Posts

දඩයමට හසුවන වර්තමානයකට පැමිණි දඩයක්කාරයා

Image
‘සංසාරේ දඩයක්කාරයා’ චිත‍්‍රපටය පිළිබද විමසුමක් ප‍්‍රසන්න ජයකොඩිගේ ‘සංසාරේ දඩයක්කාරයා’ චිත‍්‍රපටය සීමිත සිනමාහල් ප‍්‍රමාණයක තිරගත වී ප‍්‍රමාණවත් පේ‍්‍රක්ෂක අවධානයෙන්තො ව ගැලවී ගියේය. ඒ නිසාම එය ප‍්‍රමාණවත් කලාත්මක හා දේශපාලන කියැවීමකින් තොරව ජනතාවගෙන් ඈත් කරනු ලැබූ නිර්මාණයකි. සිනමා කර්මාන්තයේ නියැලෙන සහ සිනමා රසික ජනයා අතර නිතරම කියැවෙන ‘ලංකාවේ සිනමාවේ අර්බුදය’ ඇසුරින් එය පහසුවෙන් හඳුනාගත හැකිය. නමුත් එය එසේ තිබියදීම නිහඬතාවයෙන් යටපත් කිරීමේ ඉරණමට ගොදුරු කරවන ලද සහ නාගරික සහෘද පුංජයකට සීමා වූ කෘතිය පිළිබඳ සිනමා රසික සංවාදය දේශපාලනික තලයකට ඔසවා තැබිය යුතුව තිබේ. ඒ නිසා පේ‍්‍රක්ෂක ජනයා අතුරින් මෙන්ම පොදු ජනයාගේ සාමුහික හා හුදෙකලා ජීවන අරගලයෙන් ඈත් කරනු ලබන කලා රසවින්දනය අරමුණුකර ගෙන ඒ සිනමා කෘතිය කියවා බැලීම මේ සටහනේ අරමුණය. සයිමන් නවගත්තේගමගේ ‘දඩයක්කාරයාගේ කතාව’ කෘතිය කියැවීමෙන් ලැබූ උත්තේජනයකින් ප‍්‍රසන්න ජයකොඩි මෙම චිත‍්‍රපටය කළ බව පැහැදිලිවන කාරණයකි. ඔහු මේ කෘතියේ ගෙන එන කතා පුවත සයිමන්ගේ දඩයක්කාරයාගේ කතාව, සංසාරණ්‍යයේ දඩයක්කාරයා, සංසාරණ්‍යයේ උරුමක්කාරයා හෝ සංසාරණ්‍ය අසබඩ යන කෘ...

”සිංහල සංගීතයේ” නිෂ්පාදන ආර්ථිකය හා දේශපාලන ආර්ථිකය

Image
(ක්ලැරැන්සියානු පොප් සංගීතය කෘතිය පිළිබඳ අදහසක්) මෑත භාගයේ ලංකාවේ සංගීත කතිකාව තුළ ජනපි‍්‍රය සංගීතඥයකු හා ගායකයකු වූ කැලැරන්ස් විජේවර්ධනයන් පිළිබඳ උනන්දුවක් ඇවිළ තිබීම නිරීක්ෂණය කළ හැකි කාරණයකි. මේ සමාජීය උනන්දුවේම කොටසක් ලෙස අප පක්ෂයේ තරුණ සංගමය මඟින් ද ඔහු පිළිබඳ සම්මන්ත‍්‍රණ කතිකාවක් සංවිධාන කළ බව රළ පාඨක ඔබට මතක ඇති. ඊටත් පෙර ප‍්‍රවීණ කිවියර පරාක‍්‍රම කොඩිතුවක්කු විසින් ”ක්ලැරා” මැයෙන් ඔහු පිළිබඳ ග‍්‍රන්ථයක් ද කරන ලදී. මේ මෑත කාලීන ”ක්ලැරන්ස් උනන්දුවේ” අලූත්ම ප‍්‍රකාශ මානය වනුයේ නදීක ගුරුගේ සංගීතවේදියාගේ ”ක්ලැරැන්සියානු පොප් සංගීතය” කෘතියයි. අපේ මතකය ට අනුව කැලැරන්ස් පිළිබඳ නදීකගේ උනන්දු ද ඉතා ඈත කාලයකට දිව යන්නකි. 90 දශකයේ අවසාන භාගයේ”සංයුග්ම” මැයෙන් නිකුත් වූ ඔහුගේ සීඞී ගීත තැටියේදී ද ඔහු ක්ලැරන්ස්ගේ ගීත කිහිපයක් අනුගායනා  කොට තිබූ බව අපේ මතකයේ ඇත. කෙසේ වෙතත් ස්වකීය 20 වසකට අධික නිර්මාණ චාරිකාවේ හැදෑරීම සහ  අත්දැකීම් පාදකට කොටගෙන ලියන ලද ”ක්ලැරන්සියානු පොප් සංගීතය” කෘතිය ”ක්ලැරන්ස් පිළිබඳ පමණක් නොව වර්තමාන ලංකාවේ සංගීත කලාව, කර්මාන්තය පිළිබඳවම බරපතළ මැදිහත් වීමක් බ...

