Posts

යා හැකි දුරින් නතර වෙමුද ඉන් ඔබ්බට යමුද? මිතුරු යෝජනාවක්....

Image
ශමීර රංගන නාඔටුන්න අධ්‍යක්ෂණය කළ ප‍්‍රථම සිනමා කෘතිය වන ‘මෝටර් බයිසිකල්’ චිත‍්‍රපටය මේ වනවිටත් මුල්පෙළ සිනමාහල් වලින් ඉවත්වී ගිහින්. නමුත් එය ලංකාවේ සමකාලීන තාරුණ්‍යය ගැනත්, නාගරික පහළ පංතියේ ජීවිත ගැනත්, කලාවේ ඥානන පාර්ශවය ගැනත් සංවාදයක් ඇතිවී තිබෙන නිසා මෙවර ‘රළ‘ තුළින් ඒ ගැන කතා කරන්න අපි තීරණය කළා. අපි උත්සාහ කරන්නේ නළු නිළියන්ගේ රඟපෑම් මෙහෙමයි, සංගීතය මෙහෙමයි, කැමරා හැසිරවීම මෙහෙමයි ආකාරයේ සම්ප‍්‍රදායික සිනමා විචාරයක් කරන්න නෙවෙයි. මෙහිදී අපේ අවධානය යොමු වෙන්නේ විශේෂයෙන් මෝටර් බයිසිකල් චිත‍්‍රපටයේ දෘෂ්ටිමය පාර්ශවය ගැන.     නමුත් අපි මුලින් සිනමාත්මක පාර්ශවයෙන් ‘මෝටර් බයිසිකල්’ චිත‍්‍රපටයේ ඇති විශේෂත්වය පිළිබඳ කෙටියෙන් අදහසක් නිර්මාණය කර ගමු. සිනමාව එහි ආරම්භයේ සිටම පැන නැගුනේ සමාජමය සිදුවීම්, විශාල පසුතල, භුමි දර්ශන ආදියත් සමග. කෙටියෙන් කියන්නේනම් එයට පදනම් වුනේ විෂය ලෝකය. සිනමා කැමරාවකින් ගත් ප‍්‍රථම දර්ශනය කර්මාන්ත ශාලාවකින් වැඩ ඇරී එන කම්කරුවන්ගේ දර්ශනයක් වීමේ සිට ‘ඔයැ ඨරු්එ ඔර්සබ ඍදඉඉැරහ‘ වැනි මුල් කාලීන චිත‍්‍රපට ධනවාදයේ සමාජමය ස්වභාවය සමග සිනමාවට ඇති සම්බන්...

බෙනඩික්ගේ කවිය සහ විචාරය එපා කියන ඝෝෂාව

Image
නාගොල්ලාගොඩ ධර්මසිරි බෙනඩික්ගේ ‘මයෙ අම්මෙ යමු යංඩ‘ කවි පොත සැප්තැම්බර් 15වැනිදා එළි දැක්වුවා. එහිදී පක්ෂයටද දේශනයක් සඳහා ආරාධනා ලැබී තිබුනා. එම පොත් එළිදැක්වීමේදී පක්ෂයේ නියෝජිතයා කවිය සහ දේශපාලනය පිළිබඳව දැක්වූ අදහස් මේ දිනවල ආන්දෝලනයකට ලක්වී තිබෙනවා. ඒ අදහස් කතා කිරීමට පෙර බෙනඩික්ගේ කවිය ගැන දැක්වූ විවේචනාත්මක අදහස කෙටියෙන් පැහැදිලි කරගත යුතුයි.     ඔහුගේ කවියේ අන්තර්ගතය බෙහෙවින් පදනම් වී තිබෙන්නේ පීඩිතයාගේ වේදනාව මත. බෙනඩික් ලියු කවි වල ඔහු උත්සාහ කරන ප‍්‍රධාන සමාජමය ව්‍යාපෘති තුනක් පිළිබඳව අපේ විචාරය යොමු වුනා. ඔහුගේ කවියේ සමාජමය අරමුණු අතර ප‍්‍රධාන වන්නේ, 1. පීඩිතයාගේ වේදනාව ප‍්‍රතිනිර්මාණය කර එය රසිකයා වෙත ගෙනයාම 2. මානසික ශ‍්‍රමය අධි නිශ්චය වූ සමාජයක කවිය හරහා කායික ශ‍්‍රමයට හිමි වටිනාකම හිමි කර දීම 3. සිය කවිය හරහා මානව දයාව සමාජගත කිරීම     නමුත් බෙනඩික්ගේ කවියේ දේශපාලන අන්තර්ගතයේත් කාව්‍යමය ආකෘතියේත් පවතින සීමාවන් නිසා මේ සමාජ අරමුණු ඉටු කරන ව්‍යාපෘතිය වෙනුවට එම අරමුණු වලට එරෙහි ව්‍යාපෘතියත් සමග ඔහුගේ කවි පෙළ ගැසෙන්නට ඉඩ තිබෙන බවයි අපේ අදහ...

