‘හික්මවීම පිණිස මේ ද`ඩුවම ඉවසන්න’ කෘතිය පිළිබඳ කියැවීමක්
මො.ල. සෙනෙවිරත්න සොයුරාගේ ‘හික්මවීම පිණිස මේ දඩුවම ඉවසන්න’ කවිපොත ගැන අදහස් දැක්වීමක් කිරීමට ටික කලක සිට ‘අදහස් කරගෙන සිටියද’ කෘතිය බිහිවන සන්දර්භය සහ කෘතිය විසින් මතු කරන සංකීර්ණතා විසින් එය දිනෙන් දින පස්සට දැමුණි. කෙසේ හෝ මෙවර රළ කලාපයෙහි ඒ පිළිබඳ අදහසක් දැක්වීමට අවස්ථාව සැලසුණි.
මුලින්ම, කලින්ද කියූ පරිදි කෘතිය බිහිවන සන්දර්භය හා කෘතිය විසින් මතුකරන සංකීර්ණතා යන දෙඅංශයෙන්ම, ඒ පිළිබඳ කරන සාකච්ඡුාවකදී අවධානයට ලක් වියයුතු බව අපේ අදහසයි. අනෙක් අතින් පක්ෂයක් ලෙස අපම ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය තුළ සිදු කළ දේශපාලනය විසින් මතු වුණූ යම් යම් දේශපාලන අගතීන් පිළිබඳ ස්වයංවිවේචනාත්මක ආපසු හැරී බැලීමකින් තොරව මො.ල.ගේ කෘතිය විචාරය කිරීමට අපට අවම සදාචාරාත්මක අයිතියක්වත් ලැබෙන්නේ නැත. ඒ අර්ථයෙන් ‘මල්ල ඔබා බලනු වෙනුවට ලිහා බැලීමට‘ අප සූදානම් නම් ඒ සඳහා අවැසි සාකච්ඡුාවක් මතුකරගැනීමටද කෘතිය පාදක කරගත හැකිය.
අනෙක් අතට ‘පීඩිත ජාතීන්ගේ අරගලය’ පිළිබඳ දකුණේ වත්මන් ප‍්‍රවේශයන්ගේ සීමා මායිම් පිළිබඳ සාකච්ඡුාවක් වුවද කෘතිය හරහා අවැසි නම් අවුලවාගත හැකිය. අනෙක් අතට කලාව සම්බන්ධ ඉතාම මූලික ප‍්‍රවර්ගීකරණයක් වූ කලාවේ ආකෘතිය හා අන්තර්ගතය, දෘෂ්ටිවාදාත්මක පරස්පරතා පිළිබඳ සාකච්ඡුාවක් ද ඒ තුළින් අවුලවාගත හැකිය.
කෙසේ වුවද මෙවැනි නොයෙක් ප‍්‍රවේශයන්ට ඉඩ හසර තබා ගනිමින්ම අපි කෘතියට ප‍්‍රවේශ වෙමු.
මුලින්ම මො.ල.ගේ කෘතියේ විශිෂ්ට ලක්ෂණ පිළිබඳ සාකච්ඡුාවක් අවුලවා ගැනීමට පෙර කාව්‍ය පන්ති 67කින් සමන්විත වූ කෘතියේ දුර්වලතාවන් කිහිපයක් සාකච්ඡුා කිරීමට කැමැත්තෙමු. එහිදී ඔහුගේ කැපී පෙනෙන දුර්වලතාව ලෙස අප දකින ‘සිංහල කාව්‍යයේ හයිකු වන්දනය’ කෘතිය තුළින් උදාහරණ කොට පෙන්වනු කැමැත්තෙමු.
”මගේ
සිරගෙය
අඩි දහයකි
නුඹ
සිරකරුවෙකි
පර්චස් දහයක”
(14 පිටුව)
‘හිරගෙය හා කුටුම්භය දහයට දහය මිම්මට සමාන කර පෙන්වූ විට එතැනින් මහා කාව්‍යෝක්තියක් උපදිනවා යැයි සිතන සිංහල කාව්‍යයේ සාම්ප‍්‍රදායික චින්තනයේම මො.ල. සහෝදරයාද සිරවීම ඛේදවාචකයකි. නූතන සිංහල කාව්‍යයේ ‘හයිකු අධිවන්දනයක් ලෙස කිරුළු පැලඳ’ ඇත්තේ මේ සරල කාව්‍ය උපක‍්‍රමයයි. මෙසේ පසුගාමී කාව්‍යෝක්තියක් තුළ සිරගත වීම පිළිබඳ නිදර්ශන කිහිපයක්ම කෘතියේ ඇතත් තවත් එක් කවියක් පමණක් උදහරණයකට දක්වමු.
”මිනිස්සු
නිහ`ඩයි
පඹයෝ
වගේමයි”
(25 පිටුව)
එබැවින් මේ දෘෂ්ටිවාදාත්මක හයිකු වන්දනයට පිටින් ඔහුගේ සංකීර්ණතා හෙළිවනුයේ පොදුවේ දීර්ඝ පාද නිසඳැස් ලෙස ගොඩනැගෙන ඔහුගේ කාව්‍යයන්ගේය. එබැවින් අපගේ විචාරයේදී ඒ පිළිබදව අවධානය යොමු තරමු.