වහල්භාවයෙන් නිදහස්වනු පිණිස ඉතිහාසයෙන් සාක්ෂි කැඳවීම

Image
සාහිත්‍යකරුවා ඉතිහාසඥයෙක් වන අතරම ඉතිහාසඥයෙකු ද නොවන්නේ ය. ඔහුට ඉතිහාසය මඟ හැර යා නොහැකි වන අතරම ඉතිහාසය අබිබවා යාමට ද සිදුවේ. මන්ද ඉතිහාසය වාර්තා කරනුයේ තිබූ ආකාරයෙන් පමණි. එසේ සිදු වූයේ කෙසේද යන්න ඉතිහාසඥයා අනාවරණය නොකරයි. ඒ බැවින් සාහිත්‍යකරුවාහට ඉතිහාසයේ එසේ සිදු වීමට හේත වූ සංකීර්ණ මානව ක‍්‍රියාකාරීත්වය අධ්‍යයනය කිරීමට සිදු වේ. එම චලනයන් නැවත මිනිසා වෙත පෙරලා බලපෑම් කරන ආකාරය හෙළිදරව් කිරීම සඳහා සුසරකරගනු ලැබූ මානවවාදයක් ඔහු සතු විය යුතුය. ඉතිහාසකරුවා අබිබවායාමට සාහිත්‍ය කරුවා මතුව එන්නේ එවිටය. ඉසබෙල් අයියන්දේගේ Island Beneath the Sea නම් වූ මෙම කෘතිය, ‘මුහුද යට දිවයින’ ලෙසින් පරිවර්තනය කරනු ලබන්නේ නිලූක කදුරුගමුව විසිනි. ඉතිහාසයේ පැවති වහල් මෙහෙය සහිත යටත් විජිත අධිරාජ්‍ය සමය මෙහි කාල පරාසය නියෝජනය කරනු ලබයි. කෘතිය ‘මුහුද යට දිවයින’ ලෙසින් කතුවරයා නාමකරණය කරනු ලබන්නේ  හයිටිහි වහල් මිනිසුන් විශ්වාස කරනු ලැබූ මිථ්‍යාමය සිතුවිල්ලක් ඇසුරිනි. ඔවුන් විශ්වාස කළ පරිදි තමන් මිය ගිය විට මුහුද යට දිවයිනට යන වගයි. එහිදී සමකාමී දිවියක් ගෙවන  තම මිය ගිය මුතුන්මිත්තන් සමඟ එක්වීම ඔ...

ශක්තික සත්කුමාර සිරගත කිරීම - නිර්මාණකරණයේ නිදහස ආරක්ෂා කරනු!