Second Hand ජීවිත ගැන Broadband විවරණයක්

Image
අතොල් ෆොගාඞ් නම් දකුණු අපි‍්‍රකානු  නාට්‍යකරුවාගේ නාට්‍යාවලිය සැලකීමේදී ඔහුගේ මුල්කාලීන Master Harold and the Boy's සහ Swizwe Bannsi is Dead (මේ නාට්‍ය දෙකම බුද්ධික දමයන්ත නාට්‍යවේදියා විසින් ‘මාස්ටර් හැරල්ඞ් සහ බන්සි මැරිලා’ නමින් ලංකාවේ වේදිකාවට ගෙනාවා) වැනි නාට්‍යවලදී ප‍්‍රබල ලෙස දක්නට ලැබුණු ‘කළු ජාතික පාරභෞතිකයන්’ ප‍්‍රතිනිෂ්පාදනය කිරීම වෙනුවට, ඔහුගේ පසුකාලීන නාට්‍යවලදී දක්නට ලැබෙන්නේ, කළු ජාතික විමුක්ති ව්‍යාපාරය දෙසට හෙළන වඩා සූක්ෂම විචාරශීලී බැල්මකි. සුදු ජාතිකයන් විසින් නෙල්සන් මැන්ඩෙලා ‘රොබන්’ දූපතේ සිරකරගෙන සිටි අවධිය පාදක කරගෙන රචනා වූ The Island නාට්‍යය විසින් ද මැන්ඩෙලාගේ  දේශපාලනයේ සිමාව කලාත්මකව විවරණය කරන ලද්දේ වුවද, ‘කළු ජාතික අනන්‍යතාවය’ රැුඩිකල් දේශපාලන මූලයන් ලෙස ගැනීමේ ෆොගාඞ්ගේ පැරණි සම්ප‍්‍රදායම ඉදිරියට ගෙනයන්නක් විය. කෙසේ වුවද, පසුගිය යෞවන නාට්‍ය උළෙලට, ෆොගාඞ්ගේ Hello and Good Bye නාට්‍යය ඇසුරින් ‘සනත් කරුණාරත්න’ නාට්‍යවේදියා විසින් නිෂ්පාදනය කොට  ඉදිරිපත් කළ Second Hand ජීවිත’ නාට්‍ය ඇසුරින් ‘ෆොගාඞ්’ පිළිබඳ කතිකාව අලූත් වූ බවයි අපේ අදහ...

රඟරසියා සොයා යාම

Image
මෙවර අපේ විචාරක ඇස යොමු වන්නේ 19වන සියවසේ ජීවත්වූ ඉන්දීය චිත‍්‍ර ශිල්පියෙකුවූ රාජා රවී වර්මා නම් කලාකරුවාගේ ජීවිතය අළලා නිර්මාණය වූ රඟරසියා චිත‍්‍රපටයටයි. ලෝකය  වෙනස්  කරන්නේ  මිනිසුන්ය.. ලෝකය  වෙනස්  කිරීමේ  ඝානය අත් පත්  කරගත්  මිනිසුන්    එය  විකාශනය  කිරීමෙහිලා  ලෝකය  වෙනස්  කිරීමේ  දේශපාලනය නිර්මාණය වන්නේය. සිත්තරුවා, රඟරසියා සිනමා  කෘතිය  ලෝකය  වෙනස්  කිරීමේ ඝානය අත් පත්  කර  ගැනීමේ දේශපාලනය  සන්නිවේදනය  කරගැනීමෙහිලා  සමත්ය. එක් අතකට  ගලන  මේ  ක‍්‍රමය  තුල  උඩුගම්  බලා  යන  පළමු මොහොත  එකී  පළමු  පුහුණුව  ලෝකය  කිසි  සේත් භාර  ගන්නේ  නැත . එය  විකුර්තියක්  පිස්සුවක්  බවට  පත්  වේ.  මේ  සංවාදය  ගොනු වන්නේ  නිර්මාණයට  පාදක  වූ  ඉන්දියාවේ  එකී  මොහොතේ  සමාජ  වටපිටාව  දේශපාලනය  විග‍්‍ර...

