක් පුරා විහිදුණු මේ දීර්ඝ නවකතාව තුළ කතුවරයා අපට ආරාධනා කරන්නේ ඔහුත් සමගින් දොන් පෙදෙස...

සාස්තර

Image
  ගායනය හා සංගීතය - තරිඳු දම්සර පද රචනය - රුහුණුකෙත ධම්මදේව සිංහල සාහිත්‍ය කලා ව්‍යාපෘතිය තුළ අන්ධ බින්දුව බවට වතු කම්කරු ප‍්‍රජාව පත්ව ඇතැයි ප‍්‍රකාශ කළේ පරාක‍්‍රම කොඩිතුවක්කු කවියාය. ‘දෙවියන්ගේ මිනිසුන්’ බඳු කාව්‍ය සංග‍්‍රහයකින් ඔහු ඒ ජනයාට සංග‍්‍රහ කළේය. එහෙත් ඒ තරම්වත් අවධානයට පාත‍්‍ර නොවූ කොට්ඨාසයක් ලස අහිකුණ්ඨක ජනයා දෙස හැරී බැලීමට මේ ගීතය අප පොලඹවයි. එයම මේ  ගීතය පිළිබඳ සංවාදයක් ඇවිළවීමට තරම් හේතුවක් වෙයි.  අප දිව යන තරම් වේගයෙන් දිව යෑමට සමත් නොවූ ඔවුන්ගෙන් එක් තැනැත්තියක් වෙත පද රචකයාගේ ඇස නතර වේ. එවිට රචක හිමි දකිනුයේ තැන්මං හන්දියක නතර වී සිටින සාස්තර කියන ගැහැනියකි. අප මෙන් නොව, ඇය යන අත තීරණය කරගැනීමට නොහැකිව ‘හෝ දහය විස්ස තිහ ගැන ගැන’ සිටී. අප නම් කිසිදු තාවරවීමකින් තොරව යා යුතු අත තීරණය කළ තැනැත්තෝ වෙමු. ධනවාදය යෝජනා කළ ඒ මාවත අපට තරම් ඉක්මනින් තෝරාගැනීමට ඔවුහු අසමත් වූහ.  ‘ඔවුන් සහ අප’ යන ද්විභේදනය (binary) අපගේ විචාරයේදී අප සිතාමතා භාවිතකරන උපක‍්‍රමයකි. මේ ගීතය අපට ඒ ද්විභේදනය මතුකර පෙන්වයි. අපගේම ජාතික රාජ්‍යයට අයත් නිශ්චිත භූමියෙහි ජීවත්වුවද ‘ඔවුන්...

‘සූස්ති’ ජිවිතයේ out of focus රූපයක්!

Image
අසමත් රාජ්‍යයක out of focus  ජීවිතයක්’. ඒ තේමා පාඨය රැුගෙන සිනමාහල්වල ප‍්‍රදර්ශනය වූ කුෂාන් වීරරත්නගේ ‘සූස්ති‘ චිත‍්‍රපටය සම්බන්ධ කතාබහ කරන්න අපි කල්පනා කරන්නෙ වත්මන් තාරුණ්‍යයේ පීඩාව සම්බන්ධ  සාකච්ඡා කරන්න උත්සාහ කිරීම නිසයි. කළණ ගුණසේකරගෙ පිටපතක ඔහුම ‘මාලක’ නමැති ප‍්‍රධාන චරිතයක් නිරූපණය කරන මෙම චිත‍්‍රපටයේ ඇත්තටම ප‍්‍රධාන චරිතය ලෙස සැළකිය හැකිවන්නේ සමනලී ෆොන්සේකා නිරූපණය කරන ‘සූසා‘ ගේ චරිතයයි.  මේ චිත‍්‍රපටයෙ කතා පුවත කෙටියෙන් කිවහොත්, අපේ සාකච්ඡුාවට පහසුවක් වේවි. ‘සූසා’ මධ්‍යම පන්තික පවුලක එකම දියණිය. මව්පියන්ගෙ ඉලක්කයන් වෙනුවෙන් අපහරණයවීම ඇගේ පීඩාවයි. අකැමැති කෙනෙකු හා විවාහ වීමට බල කෙරුණු තත්වය යටතේ සූසා සියදිවි නසාගන්න සූදානම් වෙනවා. ඇය උස් ගොඩනැගිල්ලකින් පහළට පැනීමට සිතමින් විපිළිසර වෙමින් සිටියදී ‘මාලක‘ එතැන පෙනී සිටිනවා. ඔහු කියන්නෙ ”කොච්චර හිත හදාගත්තත් අන්තිම තප්පරේදි හිත ගැස්සෙනව. ඒත් තනියම බැරි උනත් දෙන්නෙක් එකතු උනොත් පුළුවන්. සතියක් ගිහිල්ල මෙතැනට ඇවිල්ලා මැරෙමු” කියලා. ඉන්පස්සෙ ඔවුන් හිතවත් වෙනවා. මිතුරන් ලෙස ලංකාවේ කල්පිත සංචාරයක යෙදෙමින් අත්කර ගන්නා අත්...

