Posts

ජීවිතය තවත් ටෝකන් පතක් නොවන්නට Thuramukhan

Image
මානව ශිෂ්ටාචාරය තුළ මිනිසා බොහෝ දේ අත්පත් කොටගෙන ඇත. එම සෑම ජයග්‍රහණයක් පිටුපසම පරම්පරා ගණනක මිනිසුන්ගේ ශ්‍රමය සැගවී ඇත. ඇතැම් අප මේ මොහොතේ නොසලකා හරින තරම් වූ සුලු‍ සමාජ ප්‍රගමනයක් වෙනුවෙන් ඉතිහාසය තුළ මිනිසුන් සිය ජීවිත පවා කැපකල අවස්ථාවන් ඇතිතරම් අපට හමුවෙයි. මෙම ඇතැම් කැපකිරීම් වීර කාව්‍ය ලෙස අනාගත පරම්පරාවන්ගේ මතකයේ රැඳෙන නමුදු අද දවසේ අප අත්විදින අයිතීන් වෙනුවෙන් සිය ජීවිත පවා කැප කළ බොහොමයක් වීරයන්ගේ නමක් ගමක් හෝ අප නොදනියි. නමුත් ඒ නම් නොදන්නා වීරයන්ගේ ශ්‍රමයේ ඵලයන් අනාගත පරම්පරාවන් වෙත උරුම වෙයි. අතීතයක මිනිසුන්ගේ ශ්‍රමයේ ඵලයන් අද අප අත්විදිනවා මෙන්ම අද දවසේ අප හෙලන ශ්‍රමය මත අනාගත පරම්පරාවන්ගේ ජීවිත තීරණය වනු ඇත. එබැවින් එම පරම්පරාවන්ට වඩා යහපත් ලෝකයක් උරුම කර දීම සම්බන්ධයෙන්වූ මගහැර යා නොහැකි වගකීමක් අප හමුවේ ඇත. Chappa හෙවත් 'ටෝකන්' ක්‍රමය ඉන්දියාවේ වරායන් ආශ්‍රිතව පැවති සේවකයන් සේවයේ යෙදවීමේ ක්‍රමවේදයකි. මෙය 1930 දශකය ආරම්භයේ පමණ සිට ක්‍රියාත්මකවූ අතර කෝචි වරාය ආශ්‍රිතව මෙම ක්‍රමවේදය බොහෝ කාලයක් ඉතා දරුණුව ක්‍රියාත්මක විය. මෙහිදී වරායට පැමිණෙන නැව් වලින් භාණ්ඩ පැටව...

ZD 8

Image
පද - කසුන් එදිරිසිංහ සංගීතය - චරිත අත්තලගේ ගායනය - චරිත අත්තලගේ ලංකාවෙ සින්දු ලියන අය යි කියන අය යි අහන අය යි ඒවා රසවිඳිනවා කියන අය යි මූලික වශයෙන් පැටලිලා ඉන්න උගුලක් තමයි සින්දුවෙ ඇත්ත අත්දැකීම මතු කර ගැනීමට දක්වන උනන්දුව. ඔය ඇත්ත අත්දැකීම උලු‍ප්පා යන එක තමයි අලු‍ත් ‘මල් සින්දුවල’ සාහිත්‍යය පැත්තෙ දකින්න ලැබෙන ලොකු ම අර්බුදය.  ‘ගී රසවින්දන’ කියන නාමකරණය යටතේ සින්දු විකුණගෙන කන පිරිසක් මේ වෙනකොට ලංකාවෙ ඉන්නවා. ඒ ගොල්ලො මේක බිස්නස් එකක් විදියට කරලා සල්ලි හම්බ කර ගන්න එක කෙසේ වෙතත් ලොකු ම ගැටලු‍ව වෙන්නෙ රසවින්දනය හෝ විචාරය කියන්නෙ විකුණගෙන කෑම කියන එක තහවුරු කිරීම. දෙපිට කැපෙන වචන, කුණුහරුප, සැඟවුණු රහස් හා සැබෑ අත්දැකීම හෙළි කිරීම වගේ දේවල්වලින් අසන්නන්ට ආතල් දෙන එක මිසක් ඒවායේ කිසි ම හරයක් තියෙන බවක් පේන්නෙ නෑ.  අද අපි කතා කරන්නෙ මෙන්න මේ වගේ අත්දැකීම උස්සලා තියන්න සමහරු මහන්සි වෙන සින්දුවක් ගැන. සමහරු කිව්වට මේ සින්දුවෙ නිර්මාතෘවරුනුත් එහෙම දේකට උත්සාහ කරන බව වීඩියෝව නැරඹුව ම තේරෙනවා. හැබැයි, ඇත්තට ම මේ සින්දුවෙ ඔය කියන අත්දැකීම කියන්නෙ නිකං ඡායාමාත්‍රයක් විතර යි. එහෙනං බලමු...