සඳගිර පාමුල සිට දයලෙක්තිකය දෙස බැලීම

Image
මේ දිනවල අප පක්ෂය තුළ දාර්ශනික ප‍්‍රශ්න වලට අදාළ දේවල් පිලිබඳ සංවාදයක සහ අධ්‍යනයක නිරතව සිටිනවා. ඒ අතර සිංහල භාෂාවෙන් නිර්මිත කවිය තුළ සුවිශේෂී සලකුණක් සනිටුහන් කළ රත්නශ‍්‍රී විජේසිංහ ‘ සඳගිර පාමුල‘ නමින් කවි පොතක් එලි දක්වා තිබෙනවා. මේ කවි පොත මුල සිට අගටම එකම කවියක් අඩංගු කර ගන්නා ආඛ්‍යාන කාව්‍යයක් හෙවත් කාව්‍යමය ආඛ්‍යානයක්. සාමාන්‍යයෙන් කාව්‍යමය ආඛ්‍යානයක් අන්තර්ගත කර ගන්නේ තනි කෙනෙකුගේ ජීවිතයේ අත්දැකීම් හෝ එසේත් නැතිනම් යම් කෙනෙකුගේ වීර චාරිකාවක්. සඳගිර පාමුල කෘතිය අන්තර්ගත කරගන්නේ ‘කිඳුරී‘ ලෙස හඳුන්වන ස්ත‍්‍රියකගේ ජීවන අන්දරය. කෙසේ වෙතත් අප මේ උත්සාහ කරන්නේ මේ ආඛ්‍යාන කාව්‍යය හරහා දයලෙක්තිකය පිලිබඳ අධ්‍යනයකට පිවිසෙන්න. ඒ කියන්නේ මේ කාව්‍ය විචාරයක්ම නෙවෙයි, ඒ වගේම නෙවෙයිත් නෙවෙයි. තවත් අරමුණ ගැන පිටුවේ ඉඩ නාස්ති නොකර අපි ප‍්‍රස්තුත මාතෘකාවට එළඹෙමු. දයලෙක්තිකය දයලෙක්තිකය සම්බන්ධ දාර්ශනික ඉදිරිපත් කිරීමේ සාකච්ඡුා කළ යුතු සංකීර්ණ පති කිහිපයක් තිබෙනවා. නමුත් දයලෙක්තිකය පිලිබඳ සංකල්පයේ ප‍්‍රධානතම පදනම වන්නේ එය යම් දෙයක පරස්පරතා එය තුළ එකට පවතිමින් කරන අරගලය එහි චලිතයට හේතු වන ආකාර...

