සිනහව අතරින් - Duplicate බුද්ධාගම වෙනුවට Original බුද්ධාගම


සමාජ ප‍්‍රතිවිරෝධතා මගින් ආගම ප‍්‍රශ්න කරන හැම විටම, ආගම ස්වකීය පැවැත්ම යාවත්කාලීන කරගැනීමට යොදන ජනප‍්‍රිය උපක‍්‍රමයක් වෙයි. එනම්, ආගම, ශුද්ධ හා ව්‍යවහාරික ධරසටසබ්ක හා ෘමචකසජ්එැ, බුද්ධාගමේදී නම් වනවාසී හා ග‍්‍රාමවාසී, ක‍්‍රිස්තියානියේදී නම් රෙපරමාදු හා ප්‍රොතෙස්තන්ත‍්‍ර වශයෙන් තමාවම දෙකඩකර ගැනීමයි. මෙසේ ස්වකීය පැවැත්ම ප‍්‍රශ්න වන මොහොතේ තමාව දෙකඩ කර ගනිමින් ඉන් කෑල්ලක් බිල්ලට දී තම පැවැත්ම යාවත්කාලීන කර ගැනීම ආගමේ ඉතිහාසය පුරාවටම නිරීක්ෂණය කරගත හැකි දෙයක්. ආගමෙහි වලංගුභාවය, තාර්කිකභාවය ප‍්‍රශ්න වන හැම විටම ‘ඔය සැබෑ බුද්ධාගම නොවේ’ ‘ඔය සැබෑ දෙවියන් වහන්සේගේ ආගම නොවේ’ ආදී වශයෙන් තමාගෙම කොටසක් බිල්ලටදී ඇ`ග බේරා ගැනීම එහි සදාකාලික ස්වරූපයයි. මේ කාාරණාව මේ විදියට සංකල්පගත වුණේ මෑත කාලීනව බලපු චිත‍්‍රපටියක් හින්දයි. චිත‍්‍රපටිය මේ වන විටත් ලංකාවේ සිනමා ශාලා වල ප‍්‍රදර්ශනය වන, සනත් ගුණතිලකගේ සිනහව අතරින් චිත‍්‍රපටියයි.
චිත‍්‍රපටය පිළිබඳ ගොඩ නංවා ඇති කතිකාව තුළ ‘මෙය ඔබේම ජීවිතයද?’ ආදී ප‍්‍රශ්න චිත‍්‍රපට අධ්‍යක්ෂවරයා වූ සනත් ගුණතිලකගෙන්, ලංකාවේ විචාර සමාජය නගා තිබුණු හැටි පහුගිය දවස්වල පුවත්පත්වල හා ජනමාධ්‍යවල පළ කරල තිබුණු හැටි දැක්කම, චිත‍්‍රපටය යථාර්තය හා මිනිස් විෂය ගැඹුරින් ස්පර්ශ කරන්න ගත්ත උත්සාහයක්  කියල තමයි හිතුණෙ. හැබැයි චිත‍්‍රපටය නැරඹූ විට, යළි යළිත් එකම ආකාරයට ජන මනෝභාවය රැුවටීමට තරම් ප‍්‍රචාරක මායාව මොනතරම් බලවත්ද කියලා තේරෙන්න ගන්නවා. ප‍්‍රත්‍යාවර්තනයක්, ආපස්සට ගලායාමක් ලෙස ඇරඹෙන චිත‍්‍රපටයේ කතා පුවත දිගහැරෙනුයේ, විදේශයක සිට ආ තරුණියක් (ඇය ලාංකික සම්භවයක් සහිත අයෙක් බව හැ`ගවේ) එක්තරා ආරණ්‍යවාසී භික්ෂුවක් හමුවීමට පැමිණීම ම`ගිනි. පසුව එළිවන අන්දමට ඇය ඔහුගේම ගිහි ජීවිතයේ දියණියයි. ඇත්තටම චිත‍්‍රපටයට පේ‍්‍රක්ෂකයා ඇතුළු කර ගන්නේම මේ සම්බන්ධය කුමක්ද යන ප‍්‍රශ්නය ඔස්සේමයි.
