Posts

සමාජ යථාර්ථයෙන් තත්කාර්යවාදයට - "අයිය මළෝ"

Image
දශක ගණනාවක් පුරා ගොඩනැගුනු සමාජ ආතතියේ පුපුරා යාම පසුගිය අප්‍රේල් මාසයේ සිදු විය. ඒ ගෝල්ෆේස් අරගලය හරහාය. අරගලය හමුවේ විවිධ උපාමාරු දමමින් සිටි ලංකාවේ රාජ්‍ය තන්ත්‍රය හිටපු ජනාධිපති හා අගමැති වෙනුවට වෙනත් ජනාධිපති කෙනෙකු හා අගමැතිවරයකු ලත් කරගැනීමෙන් අවසානයේ කෙසේ හෝ ක්‍රමය ආරක්ෂා කරගැනීමට සමත් විය. මෙසේ අලුතින් ජනාධිපතිධුරයට පත් වූ රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩුව දැන් අර්බුදය සමනය කරගත නොහී තව තවත් ජනතාව මත ආර්ථික දේශපාලන හා සමාජයීය පීඩනය තීව්‍ර කරමින් සිටී. රටේ මුල්‍ය උත්පාදන මාර්ග බහුජාතික සමාගම්වලට විකිණීමට කැසකවමින් සිටී. රාජ්‍ය අංශයේ මහජන සේවා පෞද්ගලිකකරණයට උත්සාහ දරමින් සිටී. එළඹීය හැකි ඊළඟ මහජන අරගලය හමුවේ සන්නද්ධ හමුදා ශක්තිමත් කරමින් සිටී. පසුගිය මාසයේ එළිදැක්වූ අසංක සායක්කාර නාට්‍යවේදියාගේ ‘අයියා මළෝ’ නාට්‍යය ලංකාවේ ප්‍රේක්ෂකයා හමුවට පැමිණියේද ඒ පිළිබඳ ‘රළ’හි මෙම කතාබහ සිදුවන්නේද උක්ත සමාජ දේශපාලන පසුබිමෙහිය. කෘතිය, අරගලය හා අරගලය පැන නැගුණු අප ජීවත්වන වත්මන් මොහොත පිළිබඳ යම් අදහසක් ලිපිය අවසානයේ ගොනුකර ගැනීමට අපේක්ෂා කරමින් අපි නාට්‍ය පිළිබඳ සාකච්ඡාවකට එළඹෙමු. ‘සායා’ දීර්ඝ ...

කලා පුවත් විපරම - Art News Round Up

Image
 ආශාවරී මැදිරිගිරියේ දැරියන් පිරිසකගේ දායකත්වයෙන් බිහි වූ ‘ආශාවරී‘ සංගීත කණ්ඩායම විසිරුවා හරින ලෙස දැනුම්දී තිබුණා.  බාලවයස්කාරයන් වීම නිසා ඔවුන් සංගීත කණ්ඩායමක් ලෙස ප්‍රසංග වේදිකාවට නැඟීම නීති විරෝධී බවට පොලිසිය තීරණය කළා. එපමණක් නෙවෙයි, ජාතික ළමාරක්ෂක අධිකාරියට  පැමිණිල්ලක් කරමින් කම්කරු දෙපාර්තමේන්තුවේ මැදිහත්වීමෙන් මැදිරිගිරිය ආශාවරී සංගීත කණ්ඩායමේ කටයුතු අත්හිටුවා තිබෙනවා.  වයස අවුරුදු 16ට අඩු දැරියන් යොදවා මුදල් සෙවීමේ පරමාර්ථයෙන් සංගීත කණ්ඩායමක් පවත්වාගෙන යා නොහැකියි කියලා චෝදනා නගා තිබෙනවා. මේ දක්වා ළමුන් යොදාගෙන මුදල් හම්බ කළ චිත්‍රපට, වෙළඳ දැන්වීම් හා වෙනත් ප්‍රාසාංගික අවස්ථා විශේෂයෙන් රියලිටි වැඩසටහන් ආදිය සම්බන්ධව පොලිසිය විසින් මේ චෝදනාව නැගුවෙ නැහැ. කොළෙඹ නගරයේ බලවත් වෙළඳ ආයතනවලින් ළමුන් යොදවා මුදල් ඉපයීම් නීතියට පටහැනි නොවන්නටත් මැදිරිගිරියෙ ගොවි දරුවන්ට සංගීත කණ්ඩායමක් පවත්වා ගෙන යාම තහනම් වන්නටත් බලපාන නීතියේ වෙනස හඳුනාගත යුතුයි. සුපර්ණකා ස්ත්‍රිය සම්බන්ධ කතා පුවත් බොහෝ විට ගොඩ නගනු බන්නේ පුරුෂ දෘෂ්ටිකෝණයෙන්. මෙම අභියෝගය ජයගැනීමට දරණ උත්සාහය සාහිත්‍ය...

