Posts

සඳගිර පාමුල සිට දයලෙක්තිකය දෙස බැලීම

Image
මේ දිනවල අප පක්ෂය තුළ දාර්ශනික ප‍්‍රශ්න වලට අදාළ දේවල් පිලිබඳ සංවාදයක සහ අධ්‍යනයක නිරතව සිටිනවා. ඒ අතර සිංහල භාෂාවෙන් නිර්මිත කවිය තුළ සුවිශේෂී සලකුණක් සනිටුහන් කළ රත්නශ‍්‍රී විජේසිංහ ‘ සඳගිර පාමුල‘ නමින් කවි පොතක් එලි දක්වා තිබෙනවා. මේ කවි පොත මුල සිට අගටම එකම කවියක් අඩංගු කර ගන්නා ආඛ්‍යාන කාව්‍යයක් හෙවත් කාව්‍යමය ආඛ්‍යානයක්. සාමාන්‍යයෙන් කාව්‍යමය ආඛ්‍යානයක් අන්තර්ගත කර ගන්නේ තනි කෙනෙකුගේ ජීවිතයේ අත්දැකීම් හෝ එසේත් නැතිනම් යම් කෙනෙකුගේ වීර චාරිකාවක්. සඳගිර පාමුල කෘතිය අන්තර්ගත කරගන්නේ ‘කිඳුරී‘ ලෙස හඳුන්වන ස්ත‍්‍රියකගේ ජීවන අන්දරය. කෙසේ වෙතත් අප මේ උත්සාහ කරන්නේ මේ ආඛ්‍යාන කාව්‍යය හරහා දයලෙක්තිකය පිලිබඳ අධ්‍යනයකට පිවිසෙන්න. ඒ කියන්නේ මේ කාව්‍ය විචාරයක්ම නෙවෙයි, ඒ වගේම නෙවෙයිත් නෙවෙයි. තවත් අරමුණ ගැන පිටුවේ ඉඩ නාස්ති නොකර අපි ප‍්‍රස්තුත මාතෘකාවට එළඹෙමු. දයලෙක්තිකය දයලෙක්තිකය සම්බන්ධ දාර්ශනික ඉදිරිපත් කිරීමේ සාකච්ඡුා කළ යුතු සංකීර්ණ පති කිහිපයක් තිබෙනවා. නමුත් දයලෙක්තිකය පිලිබඳ සංකල්පයේ ප‍්‍රධානතම පදනම වන්නේ එය යම් දෙයක පරස්පරතා එය තුළ එකට පවතිමින් කරන අරගලය එහි චලිතයට හේතු වන ආකාර...

ගුණදාස කපුගේ ඔහුගේ සීමාව සහ සමාජයේ සීමාව

Image
‘මාරියාවේ - යථාර්ථවාදී කපුගේ සොයා’ යන තේමාවෙන් ඒකාබද්ධ ගුරුසේවා සංගමය විසින් සංවිධානය කෙරුනු රසවින්දන සන්ධ්‍යාවක් 2016 ජූනි මස 21 වැනිදා සවස නුවරඑළිය නගරශාලාවේදී පැවැත්විණි. එම අවස්ථාවේ පළ කෙරුණු සමරු කලාපයේ පළ කෙරුනු විශේෂ ලිපියක් එහි විශේෂත්වය සලකා මෙවර ‘රළ’ කලාපයෙන් පාඨක ඔබ වෙත සමීප කරමු. ගුණදාස කපුගේ දේශපාලන අදහස් රැුගත් ගීතය ලංකාව තුළ ජනප‍්‍රිය කිරීමේ පුරෝගාමියෙකි. ඔහුගේ සුවිශේෂී කටහඬද ඔහුගේ සංගීතයද ඔහු තෝරාගත් ගීත රචනා වල විශේෂ ස්වභාවයද විසින් කපුගේ ලංකාවේ ගීතයේ ඉතිහාසයේ නොමැකෙන මං සලකුණක් බවට විවාදයක් නැත. ඔහු ඒ බොහෝ පැතිවල විශිෂ්ටයෙකි. රජරට හේන් ගොවියෙකුගේ වියලි, ගැඹුරු සහ ජනප‍්‍රිය අර්ථයෙන් ‘මෘදු නොවන‘ ඔහුගේ කටහඬ මෙන්ම ඔහු විසින් අනුයනු ලැබූ හැම විටම ශ‍්‍රැතියෙන් හික්මවනු නොලැබූ ශ‍්‍රැතියෙන් පිට ගයනාව පොලා පැනීමේ ලක්ෂණයද විසින් කපුගේ එක්තරා අන්දමකට ජන ගායකයෙකුගේ ස්වභාවය හිමි කර ගත්තේය. කටහඬ මෙන්ම ගායන විලාශයද සංගීතයේ සම්මත ශික්ෂිත සීමාවෙන් ඔබ්බට ගෙන යාම නිසාම කපුගේ වඩාත් හිමිකම් කීවේ සම්භාව්‍ය සංගීතයට වඩා ජන සංගීතයේ, ජනප‍්‍රිය සංගීතයේ සහ සම්භාව්‍ය සංගීතයේ මුහුම්කරණයක් වූ ...