Image
'අර්ධ‘ නමින් කෙටි ප‍්‍රබන්ධයක් සිය ෆේස්බුක් පිටුවේ පළ කළ අවස්ථාවේ ප‍්‍රවීන ලේඛකයකු ලෙස එය ලියු ශක්තික සත්කුමාර එය මේ තරම් අපරාධයක් වශයෙන් සලකනු ලබතැයි සිතන්නට නැත. මේ වනවිට කවිය, කෙටිකතාව, නවකතාව පමණක් නොව විචාර කලාවේ යම් ප‍්‍රවීනත්වයක් ලබා සිටින ශක්තික, සාහිත්‍ය ඇසුර ලබන්නට උත්සුක වන පාසල්වල හා සරසවි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මග පෙන්වන කෘති ගණනාවක කතුවරයෙකි. එය එසේ වූ පමණින් සියල්ල සරල සුගම ලෙස සිදු නොවන බව ශක්තික මෙන්ම අපිද දනිමු. ශක්තිකට දැන් සිදුව ඇත්තේ සිපිරිගෙදර සිට තමන් ලියු නිර්මාණය පිළිබද පශ්චාත්තාපයෙන් බලා සිටින්නට යැයි කිවහොත් එය අර්ධ සත්‍යයකි. එක් අතකින් යම් නිර්මාණයක් බිහිකරන ලේඛකයකු එය පරදුවට තබන්නට එකග වන්නේ නැත. අනෙක් අතින් යම් නිර්මාණයක් කළ පමණින් ලේඛකයකු බිහිසුණු අපරාධකරුවකු ලෙස සළකා සිරගත කරන්නේ නම් එවැනි සමාජයක නිර්මාණකරණයක් හෝ සාහිත්‍ය කලාවේ ප‍්‍රගමනයක් අපේක්ෂා කළ නොහැකිය. පොල්ගහවෙල පොලිසිය විසින් ලේඛකයා අත්අඩංගුවට ගන්නා ලද්දේ ආගමික ඇදහිල්ලට අගෞරව කරන ප‍්‍රකාශනයක් සමාජ ජාල වෙබ් අඩවිවල ප‍්‍රසිද්ධ කරන්නට කටයුතු කළ බවට චෝදනා කරමින් නම් එහි යම් සාධාරණත්වයක් ඇත. එහෙත් ...

‘සතුටින්ම සිටින මිනිසුන්’ අතර හිඳ ‘භීතියෙන්ම ජීවත් වීම What Will People Say

Image
2017 වසරේ නිෂ්පාදනය වූ What Will People Say සිනමා පටය  ඉරාම් හක් නැමැති පකිස්තාන නෝවීජියානු තරුණ සිනමාකරුවා විසින් රචනා කරන ලදුව තමා විසින්ම අධ්‍යක්ෂණය කරන ලද්දකි. ඔහුගේ දෙවන සිනමා අත්දැකීම ලෙස හැඳින්විය හැකි මේ නිර්මාණය දකුණු ආසියා විදෙස් ශ‍්‍රමිකයන්ගේ ජීවන වෘතාන්තය ඇසුරෙන් ඔහු ලද පෞද්ගලික අනුභුතිකයක් මුල් කර ගනිමින් සිනමාවට නැගුවකි. පකිස්තානය අතැර අතිශය අපහසුවෙන් යුරෝපය ඇතුළු වී බටහිර දිග රාජ්‍යයන්ට සංක‍්‍රමණය වී එම රටවල දහදුක් විඳිමින් පහළ මැද පන්තික ජීවිතයක් ගත කරන පකිස්තාන පවුලක යොවුන් වියට එළඹි තරුණ දියණියක මුහුණ දෙන සංස්කෘතික ගැටුම චිත‍්‍රපටයට ප‍්‍රස්තුත වී තිබේ. ඒ අර්ථයෙන් මේ චිත‍්‍රපටය හුදෙක් පකිස්තානු පවුලකට සීමා කළ යුතු අත්දැකීමක් නොවන බවත් දකුණු ආසියානු කලාපයේ සිට විදේශ රාජ්‍යයන් වෙත සංක‍්‍රමණ වූ බොහෝ පවුල්වලට පොදු වූ ඛේදවාචකයක් බවත් පැවැසිය හැකිය. ආර්ථික අරමුණු වෙනුවෙන් තම මව් රාජ්‍යයේ දේශ සීමා ඉක්මවා යෑමට පසුබට නොවන මෙබදු පවුල්වලට සංස්කෘතිකමය වශයෙන් එම සීමා සමතික‍්‍රමනය කිරීමට නොහැකි වීමේ අර්බුදය හේතුවෙන් මෙකී පවුල්  හා එම පවුල්වල සාමාජිකයන් මුහුණ දෙන මානසික...