'දෙවෙනි ඉනිම' සහ එදිරිමුනිලාගේ ගැටලුව

Image
පහත උපුටනයක් ලෙස පළ කෙරෙන්නේ ටෙලිනාට්‍ය පිටපත් රචකයකු ලෙස ජනප්‍රියත්වයක් ලබා සිටින සමන් එදිරිමුණි විසින් 2023 මැයි 28 දින තැබූ Facebook සටහනකි. ඔහු පළ කරන මේ අදහස සම්බන්ධයෙන් ‘රළ‘ අතිරේකයේ අප තබන සටහන පහතින් පළ කෙරේ. සමාජ මාධ්‍ය තුළ ප්‍රසිද්ධියේ පළ කළ අදහසක් මෙසේ නැවත උපුටා පළ කරන්නේද ඊට අදාළ අපගේ ප්‍රතිචාරය සටහන් කෙරෙන්නේද සමන් විසින් පළ කරන අදහස හුදු ඔහු පිළිබඳ ප්‍රශ්නයකට වඩා කලාව හා නිර්මාණකරණය වෙළඳපොළ ග්‍රහණයට හසුවීම පිළිබඳ කාරණයක් ලෙස සලකමිනි. වෙළඳපොලේදී අනන්‍යතාව  අහිමි කර ගැනීම මේ පළ වන්නේ ජනප්‍රිය ටෙලිනාට්‍ය පිටපත් රචකයෙකු වන සමන් එදිරිමුණි ෆෙස්බුක් සමාජ මාධ්‍යයේ පළ කළ අදහසකි. මෙය ධනවාදය තුළ කලාව වෙළඳ භාණ්ඩයක් වීම සහ සංස්කෘතික ක්ෂේත්‍රය තුළට ප්‍රාග්ධනය ඇතුළුවීම විසින් උද්ගතව ඇති අර්බුදයේ මනා ප්‍රකාශනයකි.  කලාව වෙළඳභාණ්ඩකරණය වීමත් සමග එහි සාරය අහිමි වන අතර එය තව දුරටත් කලාව නොව කලාවේ මායාමය ප්‍රතිරූපයක් පමණක් බවට පත්වේ. මේ ප්‍රකාශනයෙන් පැවසෙන පරිදි ටෙලිනාට්‍ය රචකයාට කතා පුවත, චරිතවල ගුණාංග සහ චරිත සංවර්ධනය පමණක් නොව, අවම වශයෙන් කතාව නතර කරන අවස්ථාව පවා තීරණය කළ නොහැක. ර...

අනාගතවාදී කවියකට පසුවදනක් - "බුදු වෙන්නවත් අත අරින් නෑ "