"මුදු වදන් පවසලා"

Image
පද - ධනුෂ්ක ෆර්නෑන්ඩු සංගීතය - අරුණ ගුණවර්ධන ගායනය - ශෂිකා නිසංසලා, මිහිඳු ආරියරත්න ආදරය කිරීම කියන්නෙ විෂයක් විදියට ප්‍රගුණ කළ යුත්තක් කියලා අවබෝධ කර ගත්තෙ නැති සමාජයක ප්‍රේමය සම්බන්ධයෙන් පැන නඟින අතිමූලික ගැටලුවක් වෙන්නේ ආදරය හා ආත්මාර්ථය අතර තියෙන බෙදුම් රේඛාව අපහැදිලි වී යාම යි. මේ කලාපයෙන් අපි සංවාදයට ලක් කරන්න බලාපොරොත්තු වෙන සින්දුවෙන් අසන්නිය වෙත ගෙන එන්නෙ අන්න ඒ තේමාව කියල යි අපිට හිතෙන්නෙ.  මේ ගැටලුව වෙත ප්‍රවේශ වෙද්දී අවධානය යොමු කරන්න සිද්ධ වෙන ප්‍රධාන සාධකයක් වෙන්නෙ සරාගී ආදරය යි ලිංගික ආශාව යි අතර තියෙන වෙනස මොකක්ද, කියන එක. ලිංගික බැඳීමක් සම්බන්ධයෙන් වන ආශාව ආදරය මඟින් උද්දීපනය කළ හැකි වුණත් මේ ක්ෂේත්‍ර දෙක අතර පවතින පරතරය හඳුනා නො ගැනීමෙන් ඇද වැටෙන අගාධයෙන් මිනිසාට ලෙහෙසියෙන් නම් ගොඩ ඒමට හැකි වෙන්නේ නැහැ. එරික් ෆ්‍රොම් ආදරය ගැන රචනා කරපු විශිෂ්ට ග්‍රන්ථය වන The Art of Love - An Enquiry into the Nature of Love (Erich Fromm)  කියන පොතේ දි ඒ ගැන මෙහෙම සටහනක් තියනවා.  “කායිකව හමු වන මොහොතේ දී සමීප බැඳීමක් පවතින්නේය යන මායාව ලිංගික ආකර්ෂණය ම්ඟින් ඇති කරයි.නමුත්...