චිත‍්‍රපටයේ අතීත කතා පුවතේදී, ලංකාවට පැමිණ සිටින රිචඞ් නම් විදෙස් මානව හිමිකම් ක‍්‍රියාකාරිකයා හා ඔහුගේ බිරිඳ වන කුමාරිට විමල් වික‍්‍රමසිංහව මුණගැසෙනුයේ නාගරික පන්සලකට ආධාර ලබාදීමට සංවිධානය වන උත්සවයකිනි. විමල් වික‍්‍රමසිංහ මේ පන්සලේ දායකයෙක් හා චිත‍්‍රපටයේ අධ්‍යක්ෂකවරයාට අනුව ‘ජනපි‍්‍රය අර්ථයකින් බෞද්ධයෙක් නොවන’ බෞද්ධයෙකි. හැබැයි චිත‍්‍රපටය අවසන් වන විටත්් අධ්‍යක්ෂකවරයාට නොතේරෙන දේ තමයි එහෙම ජනප‍්‍රිය නොවන සැබෑ බෞද්ධකම වගේ දේවල් හැමදාමත් පැවතුන දෘෂ්ටිවාදී ප‍්‍රබන්ධ මිස තත්‍ය දේවල් නොවන බව. කොටින්ම පන්සල යනු නාගරික මධ්‍යම පන්තියේ මර්දනය කරනු ලැබූ ලිංගික ආශාවේ ර`ගමඬල බව. චිත‍්‍රපටයේ කතාව අවසානයේ  එහි කථානායකයා වන විමල් වික‍්‍රමසිංහට ‘ගිහිගෙය හැර යාමට’ සිදුවනුයේත්, චිත‍්‍රපටයේ අධ්‍යක්ෂකවරයා වන සනත් ගුණතිලක පුවත්පත් සාකච්ඡුාවලදී ‘තමා ජීවිතයේ අන්තිම කාලයේ සමහර විට මහණ වෙයි’ වගේ දේවල් කියන්නේත් පන්සල හා ආගම පිළිබඳ මෙන්න මේ සත්‍ය අහුවෙලා නැති හින්දයි. එහෙමත් නැත්නම් ‘ආගම පිළිබඳ සත්‍යය’ උවමනාවෙන්ම ම`ග හරින හින්ද කියල හිතන්න පුලූවන්.
චිත‍්‍රපටියේ විමල් වික‍්‍රමසිංහගේ හා කුමාරිගේ සම්බන්ධය තීරණාත්මක තලයක පොලා පන්නනුයේ කුමාරිගේ කකුල පැටලිලා වැටෙන්න යන වෙලේ ඇය විමල්ගේ ඇ`ගට හේත්තු වීම වැනි ලාභ තැන්වලිනි. එහෙනම් අවස්ථාව විසින් සම්බන්ධය ගොඩනැගුවා යන්නට වඩා, සම්බන්ධය විසින් අවස්ථාව ගොඩනගා ගත්තා යන්න චිත‍්‍රපටයේ රූප රාමුවෙන් පැහැදිලිය. පන්සලට උදව් කරන්නට ආපු විදේශික ‘භඨධ කාරයට කෙළවා’ සිංහල බෞද්ධ විමල් වික‍්‍රමසිංහ කුමාරිගේ ඇ`ගට ඇළවීම චිත‍්‍රපටිකරුවා ස්වකීය රූපරාමුව තුළදී සලකා ඇත්තේ ‘මාර ලෙස අහඹු’ මානුෂික ගොඩනැංවීමක් ලෙසය. ඒ වෙනුවට ඔහු කළයුතුව තිබුණේ ‘මහරගම සිංහල බෞද්ධ’ විඤ්ඤාණය පදනම් වී ඇත්තේ ‘මර්දනය කළ ලිංගික ආශාව මතය’ යන සත්‍ය රූප රාමුවෙන් හෙළි කිරීමය. එය කොයි වෙලේ හෝ පිට පොත්ත කඩාගෙන එළියට පැනීමේ විභවතාවකින් යුක්ත බව හෙළි කිරීමය. චිත‍්‍රපටයේ නොකෙරෙනුයේද එයමය.