‘ගිහින් එන්න කානිවල්’ - අපේ කාලයේ ජීවිතයේ කැඩපත් පිළිබිඹුවක් ලෙස

Image
නිර්මානකරුවන් විසින් බිහිකරන කලා නිර්මාණ අප පෙර නොඇසූ සිදුවීම් මත නිර්මිත ඒවා නොවන නමුත් ඒවා අප වෙත ගෙන එන කලාත්මක ආකාරය විසින් අපව ආනන්දයට අමන්දානන්දයට පත් කරයි. එසේම කලා නිර්මාණයක් ඇසුරු කිරීමෙන් අප ලබන සංතුෂ්ටිය හෝ කම්පනය එකී සිදුවීම්වලට අපට ඇති ඥාතිත්වය, සමීපතාව අනුව වෙනස්විය හැකිය. මේ සමීපකම හුදු මිනිස් සංවේදනයක් නොවේ. එක් අතකින් කලාව, නිර්මාණාත්මක කාර්යයන් මිනිසාගේ පැවැත්මේම කොටසකි. කලා නිර්මාණ ඇසුර, ඒවා ඇසුරින් ජීවිත අවබෝධය ලැබීම විසින් නැවත කලාත්මක සංවේදිතාවක් ජනනය කරන මාවතකි. මේ පූර්විකාව සමග අප පිවිසෙන්නේ සුමුදු නිරාගි සෙනෙවිරත්න විසින් ලියනු ලැබ පසුගිය සැප්තැම්බරයේ සාහිත්‍ය සම්මානද ලැබූ කෙටිකතා සංග‍්‍රහය පිළිබද සටහන් කරන්නටය. රාජ්ය සාහිත්‍ය සම්මාන  උලෙලේදීත් පොත් ප‍්‍රකාශකයන්ගේ සංගමය විසින් සංවිධානය කරනු ලබන සම්මාන උලෙලේදීත් ‘ගිහින් එන්න කානිවල්’ කෘතිය හොඳම ස්වතන්ත‍්‍ර කෙටිකතා සංග‍්‍රහයට හිමි සම්මාන දිනා ගත්තේය. එම හේතුව විසින් සාහිත්‍ය සමාජයේ අවධානයට පාත‍්‍ර වූ නමුත් ‘ගිහින් එන්න කානිවල්’ අළලා මේ සටහන ලියන්නේ එකී කෙටිකතා එකතුවේ එන කෙටිකතා කිහිපයක සමාජ සංස්කෘතික අදාළ...

විමුක්ති දේශපාලනයේ උගුරේ හිරවෙන මාළු කටු!

Image
ඓතිහාසිකකරණය හා ඓතිහාසික භෞතිකවාදය අතර වෙනස නම්, ඓතිහාසිකකරණය යනු පැවතියා යැයි, සිදු වුණා යැයි, උපකල්පනය කරන සිද්ධි දාමයක අනුපිළවෙළ සකස් කිරීමකි. ඊට ප‍්‍රතිපක්ෂව ඓතිහාසික භෞතිකවාදය යනු පවත්නා ද්‍රව්‍යමය ජීවන කොන්දේසි ඉහත උපකල්පන සමග මුහුණට මුහුණ අභිමුඛ කර, පවත්නා භෞතික ජීවන කොන්දේසි හරහා උක්ත අනුපිළිවෙළ විසංයෝජනය කිරීමයි. ලංකාව නමැති ජාතික රාජ්‍යයේ, පසුගිය ආසන්න අවුරුදු 40 දෙස ඓතිහාසිකකරණය නොවූ, ඓතිහාසික භෞතිකවාදී ඇසකින් බලන්නට උත්සාහ කළ නව කතාවක් පසුගිය සැප්තැම්බරයේ නිකුත් විය. එහිදීද ලංකාවෙ නූතන වාම ව්‍යාපාරය වෙත නවකතාව තබා ඇති බර හේතු කොට ගෙනම ඒ පිළිබඳ මෙවර ‘රළ‘ කලාපයේදී සාකච්ඡුාවක් කරගැනීමට අපි තීරණය කළෙමු. එකී නවකතාව නම්, ‘රතුපලස’ නවකතාවයි. නවකතාවේ කතුවරයා එරික් ඉලයප්ආරච්චිය. එරික්ගේ නවකතාව එක මත එක අතිපිහිතවන තේමාත්මක මානයන් කිහිපයකින්ම සමන්විත වේ. එක් අතකින් එය 1964න් පසු ලාංකීය වාම ව්‍යාපාරයේ සංස්කෘතික, සංවිධාන සීමා දෙස එල්ල කරන ආලෝකයකි. තවත් අතකින් එය එහි ජාතිකවාදී සීමාවන් වෙත එල්ල කරන ආලෝකයකි. තවත් අතකින් එය ලංකාවේ ජාතික ගැටලූව ලෙස අප විසින් හඳුනාගන්නා දෙමළ ජනයාගේ දේශපා...