Image
ලක්ෂාන් මධුරංග වික්‍රමරත්න නොනවතින අභ්‍යාසයෙන් සිය කවිය මුවහත් කරගත් කවියෙකි. ඒ ඔහුගේ කවියේ අන්තර්ගතය පාර්ශෟවයෙන් මෙන්ම උපමාව හා රූපකය, භාෂාව හා විරිත පාර්ශ්වයෙනි. විශේෂයෙන්ම ඔහුගේ ‘කොලඹට කියන්නෙ බොරැල්ලට’ කාව්‍ය කෘතියේ සිට අපට මේ බව නිරීක්ෂණය කළ හැකිය. ඔහුගේ නවතම කාව්‍ය කෘතිය වන ‘බුදු වෙන්නවත් අත අරින් නෑ’ කෘතිය වනවිට, අප ඉහත නෙ හැර දැක්වූ අදහස ඔහුගේ කවිය සම්බන්ධයෙන් බොහෝ නිදර්ශන මාර්ගයෙන් සාධනය කරගත හැක. එබැවින් කෘතිය මුද්‍රණයෙන් පිටවීමට සාපේක්ෂව යම් ප්‍රමාදයක් සහිතව වුවද මෙවර ‘රළ’ කලාපය තුළ ඒ පිළිබඳ සාකච්ඡා කිරීමට අපි තීරණය කළෙමු. ඔහුගේ කලින් කෘතිය වූ ‘කොළඹට කියන්නෙ බොරැල්ලට’ කෘතිය තුළදී මාත්‍රා අසමමිතික දීර්ඝ පාද සහිත කාව්‍ය පාද තුළින් පැන නැගුණු ඔහුගේ කවියේ රැඩිකල් සෞන්දර්යවේදී ගුණය මෙවර ඔහු කෙටි පාද සහිත කවි වලටද ඇතුළත් කරනු දැක ගත හැකිය. "තැන    තැන නැග    බැස හැම     තැන ඇවිදින මිතුරෙක් සිටී  මට බැංකු පසුකර හැරීවත් නොබලා ඇවිදින ඔව්.... ඒ නිසා ම ඇවිදින මිතුරෙක් සිටී මට" (පිටුව 43 - ඇවිදින මිතුරා) එහෙත් එය සිය කාව්‍ය භාවිතයේ හුදු ආකෘතික මාරු...

නතාෂා සහ ICCPR

Image
නතාෂා එදිරිසූරිය විසින් ප්‍රහසන වැඩසටහනකදී කළ ප්‍රකාශයක් බුදුන්ට කළ අපහාසයක් ලෙස ගනිමින් ඇය අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත්කර ඇත. එම ප්‍රකාශය සහිත ප්‍රහසන වැඩසටහන විකාශය කළ සමාජ මාධ්‍ය හිමිකරු ලෙස බෘනෝ දිවාකරද අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ගෙන ගොස් ඇත. යම් අදහසක් ප්‍රකාශ කිරීමට හා ස්ථාවරයක් දැරීමට ඇති නිදහස ස්ථාපිත කෙරුනේ ලිබරල් නිදහසේ ධජය ඔසවාගෙන ආ ධනපති ප්‍රජාතන්ත්‍රවාදය විසිනි. නිර්මාණකරුවකුට හෝ වෙනත් අයකුට තමන් ඉදිරිපත් කරන අදහස ඉදිරිපත් කිරීමේ අයිතිය අවහිර කිරීම ප්‍රජාතාන්ත්‍රික අයිතීන් පැහැර ගැනීමකි. එවැනි අය පොලිසිය යොදවා අත්අඩංගුවට ගැනීම්වලට මෙන්ම අධිකරණ කටයුතු හරහා සිරගත කිරීම් කරමින් මර්දනය යොදාගැනීමට අපි තරයේ විරුද්ධ වෙමු.  යම් ප්‍රකාශයක අදහසට විරුද්ධ නම් ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක තිබෙන ක්‍රමවේදය වන්නේ එම අදහසට වෙනත් අදහස් මගින් ප්‍රතිචාර දැක්වීමත් අදහස් ප්‍රචාරය වීමේදී ඇතිවන බලපෑමක් විවේචනය මගින් නිවැරදි කිරීමත්ය. නිර්මාණකාරියකට ද සිය නිර්මාණාත්මක ප්‍රවේශය හරහා අදහස් පළකිරීමට සහ විවේචනයන් ඉදිරිපත් කිරීමට ඇති අයිතිය ආරක්ෂා කරන අතරම එම නිර්මාණය විවේචනය කිරීමේ අයිතිය ප්‍...