කුමාරි, විමල්ගේ නිවසට පැමිණි අවස්ථාවේ රාක්කයක් මත තබා ඇති සම්මාන වගයක් දැකීමෙන් පසු
”මේ ්අ්රාි ඔයාගෙද?”
කියලා අහන තැනදි විමල් ගේ මුහුණේ මතුවන ආඩම්බරය, ඔහු කියන තරම් ‘පාරලෞකිකත්වය දෙසට යොමු වූ අයෙක් නොවන බවට’ යම් ඉ`ගියක් සිනමාකරුවා දී තිබුණා විය හැකිය. නැතිනම් තමා එවේලේ චරිතයේ මුවට නැංවූ සිනහව මාර අහිංසක හිනාවක් යන්න තවම සිතා සිටිනවා විය හැකිය. හැබැයි, විමල්ගේ චරිතය තුළින් ඔහු බොහෝවිට මතු කර ගන්නේ ‘මිනිස් ජීවිතයේ හැටි මෙහෙම තමයි’ වගේ වියුක්ත අදහසක් ඇරෙන්න සංයුක්ත ප‍්‍රවේශයක් නොවේ.
කොටින්ම මේ නෝනා, මහත්වරු කනවා, බොනවා, රමණයේ යෙදෙනවා හැර, පාරලෞකික අර්ථයකින් පන්සල සමග කටයුතු කරනවා නොව, යන සත්‍යය අධ්‍යක්ෂකවරයා විසින් ම`ග හරිනු ලබයි. කුමාරි, විමල් කෙරේ ආකර්ශණය වීමේ හේතුව ඇගෙන් පැවසේ. එනම්, රිචඞ්ගෙන් ම`ගහැරී යන ස්වාමියෙකු ලෙස වන යුතුකම්, නොසැළකිලිමත් බව ආදියයි. මෙය අධ්‍යක්ෂකවරයාගේ අදහස නොව, චරිතයක් තවත් චරිතයක් පිළිබඳ, දරණ ආකල්පයක් විය හැක. එහෙත් අධ්‍යක්ෂවරයකුට චරිතයක් හරහා ප‍්‍රකාශ වන මනෝ මූල ආකල්පය ඉක්මවා ගිය, සිදු වීම් පිළිබඳ වෛෂයික අදහසක් තිබිය යුතුය. එය කෘතිය තුළ ප‍්‍රදර්ශනය විය යුතුය. එහෙත් එවැන්නක් තිබෙන බවක් හෝ එවැනි අදහසකට පේ‍්‍රක්ෂකයා සම`ග එළඹීමට කෙරෙන උත්සාහයක්වත් කෘතිය තුළ ප‍්‍රදර්ශනය නොවේ. පූර්ව නිශ්චිත ආගමික දෘෂ්ටිවාදයකින් කෘතිය කරා එළඹීමට අධ්‍යක්ෂකවරාය උත්සහා දරා ඇති බව පැහැදිලිය. දැන් මේ කියන්නේ ‘මනෝභාවික එළඹුම් කලා කෘතිවලට ගන්න එපා යන්න නොවේ.’ අපේ කාලයේ මිනිස් මනෝභාවය තේරුම් ගැනීමේදී, මනෝවිශ්ලේෂණයෙන් එය කළ හැකි වුවත්, ආගමෙන් නම් එය නොහැකිම බවය. කොටින්ම මේ කියන්නේ කනවා බොනවා රමණයේ යෙදෙනවා හැර, සුසංගත මානව සමාජයීය පැවැත්මක් දෙස හැරීවත් නොබලන මේ ජීව ප‍්‍රාණීන් විෂයෙහිලා අධ්‍යක්ෂකවරයා හෙලන බැල්ම පුළුල් මදි බවයි.