නගරයට එන ගිණිගන්න ජීවිතවල කතාව - Vendhu Thanindhathu Kaadu

Image
  ජීවිතය දිනනන්නට නගරයට පැමිණීම ග්‍රාමීය තරුණයන්ගේ සදාතනික සිහිනයකි. කොරියාවට හෝ ඩුබායි වලට පැන ගැනීම තවත් කෙනෙකුට සිහිනයකි. උසස් පෙළ සමයේ බොහෝ දෙනෙකුගේ සිහිනය වන්නේ කෙසේ හෝ විශ්වවිද්‍යාලයකට රිංගා ගැනීමයි. මේ සියලු දෙනා අදහන කාරණයක් ඇත. එනම් තමන් විදින සියළුම පීඩාවන්ට විසඳුම් නගරයට යාමෙන් හෝ කොරියාවට යාමෙන් සොයාගත හැක යන්නයි. ඒ අනුව මෙම අරමුණ වෙනුවෙන් ජීවිතයේ ඕනෑම දෙයක් උගසට තැබීමට මොවුහු මැළි නොවෙති. නමුත් ඒ පැතූ ලෝකය ඔවුන්ට හමුවෙනවාද? බස් ගාස්තු පමණක් අතැතිව කොළඹට පැමිණ ධනවත් ව්‍යාපාරිකයන් වූ තැනැත්තන් පිළිබඳ සිදුවන කතාබහේදී ඔවුන්ව උත්කර්ෂයට නංවනු ලබයි. කොරියාවට ගිය තරුණයෙකුගේ නිවසට දවසින් දවස විවිධ බඩු භාණ්ඩ එකතුවන ආකාරය දෙස අප බලා සිටී. අපිත් කොරියාවෙ ගියොත් ගොඩ යැයි සිතන පිරිමසක්ද සිටිති.  නමුත් සැබෑ චිත්‍රය ඒ ආකාරයටම සුන්දරද? බසයෙන් කොළඹ පැමිණ ධන කුවේරයෙකුවූ අයෙකු ගැන කතාකරන්නට පත්තර පිටු ගණන් වෙන්වුවද එම හීනයම ලුහුබැඳ නගරයට පැමිණ මත්ලෝලියකු හෝ වීදි ගණිකාවක වන්නට වූ සිය ගණනක් ගැන ඒ සමස්ත  සමාජය නිහඬය. නමුත් මෙම කතාව සම්පූර්ණ වන්නේ ඔවුන්ගේ කතාවත් මීට එක්වූ පසුය. ඔවුන...

උගනිව්, නායකත්වය උදුරා ගනිව් !

Image
උගනිව්, සරල දේ පවා කාලය එළඹ ඇත්තයෙ පමා විය යුතු නැත.... අයනු ආයනු පමණක් නොවටී,  එහෙත් එයද උගනිව් පසුබට නොවී අද අදම අරඹව් සියල්ල උගනිව් නායකත්වය උදුරා ගනිව්! උගනිව්, රැකවලෙහි මිනිසුනි උගනිව්, සිරගත මිනිසුනි උගනිව්, ගෘහණියනි උගනිව්, හැට විය ඉක්මවූ මිනිසුනි නිවහනක් නැති නුඹලා පාසලක් සොයා යව්... බියපත් මිනිසුනි, විමසුම් සහිත වව් සයින් සිටින මිනිසුනි, පොත් සොයා යව් අවියකි එය... නායකත්වය උදුරා ගනිව්! බිය නොවව් විමසන්නට සොයුරනි, යටපත් නොවී සිටිනු ඔබම විමසා බලව්.... නොදන්නේ නම් එය නුඹ නොදන්නෙය ගණනය කර බලව්.. ගෙවිය යුත්තේ නුඹමය හැම දෙයම විමසා බලව් එසේ වන්නට හේතු විමසව් නායකත්වය උදුරා ගනිව්! (බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් විසින් 1935 නිෂ්පාදනය කළ ‘අම්මා‘ නාට්‍ය සඳහා ලියූ In Praise of Learning ගීතයේ අනුවාදයකි)

අර්ථයක් සොයමින් වැළපෙන නීතිය 'Article 15'