යටත්වීම වෙනුවට...

Image
  අත් ඔසවා යටත්වීම හැර විකල්පයක් නැති වන්නේ අක‍්‍රිය මිනිසුන්ටය.   අපේ සමාජයට වසංගත නැතිවාට උපද්‍රව නම් බොහෝ තිබිණි. දැන් මේ වසංගතයද අප යටත් කිරීමේ දිශාවට ගමන් කරමින් තිබේ. දෙපයින් නැගී සිටි කාලයේ සිට මානව ශිෂ්ටාචාරයේ මුලූ ඉතිහාසය පුරාම මිනිසුන් එවැනි උපද්‍රවවලදී යටත් වූයේ නැත. දිවි දෙවැනි කොට ක‍්‍රියාත්මක වී මනුෂ්‍යත්වයට එරෙහි සියලූ උපද්‍රව පරාජය කළේ යටත්වීම වෙනුවට ක‍්‍රියාත්මක වීම තෝරාගත් මිනිසුන්මය. පුද්ගලයන් ලෙසත් සාමුහිකවත් මනුෂ්‍යත්වය අභිබවා යන සතුරු බලයන් පරාජය කිරීම, මිනිස් වර්ගයාගේ අභිමානවත් අපරාජිත ගමනේ රහස විය. පරාජිත මිනිසුන් ලෙස අපව පෙලන්නට අවශ්‍ය වන්නේ, ඒ සඳහා සැලසුම් සකස් කරන්නේ නියෝග, අණ පනත් නීති සම්පාදනය කරන්නේ දුෂ්ට පාලකයන්ය. හිස ඔසවා ඉදිරියට යන, මනස යොදවා විමසන, ගතින් සිතින් වෙහෙසව ජීවත්වන මිනිස් සමූහයකට, ඒ අපරාජිත මනුෂ්‍යත්වයට මුහුණ දෙන්නට අසමත් පාලකයන් වහා වහා සූදානම් වන්නේ බලහත්කාරයෙන් මිනිසුන් යටත් කරවා සිය පාලනය මුලූ වෙර යොදා ආරක්ෂා කරගැනීමට මිස උපද්‍රවයෙන් ගැලවිය හැකි ලෙස ජන සමූහයා ඔසවා තැබීමට නම් නොවේ. පාලකයන්ගේ සූත‍්‍රය වන්නේ එක් ආකාරයකින් නොහැ...

විඩාපත් මිනිස් හදගැස්ම කවියට නැඟීම ‘ඒක ඓන්ද්‍රජාලික ඉසව්වක්’