නූතන දෘෂ්ටියකින් පැරණි ආකෘති රැඩිකල්කරණය

Image
"ඉතිරි නෙතක් අග තවමත් නිධන් හාරන පිරිමිය" - දිලිප් කුමාර ලියනගේ අඛ්‍යාන කාව්‍ය පිළිබඳ විමසුමක් දිලිප් කුමාර ලියනගේගෙ අලුත්ම කවි පොත ‘ඉතිරි නෙතක් අග තවමත් නිධන් හාරන පිරිමිය’, බරපතළ ප්‍රමාණයේ සූක්ෂම කියැවීමක් අපේක්ෂා කරන කෘතියකි. ඒ කෘතියේ සමෝධානිත (Montage) ස්වභාවය නිසාය.  පන්සිය පනස් ජාතක කෘතියේ එන ජාතක කතාවක් ඊට පාදක කර ගත්තද බෙහෝ නූතන පඨිතයන් ප්‍රමාණයක් සමග සමෝධානය වෙමින් එය සංකීර්ණ මනෝභාව සංකීර්ණයක් ගොඩනගනා බැවිනි. එබැවින් මේ පඨිතයන් අතර අන්තර්පාඨනයක් පාඨකයා වෙතින් පූර්වාපේක්ෂා කෙරේ. එකී අන්තර්පාඨනයේදී පාඨකයාට ලැබෙන ‘ඉඩ‘ විසින්ම ‘නොඉවසිලිමත් පාඨකයකු‘ මංමුලා වීමට ඉඩ ඇත. එහෙයින්, එකී මංමුලා වැල් පාගා නොගෙන කෘතිය කියවීමට සුවිශේෂ විනයක් කෘතිය විසින් පූර්වාපේක්ෂා කෙරේ.  ‘යුද්ධයෙන් දිනූ දකුණට විවේකය ලැබුණෙය කියවන්නට ජාතක අටුවා ටීකා ටිප්පණි ගැටපද වෙඩි හඬ  රතිඤ්ඤා හඬින් යටපත් කළ නියම්ගමක සිට මම කියවමි බන්ධන මොක්ඛ ජාතකය’ (පිටුව 23) කෘතිය ආරම්භයේදීම තමා බන්ධනමොක්ඛ ජාතක කතාව පදනම් කරගන්නා වගත්, එය සමකාලීන පශ්චාත් යුද දකුණු ලංකා සනදර්භයක පිහිටුවන බවත් කතුවාරයාම අපට පවසයි. යුද ජයග්...

Song Zone - "නඩුකාර මාමේ "

Image
 කන්තලේ පැත්තෙන් ඇහෙන අලු‍ත් සින්දුවක්. අපි දැන ගත්ත විදියට කන්තලේ කේන්ද්‍රකර ගෙන කරන ලොකු වැඩක එක පියවරක් විදියට තමයි මේ සින්දුව එළියට එන්නෙ. මේ කොළමෙ වැඩේ ගැන පැහැදිලි කරන්න ඉඩ නැති නිසා අපි කෙළින් ම සින්දුවට යමු. ඇත්තට ම උදව් කරන්න වටින වැඩක් නිසා වැඩේට උදව් කරන්න කැමති අයට ‘රළ’ මාර්ගයෙන් වැඩෙත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්.  පහුගිය කාලෙ විද්‍යුත් මාධ්‍යවලත් යූටියුබ් අවකාශයෙත් ටිකක් ජනප්‍රිය වෙච්ච මේ සින්දුව ගැන කතා කරපු වැඩිදෙනෙක් මේ ගැන කිව්වෙ, දික්කසාදය දරුවන්ට බලපාන ආකාරය ගැන කතා කරන අතිසංවේදී සින්දුවක් කියලා. ඔව්... කීපදෙනෙක් ම සින්දුව අහලා අඬලත් තිබුණා; සමහර කසාද පිරිමි, තමන්ගෙ විවාහයට පරිබාහිර සබඳතා නවත්තලත් තිබුණා කියලා වැඩේට මැදිහත් වෙච්ච අයගෙන් අපිට දැන ගන්න ලැබුණා. ඒත් රළේ අපිට නම් මේ සින්දුවෙන් ඊට වඩා වෙනස් කලාපයක් ගැන කතා කරන්න ඉඩ හදලා දෙනවා කියලා හිතෙනවා.  මේ සින්දුව ලියවිලා තියෙන්නෙ අවුරුදු 12-14ක විතර දරුවෙක්(සින්දුවට අනුව දැරියක්) කියන විදියට. එයා සින්දුව කියන්නෙ තමන්ගෙ අම්මගෙයි තාත්තාගෙයි දික්කසාද වන්දි නඩුව අහපු විනිශ්චයකාරයාට. ඒ කියන්නෙ ආයෙත් මේ වින්ශ...