මො.ල. සහෝදරයා ස්වකීය ජීවිත-දේශපාලන අත්දැකීම් ගොනු කරන දීර්ඝ කාව්‍යයන්ගේ ඇතැම් පාද, ඔහුගේ කෙටි කවි ප‍්‍රවේශවලට වඩා පාඨකයාට සංවේදනය වනුයේ, එහිදී ඔහු ඊනියා කව්‍යෝක්තින් පිළිබඳ දෘෂ්ටිවාදයෙන් මිදී තථ්‍ය අත්දැක්ම සූක්ෂමව ගවේශනය කිරීමට යොදන ශ‍්‍රමය නිසාමය.
”පැහැරගෙන
නොයන්නට
ඒ රාත‍්‍රිය
කුමුදු මල් පිපෙනවා
සත්තයි”
(ඒ සා මුදුමොලොක් ආලය
1වැනි පිටුව)
ඔහුගේ ඇතැම් දීර්ඝ කාව්‍ය පාදයක 80 දසකයේ දේශපාලන සෞන්දර්යේ ආලෝකය ඉතා නූතන ආකාරයෙන් ලබාගෙන ඇති බවට ඔහුගේ ‘නුඹපතන, මා පැතුම්’ කවිය ඉදිරිපත් කළ හැකිය. 80 දසකයේ ලියැවුණ අජිත් සී.හේරත්ගේ කවියක් සමග මේ කව සංසන්දනය කර බලමු.
”එමෙන්ම
මල් කිනිත්තක් තබා
දිවි පි¥ සගයකුගෙ
සොහොන් කොත අභියස
දන නමන
මිතුරන් ගැන
ලියන්නට අවැසිමය.”
(මො.ල.සෙනෙවිරත්න
‘හික්මවීම පිණිස මේ ද`ඩුවම ඉවසන්න’ - පිටුව 15)
”අබිරහස් විරුවන්ගෙ
නිදිකුම්බා මල් පිපුණු
සොහොන් බිම් වෙත
ඇවිද ගෙනගොස්
සීරුවෙන් දණ නමා සිටින හැටි
කියාදුන්නේ නුඹයි”
(අතුරුදන් පන්හිඳ
අජිත් සී. හේරත්)
සිංහල බෞද්ධ රණකාමය හා ගෝලීය ප‍්‍රාග්ධනය එකට ඈඳුණ නවයුගය ස්වකීය කාව්‍යට හසුකර ගන්නා මො.ල.ගේ ‘කිලිනොච්චිය’ කවියත්, උතුරේ විමුක්ති අභිලාෂයන් දරා සිටින ඇතැම් ජාතිකවාදී හා ආගමික සම්ප‍්‍රදායන් උත්කර්ෂයට නගන ‘යාල්පානම් සොඳුර’ කවියත් පසුබිමේ අපේ යුගයේ වාමාංශික සංවාදයේ ප‍්‍රබල විවාදාත්මක ලක්ෂ්‍යයක් සනිටුහන් වී ඇත.
”බුදුනි
අබ ඇටයක් සොයන්න
නොමළ ගෙයක්
නොමළ මිනිසෙක් නැති
කිලිනොච්චි නගර මැද
සුදු හුනු ගෑ පන්සලකි
එහි පාමුල
බැඳ තොරණක්
තඩි සිහල අකුරින් ලියැවුණු
ඩිජිටල් පැතුමකි
‘බුදු සසුන බැබලේවා”
(කිලිනොච්චි 46 පිටුව)
”නළලත පිපුණු
රතු තිලකය
උදෑසන හිරු පැහැය
සිනාසෙන කිරි සුවඳ
මහා සම්ප‍්‍රදායක
නොකැළැල් ලකුණ
රකිනු ! රකිනු!!
හැපි හැපී වෙරළ රළ
හ`ඩ නගා කියයි නිතියෙන”
(යාල්පානම් සොඳුර 112 පිටුව)
පසුගාමී ආසියාතිික අගතින්ට එරෙහිව සටන් කිරීම හා පීඩිත ජාතියක් පීඩක ජාතියට එරෙහිව කරන ස්වකීය අරගලයේදී ‘ජාතිය, සංස්කෘතික, අනන්‍යතා හා සංකේත ඉටුකරන කාර්ය පිළිබඳ තවමත් නිම නොවූ විවාදයක් කෘතිය තුළ පොර බදයි.
කෙසේවුවද මො.ල. සහෝදරයාගේ ‘හික්මවීම පිණිස’ කෘතිය පිළිබඳ ප‍්‍රාමාණික නොවූ මේ විචාරය දේශපාලන ව්‍යාපාරයක් ලෙස අප අතර සංවාදයක් ගොඩ නගාගැනීමටද සමාජයීය කතිකාවන් කිහිපයක් පිළිබඳ හෘදය සංවේදී අවබෝධයක් ලබාගැනීම අරමුණු කොටගෙන ලියවෙන්නක්. එබැවින් එම කෘතිය සමාජයේ සක‍්‍රිය දේශපාලන ක‍්‍රියාධරයන්ගේ අවධානයට ලක්විය යුතු කෘතියක් ලෙස අපි විශ්වාස කරමු.
Comments
Post a Comment