සුළඟ ගිණි අරන් - මරණය පිළිබඳ අසම්පූර්ණ කියවීමක්!

Image
විමුක්ති ජයසුන්දර සිනමාකරුවා සිය පස්වන සිනමා කෘතිය ලෙස නිර්මාණය කළ ‘සුළඟ ගිණි අරන්‘ කෘතිය පසුගිය දිනවල සීමිත දර්ශන වාර සංඛ්‍යාවක් සඳහා සිනමාහල්වලට නිකුත් විය. ඔහු කෘතීන් පහක් නිර්මාණය කර ඇතත් ලංකාවේ පේ‍්‍රක්ෂකයන් තවමත් දැක ඇත්තේ චිත‍්‍රපට දෙකක් පමණි. ඒ ඔහුගේ පළමු කෘතිය වන ‘සුළඟ එනු පිණිස‘ සහ මෙය පමණි. ‘සුළඟ ගිණි අරන්‘ නැරඹිය හැකි වුයේද ඉතා සීමිත පිරිසකටය. එය සිනමාහල්වලට නිකුත් වූයේ අනෙකුත් ඒවා අතර මැද ඇති දර්ශනවාර කිහිපයක් සඳහා පමණි. එසේ නැතිනම් මෙය නැරඹීමට තවත් වසර ගණනාවක් බලා සිටීමට අපට සිදුවනු ඇත. මේ ආකාරයට චිත‍්‍රපට ප‍්‍රදර්ශනය කරන විට එය නැරඹිය හැකි වන්නේ ඉතා සීමිත පිරිසකට පමණි. ලංකාවේ සිනමාවේ මෙම අර්බුදය වෙනම කතා කළ යුතුය. කෙසේ වෙතත් අපි දැන් විමුක්තිගේ ‘සුළඟ ගිණි අරන්‘ වෙත හැරෙමු. ‘සුළඟ ගිණි අරන්‘ චිත‍්‍රපටයේ ප‍්‍රධාන තේමාව මරණයයි. චිත‍්‍රපටයේ ප‍්‍රධාන චරිත දෙක වෛද්‍යවරයෙකු සහ බෞද්ධ භික්ෂුවකි. වෛද්‍යවරයා සාමාන්‍ය වෛද්‍ය වෘත්තීය ආචාරධර්ම කඩ කරන වකුගඩු ජාවාරමකට සම්බන්ධ අයෙකි. ඔහු දුප්පතුන් ආර්ථික හේතු මත විකුණන වකුගඩු අතරමැදියෙක් හරහා ලබාගෙන විශාල ලාභයක් තබාගෙන මුදල් ගෙවන රෝගී...

‘ඇගේ ඇස අග’ - නැත, අපේ ඇස් අග!