Image
රෝහණ පොතුලියද්ද කවියාගේ ‘අහස හැඩි වී ඇත’ කෘතිය පළ වූයේ 2009 සැප්තැම්බරයේදීය. ඒ වනාහී උතුරේ දෙමළ සන්නද්ධ අරගලය මර්දනය කිරීමත් ඒහිදී ඇති වූ බිහිසුණු යුද්ධය අවසන් කිරීමෙන් පසුව දක්නට ලැබුණු සමාජ යථාර්ථයේ ප‍්‍රකාශනයකි. පරාජිතයා වුවද මිනිසකු ලෙස සැලකීමේ ඉතිහාසයක් මකා දමා  වියරු ම්ලේච්ඡු ජයග‍්‍රාහී ඝෝෂාවක් සමාජය තුළ දක්නට ලැබුණි. මිනිසකු මිය යාමෙන් මරණය නිසා ශෝකය පළකරන කම්පාවන මනුෂ්‍යත්වය සහිතව ගම්වල පැවති සංස්කෘතිය යුද සමයෙන් පසුව අතුරුදන්වී තිබුණි.  යුද සමයේ මනුෂ්‍යත්වය මුහුණ දුන් ඛේදවාචකය කොතරම්ද කිවහොත් පීඩිත ජනයාගේ විමුක්තිය වෙනුවෙන් පෙනී සිටීම වෙනුවට සොල්දාදුවන්ට මානෙල් පැලඳවීමෙන් හා බර අවි ප‍්‍රහාර ඉල්ලා සිටින තත්වයක් වාම දේශපාලනය තුළ දක්නට ලැබිණි. මේ මහා ඛේදවාචී ප‍්‍රවාහය තුළ පවා එයට එරෙහි, ඒ පරිහානිය විනිවිද දකින, දේශපාලන මතවාද, මනුෂ්‍ය  හැ`ගීම් දැල්වෙමින් තිබිණි. නිර්මාණකරුවෝ අතළොස්සක් වුවද ඒ මහා විනාශය හමුවේ කම්පනය ප‍්‍රකාශයට පත්කරමින් සිටියහ. වසර 30ක් ඇදී ගිය යුද්ධයෙන් පසුව, මනුෂ්‍යත්වය මුහුණ දුන් ඛේදවාචකය විසින් බිහි කළ මනුෂ්‍යත්වය සම්බන්ධ පරිහානිය, දේශපාලන ශුන්‍යත...

මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ අමතකකර දැමීම ජීවන විලාසිතාවක් වූ යුගයක, 'පාංශු'

Image
චරිත, හොඳ හෝ නරක බොඳවී ගොස් සංකිර්ණ වී ඇත්තේ පැතලි චරිත වෙනුවට සංකිර්න චරිත නිමවීමේ ව්‍යාකරණයක් නිසා නොවේ. අපක්ෂපාතිත්තය නැමැති අත්‍යවශ්‍ය සංරචකය කෘතිය පුරා හසුරවන්නටය. ප‍්‍රචාණ්ඩත්වය අනිශ්පර්ශවීය වූ විට, හොඳම මතවාදී සංරචකය අපක්ෂපාත්වය වන අතර හොඳම භාෂාව ඹභ භාෂාවයි. සමහර විට ඉතිහාසය කරකැවෙන්නේ දුෂ්ඨ රාජ්‍යයන් හා දුෂ්ඨ මිලිටරි දේශපාලන කණ්ඩයම්වලින් මුත්, ඒ ගැන යුක්ති සහගතම වාර්තා තැනිය හැක්කේ ඹභ භාෂාවෙන් පමණි. නමුත් එමගින් මේ ති‍්‍රත්වයම එකිනෙක මත පරායත්ත බව අපේ අවධානයෙන් මැකී යයි.”  -ප‍්‍රචණ්ඩත්වය නොකියන නපුරක් ලෙස - ‘ස්මරණ සමාප්ති’ සිනමා විචාර එකතුව, 32 පිටුව සත්‍යජිත් මාඉටිපේ සිනමාවේදියාගේ ප‍්‍රථම චිත‍්‍රපටය වූ ‘ස්මරණ සමාප්ති’ ටෙලි චිත‍්‍රපටය අරභයා කලකට ඉහත දක්වා තිබු උක්ත අදහස යළි උපුටා ගනු ලැබූවේ විසාකේස චන්ද්‍රසේකරම්ගේ නවතම සිනමා නිර්මාණය වූ පාංශු චිත‍්‍රපටය විචාරය කර ගැනීමට එකී දීප්තිමත් අදහසින් යතුරක් සැපයෙන බැවිනි.  තිස්වසරකට වඩා පැරණි. ‘මීනීවලක් කැනීමට’ විසාකේසගේ කලාත්මක ලාලසාව පුබුදුකර ඇත්තේ, උතුරේ අතුරුදන්වූවන් පිළිබඳ ගැටලූව බව කෘතිය සිහි කල්පනාවෙන් නරඹන පේ‍්‍රක්ෂකයකු...