ගුණදාස කපුගේ ඔහුගේ සීමාව සහ සමාජයේ සීමාව

Image
‘මාරියාවේ - යථාර්ථවාදී කපුගේ සොයා’ යන තේමාවෙන් ඒකාබද්ධ ගුරුසේවා සංගමය විසින් සංවිධානය කෙරුනු රසවින්දන සන්ධ්‍යාවක් 2016 ජූනි මස 21 වැනිදා සවස නුවරඑළිය නගරශාලාවේදී පැවැත්විණි. එම අවස්ථාවේ පළ කෙරුණු සමරු කලාපයේ පළ කෙරුනු විශේෂ ලිපියක් එහි විශේෂත්වය සලකා මෙවර ‘රළ’ කලාපයෙන් පාඨක ඔබ වෙත සමීප කරමු. ගුණදාස කපුගේ දේශපාලන අදහස් රැුගත් ගීතය ලංකාව තුළ ජනප‍්‍රිය කිරීමේ පුරෝගාමියෙකි. ඔහුගේ සුවිශේෂී කටහඬද ඔහුගේ සංගීතයද ඔහු තෝරාගත් ගීත රචනා වල විශේෂ ස්වභාවයද විසින් කපුගේ ලංකාවේ ගීතයේ ඉතිහාසයේ නොමැකෙන මං සලකුණක් බවට විවාදයක් නැත. ඔහු ඒ බොහෝ පැතිවල විශිෂ්ටයෙකි. රජරට හේන් ගොවියෙකුගේ වියලි, ගැඹුරු සහ ජනප‍්‍රිය අර්ථයෙන් ‘මෘදු නොවන‘ ඔහුගේ කටහඬ මෙන්ම ඔහු විසින් අනුයනු ලැබූ හැම විටම ශ‍්‍රැතියෙන් හික්මවනු නොලැබූ ශ‍්‍රැතියෙන් පිට ගයනාව පොලා පැනීමේ ලක්ෂණයද විසින් කපුගේ එක්තරා අන්දමකට ජන ගායකයෙකුගේ ස්වභාවය හිමි කර ගත්තේය. කටහඬ මෙන්ම ගායන විලාශයද සංගීතයේ සම්මත ශික්ෂිත සීමාවෙන් ඔබ්බට ගෙන යාම නිසාම කපුගේ වඩාත් හිමිකම් කීවේ සම්භාව්‍ය සංගීතයට වඩා ජන සංගීතයේ, ජනප‍්‍රිය සංගීතයේ සහ සම්භාව්‍ය සංගීතයේ මුහුම්කරණයක් වූ ...

සුළඟ ගිණි අරන් - මරණය පිළිබඳ අසම්පූර්ණ කියවීමක්!

Image
විමුක්ති ජයසුන්දර සිනමාකරුවා සිය පස්වන සිනමා කෘතිය ලෙස නිර්මාණය කළ ‘සුළඟ ගිණි අරන්‘ කෘතිය පසුගිය දිනවල සීමිත දර්ශන වාර සංඛ්‍යාවක් සඳහා සිනමාහල්වලට නිකුත් විය. ඔහු කෘතීන් පහක් නිර්මාණය කර ඇතත් ලංකාවේ පේ‍්‍රක්ෂකයන් තවමත් දැක ඇත්තේ චිත‍්‍රපට දෙකක් පමණි. ඒ ඔහුගේ පළමු කෘතිය වන ‘සුළඟ එනු පිණිස‘ සහ මෙය පමණි. ‘සුළඟ ගිණි අරන්‘ නැරඹිය හැකි වුයේද ඉතා සීමිත පිරිසකටය. එය සිනමාහල්වලට නිකුත් වූයේ අනෙකුත් ඒවා අතර මැද ඇති දර්ශනවාර කිහිපයක් සඳහා පමණි. එසේ නැතිනම් මෙය නැරඹීමට තවත් වසර ගණනාවක් බලා සිටීමට අපට සිදුවනු ඇත. මේ ආකාරයට චිත‍්‍රපට ප‍්‍රදර්ශනය කරන විට එය නැරඹිය හැකි වන්නේ ඉතා සීමිත පිරිසකට පමණි. ලංකාවේ සිනමාවේ මෙම අර්බුදය වෙනම කතා කළ යුතුය. කෙසේ වෙතත් අපි දැන් විමුක්තිගේ ‘සුළඟ ගිණි අරන්‘ වෙත හැරෙමු. ‘සුළඟ ගිණි අරන්‘ චිත‍්‍රපටයේ ප‍්‍රධාන තේමාව මරණයයි. චිත‍්‍රපටයේ ප‍්‍රධාන චරිත දෙක වෛද්‍යවරයෙකු සහ බෞද්ධ භික්ෂුවකි. වෛද්‍යවරයා සාමාන්‍ය වෛද්‍ය වෘත්තීය ආචාරධර්ම කඩ කරන වකුගඩු ජාවාරමකට සම්බන්ධ අයෙකි. ඔහු දුප්පතුන් ආර්ථික හේතු මත විකුණන වකුගඩු අතරමැදියෙක් හරහා ලබාගෙන විශාල ලාභයක් තබාගෙන මුදල් ගෙවන රෝගී...