Image
මේ දිනවල තිරගතවන අශෝක හඳගමගෙ චිත‍්‍රපටය, ‘ඇගේ ඇස අග’ - පැති ගණනාවක් තුළ සාක්ච්ඡුා කරන්න විචාරක ඇස යොමු කරන්න සමත් කෘතියක් ලෙස හඳුනාගන්න පුළුවන්. එක් පැත්තකින් ධනේශ්වර නීතියෙන් ඒකරාශි කර ඇති ගෘහස්ත ජීවිතවල මානව සම්බන්ධතා ගැටලූ පිළිබඳ සාකච්ඡුාවක් මේ චිත‍්‍රපටය තුළින් ආරම්භ කරන්න පුලූවන්. ඒක වර්තමාන සමාජය තුළ පවුලේ ඛේදවාචකය නිරූපිත තේමාවක් ලෙසත් විස්තර කළ හැකියාව කෙනෙකුට තියෙනවා. එසේම තව පැත්තකින් පියාගේ ආදරය රැුකවරණය ලබාගන්න නොහැකි වූ දැරියක් තරුණ වයසේදී සිය පියාගේ වයසේ කෙනෙකුගෙන් අහිමි වූ දේ සොයන්නට ගන්නා වෙහෙසක් ලෙස මනෝවිශ්ලේෂණාත්මක ප‍්‍රවේශයකින් සිනමා කෘතිය දෙස බලන්න පුළුවන්. ඒ වගේම වයස කියන සාධකය ආදරය වරනා මනුෂ්‍ය සබඳතාවකට බාධාවක් නොවන බව දක්වමින් මේ සිනමා කෘතිය ගැන කතා කරන්නත් කෙනෙකුට පුළුවන්. එහෙත් ‘වම’ පුවත්පත කියන්නේ නිර්ධනයාගේ දේශපාලන පක්ෂයේ මධ්‍යම පුවත්පත ලෙස සලකමින් ‘රළ’ අතිරේකයේ අපි උත්සාහ කරන්නේ ‘ඇගේ ඇස අඟ කෘතිය තුළ වෙනත් දේශපාලන කාරණා සාකච්ඡුාවට ලක් කිරීමටයි. එයින් අදහස් වන්නේ කලා කෘතියක් යම් න්‍යයාත්මක කෝවක් තුළ සාකච්ඡුා කළ යුතු බවට අවධාරණය කරන්න හෝ කලාකරුවාගේ නිර්මාණා...

‘හික්මවීම පිණිස මේ ද`ඩුවම ඉවසන්න’ කෘතිය පිළිබඳ කියැවීමක්

Image
මො.ල. සෙනෙවිරත්න සොයුරාගේ ‘හික්මවීම පිණිස මේ දඩුවම ඉවසන්න’ කවිපොත ගැන අදහස් දැක්වීමක් කිරීමට ටික කලක සිට ‘අදහස් කරගෙන සිටියද’ කෘතිය බිහිවන සන්දර්භය සහ කෘතිය විසින් මතු කරන සංකීර්ණතා විසින් එය දිනෙන් දින පස්සට දැමුණි. කෙසේ හෝ මෙවර රළ කලාපයෙහි ඒ පිළිබඳ අදහසක් දැක්වීමට අවස්ථාව සැලසුණි. මුලින්ම, කලින්ද කියූ පරිදි කෘතිය බිහිවන සන්දර්භය හා කෘතිය විසින් මතුකරන සංකීර්ණතා යන දෙඅංශයෙන්ම, ඒ පිළිබඳ කරන සාකච්ඡුාවකදී අවධානයට ලක් වියයුතු බව අපේ අදහසයි. අනෙක් අතින් පක්ෂයක් ලෙස අපම ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය තුළ සිදු කළ දේශපාලනය විසින් මතු වුණූ යම් යම් දේශපාලන අගතීන් පිළිබඳ ස්වයංවිවේචනාත්මක ආපසු හැරී බැලීමකින් තොරව මො.ල.ගේ කෘතිය විචාරය කිරීමට අපට අවම සදාචාරාත්මක අයිතියක්වත් ලැබෙන්නේ නැත. ඒ අර්ථයෙන් ‘මල්ල ඔබා බලනු වෙනුවට ලිහා බැලීමට‘ අප සූදානම් නම් ඒ සඳහා අවැසි සාකච්ඡුාවක් මතුකරගැනීමටද කෘතිය පාදක කරගත හැකිය. අනෙක් අතට ‘පීඩිත ජාතීන්ගේ අරගලය’ පිළිබඳ  දකුණේ වත්මන් ප‍්‍රවේශයන්ගේ සීමා මායිම් පිළිබඳ සාකච්ඡුාවක් වුවද කෘතිය හරහා අවැසි නම් අවුලවාගත හැකිය. අනෙක් අතට කලාව සම්බන්ධ ඉතාම මූලික ප‍්‍රවර්ගීක...