Image
සමානාත්මතාවය විවිධ ස්වරූපයන්ගෙන් වසර දහස් ගණනාවක් පුරා මානව ශිෂ්ටාචාරයේ සෑම අස්සක මුල්ලකම පැවති දහස් සංඛ්‍යාත අරගලයන්ගේ පදනමයි. දහස් ගණනක්ගේ ලෙයින් තෙත් වී දහස් ගණනක් ජයග‍්‍රහණ දහස් ගණනක් පරාජයන් හමුවේ ඉදිරියට ඇදුනු අරගලයක්. සියලූ වෙනස්වීම් මැද අදද විවිධ ස්වරූපයන්ගෙන් සමානාත්මතාව වෙනුවෙන් වූ අරගලය ඉදිරියට ඇදෙයි. ඉරාන කාන්තාවන් තම කෙස් වැටිය කපා දමිමින් බුර්කා පුලූස්සමින් සිදුකරන්නේද, ඇමරිකාවේ ජෝජ් ෆ්ලොයිඞ් ඝාතනයට එරෙහි අරගලය, ලංකාවේ සංක‍්‍රාන්ති ලිංගික ප‍්‍රජාවන්ගේ සමානාත්මතාව වෙනුවෙන් වන අරගලය ආදී දහසකුත් අරගල මේ මොහොතේද ජීවමානය. කුලය, ආගම, ජාතිය, ලිංගිකත්වය ආදී ලෙස වෙනස්කොට සැලකීමට පදනම් වන කරුණු රාශියකි. ඇතැම් රටක නිවසින් එළියට බැසීමට හෝ අවම අයිතියක් ලබාගැනීම වෙනුවෙන් දිවෙන කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් වන අරගලය වඩා දියුණු සාමාජයක ඉන් බොහෝ ඉදිරියට ගිය අයිතිවාසිකම් වෙනුවෙන් දියත්වෙයි. කෙසේ නමුත් අරගලය සෑම විටම ජීවමානව පැවතෙයි. ලංකාවේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් සදහා වෙනම වගන්තීන් තුළින් ඒවා සුරක්ෂිත කොට ඇත. නමුත් සත්‍ය ලෙසම ව්‍යවස්ථාවක් වැනි ලියවිලිවල එවැනි සුන්දර වැකි ...

' මාවතේ අපි '

Image
ගායනය/සංගීතය/පද - ක්ලැරන්ස් විජේවර්ධන ක්ලැරන්ස් කියන්නෙ අද පවා සෑහෙන ජනප‍්‍රියත්වයක් හිමි කර ගෙන තියෙන ගායකයෙක් කියලා අපි දන්නවා. සිංහල පොප් සංගීතය සම්බන්ධයෙන් ක්ලැරන්ස්ගෙ මැදිහත් වීම අදටත් සෑහෙන දුරට වලංගු යි. තව ම කොල්ලො කෙල්ලො ක්ලැරන්ස්ගෙ සින්දු මුමුණනවා. පරණ ක්ලැරන්ස් ලෝලියො තව ම ඉන්නවා. හැබැයි අපි අද කතා කරන්නෙ බොහෝ ක්ලැරන්ස්වාදීන් පවා අහලා නැති එච්චර ප‍්‍රසිද්ධ වෙච්චෙ නැති සින්දුවක් ගැන.  ‘මාවතේ අපි’ කියන්නෙ ආර්.පේ‍්‍රමදාස ජනාධිපති ‘වීදියේ සි`ගමන් යදින මිනිසුන්ගෙ ජීවිත නගා සිටුවන්න’ කියලා පටන් ගත්තු ව්‍යාපාරයක්. වීදියේ කලාකරුවන් එකතු කරලා ඒගොල්ලන්ගෙ දක්ෂතා ලෝකෙට පෙන්නලා එතනින් ඒ අයට වෙන මාවතක් හරි ගස්සලා දෙන එක තමයි ව්‍යාපෘතියෙ අරමුණ වුණේ. එල්පින්ස්ටන් රංගශාලාවෙ ප‍්‍රසංගයක් සංවිධානය කරලා රටේ ප‍්‍රසිද්ධ සංගීත ශිල්පීන් ගෙන්නලා ඒ අය ඉදිරියේ සින්දු කියලා නටලා තමන්ගෙ හැකියාවන් ප‍්‍රදර්ශනය කරන්න මේකෙන් වීදි කලාකරුවන්ට අවස්ථාවක් ලැබුණා.  අරමුණ පැත්තෙන් බැලූවම මේක නරක යි කියලා කියන්න බෑ. වීදි කලාකරුවන් බිහි වන සමාජ ක‍්‍රමය අහෝසි කරනවා වගේ වැඩ අපිට කවදාවත් පේ‍්‍රමදාසලා අතින් සිද්...