එවිට ජයනි සේනානායක විසින් නිරූපණය කරන කුමාරිගේ යෙහෙළියගේ චරිතය, කුමාරිට උදව් කරනවා කියලා කරන්නේ, එක මිනිහෙකුට කෙළවන්න තව මිනිහෙකුටයි ගෑනියෙකුටයි උදව් කරනවා කියන මානය අධ්‍යක්ෂකවරයාට ම`ග හැරිලා යනවා. එ් ම`ගහැරී යාම නිසා චිත‍්‍රපටය අවසානයේදී ජයනි නිරූපණය කරන චරිතය කුමාරිගේ හොඳ යාළුවෙක් (මෙච්චර දේවල් උනාට පස්සෙත්?) මේ නිසා චිත‍්‍රපටයේ කථා වින්‍යාසය ද ස්ථිතික හා සරළ වෙනවා මිස වෙනත් අත්වන ඵලයක් නෑ.
කෙසේවෙතත්, මෙම චිත‍්‍රපටයේ මූලික දුර්වලතාවය අන් දෙයකි. එනම්, සිදුවීම් පිළිබඳ, චරිත පිළිබඳ වෛෂයික නිගමනවලට එළඹීමට චිත‍්‍රපටකරුවා දක්වන භීතියයි. දැන්   ඔන්න කාටහරි කියන්න පුළුවන් මෙහෙම.  ‘මිනිස් විෂය එහෙම නිගමන කරන්න බැරි තරම් සංකීර්ණයි, කලාකරුවාගේ කාර්යය නිගමනවලට එළඹීම නොව, සිදුවන දේ එ් හැටියෙන් පෙන්වීමයි’. එ් වගේ අදහසක් එක්ක ලොකුවට පැටලෙන්න රළේ අපට අවශ්‍ය නැති වුනත් කෘතියක් තුළ එ් මිනිස් විෂය ග‍්‍රහණය කර ගැනීමට කළ බරපතළ පොරබැදීමක් තිබිය යුතුයි. කලා කෘතියක් හටගන්නේ හා එය ගාම්භීර වන්නේ මෙම පොරබැදීම අවංක වූ තරමට, බරපතළ වූ තරමටය. එ් හින්දා, මේ කියන්නේ, අන්න එ් පොරබැදීම සිදුකර නොතිබීම ගැනයි. හැබැයි චිත‍්‍රපටයේ රූපරාමු, කැමරා කෝණ, එළිය අඳුර භාවිතා කිරීම දෙස බලන විට පෙනී යන දේ තමයි මේ පොරබැදීම අවශ්‍ය පමණට සිදු කර නොතිබීම. ඇත්තටම චිත‍්‍රපටයේ රූප තාක්ෂණය ආලෝකකරණය ආදී අංග ගැන අපට තිබෙන විවේචනයත් මේකම තමයි.
චිත‍්‍රපටය තුළ මෙවැනි පොරයක් ඇල්ලීමට ‘සනත්’ට අවශ්‍යව තිබුණා නම් එය කිරීම ආරම්භ කළ හැකිව තිබුණේම චිත‍්‍රපටයේ පිටපතෙහි වූ සීමා සම`ග අල්ලන පොරයකින්ම තමයි. එනම් චිත‍්‍රපටයේ අන්තර්ගතය සමග අල්ලන පොරයකිනි. සරල විදියට කිවුවොත්, චිත‍්‍රපටයෙහි සනත් හුරතල් කරන ‘මහරගම බෞද්ධයා’ සමග අල්ලන පොරයකිනි. ‘ප්‍රොතෙස්තන්ත බෞද්ධයා’ හා ‘පිරිසුදු බෞද්ධයා’ යන දෙදෙනාටම එරෙහිව ලෞකික, මානුෂික පොරයක් ඇල්ලීම තුළිනි. හැබැයි ‘ධරසටසබ්ක බුද්ධාගමක්’ පිළිබඳව විශ්වාසය නිසා ඔහුට මේ පොර ඇල්ලීම මගහැරී තිබෙනවා.
තත්වය එසේ වුවත්, චිත‍්‍රපටකරුවාට එය මගහැරුණු පමණින් චිත‍්‍රපටය බලන, ලෝකය දෙස බලන ඔබට හෝ අපට එය මගහැරිය නොහැකිය.

Comments

Popular posts from this blog

'දැවෙන විහගුන්' සහ දැවෙන ප‍්‍රශ්න

ආදරය, වෛරය සහ සමාජය අතර රජා සහ වහලා

වම කූඹි කෑවද ‘සහෝදරයා‘ අපේ සහෝදරයාද?