සිනහව අතරින් - Duplicate බුද්ධාගම වෙනුවට Original බුද්ධාගම

Image
සමාජ ප‍්‍රතිවිරෝධතා මගින් ආගම ප‍්‍රශ්න කරන හැම විටම, ආගම ස්වකීය පැවැත්ම යාවත්කාලීන කරගැනීමට යොදන ජනප‍්‍රිය උපක‍්‍රමයක් වෙයි. එනම්, ආගම, ශුද්ධ හා ව්‍යවහාරික ධරසටසබ්ක හා ෘමචකසජ්එැ, බුද්ධාගමේදී නම් වනවාසී හා ග‍්‍රාමවාසී, ක‍්‍රිස්තියානියේදී නම් රෙපරමාදු හා ප්‍රොතෙස්තන්ත‍්‍ර වශයෙන් තමාවම දෙකඩකර ගැනීමයි. මෙසේ ස්වකීය පැවැත්ම ප‍්‍රශ්න වන මොහොතේ තමාව දෙකඩ කර ගනිමින් ඉන් කෑල්ලක් බිල්ලට දී තම පැවැත්ම යාවත්කාලීන කර ගැනීම ආගමේ ඉතිහාසය පුරාවටම නිරීක්ෂණය කරගත හැකි දෙයක්. ආගමෙහි වලංගුභාවය, තාර්කිකභාවය ප‍්‍රශ්න වන හැම විටම ‘ඔය සැබෑ බුද්ධාගම නොවේ’ ‘ඔය සැබෑ දෙවියන් වහන්සේගේ ආගම නොවේ’ ආදී වශයෙන් තමාගෙම කොටසක් බිල්ලටදී ඇ`ග බේරා ගැනීම එහි සදාකාලික ස්වරූපයයි. මේ කාාරණාව මේ විදියට සංකල්පගත වුණේ මෑත කාලීනව බලපු චිත‍්‍රපටියක් හින්දයි. චිත‍්‍රපටිය මේ වන විටත් ලංකාවේ සිනමා ශාලා වල ප‍්‍රදර්ශනය වන, සනත් ගුණතිලකගේ සිනහව අතරින් චිත‍්‍රපටියයි. චිත‍්‍රපටය පිළිබඳ ගොඩ නංවා ඇති කතිකාව තුළ ‘මෙය ඔබේම ජීවිතයද?’ ආදී ප‍්‍රශ්න චිත‍්‍රපට අධ්‍යක්ෂවරයා වූ සනත් ගුණතිලකගෙන්, ලංකාවේ විචාර සමාජය නගා තිබුණු හැටි පහුගිය දවස්වල පුවත්...

තවමත් ඔබ අපේ සහෝදරයෙක්ද?

Image
  සහෝදරයා, වීදියේ සිටින විට  ඔබ කීවේ විප්ලවය ගැනයි මුඩුක්කුවේ ගෙවල්වලට යන විට ඔබ කීවේ විමුක්තිය ගැනයි ජනතාව අතර ඔබ සිටින විට දියේ සිටි මාළුවෙක් වගෙයි   මාක්ස් ලෙනින් මා ඕ ගැන ඔබ කතා කළා මතකයි සමාජවාදය කොමියුනිස්ට්වාදය ඔබේ වචන අතර තිබුණා ඒත් දැන් ඔබ පාර්ලිමේන්තුවේ අසුනක වීදියේ උන් කියන කිසිවක් ඔබට දැන් නෑසෙයි ඔබ ඔබේ දිව්‍යමය මැදුරේ මුඩුක්කුවල උන් ජීවතුන් අතරද? මැරිලද? බලන්න ඔබ නොපැමිණෙයි එත් සහෝදරයා මාලිගාවේ සිටින විට ජනතාව මුන නොගැසේ උන්ගේ දුක නම් නොදැනේ ඇත්තම කියනවාට තරහ ගන්නට නම් එපා ඔබ නම් එදා සිටි සහෝදරයා නොවේ අවසර දෙනවා නම් කෙලින්ම ප‍්‍රශ්නයට බහින්නම් සහෝදරයා තවමත් ඔබ අපේ සහෝදරයෙක්ද එහෙම නැත්නම් ඉතිරි වී තිබෙනවාද සියල්ලම සහෝදරකම හැර...?  (මෙම කවිය නේපාල ජාතික ලේඛකයකු හා මාඕවාදී බුද්ධිමතෙකු වන 'ඩිල් සාරා' විසින් ලියන ලද්දකි.  පරිවර්තනය- චන්දන සිරිමල්වත්ත)