දිව්‍යලෝකයට අතු විහිදන්න නම් අපාය දක්වා මුල් විහිදිය යුතුය!
(Money Heist ටෙලි මාලා නාටකය පිළිබද සටහනක්)
2018 වසරේ ලොව පුරා වැඩි ම පේ‍්‍රක්ෂක පිරිසක් නැරඹූ ඉංග‍්‍රීසි නො වන ටෙලි වෘතාන්ත මාලාව ලෙස සැලකෙන La Casa del Papel (ස්පාඤ්ඤ) Álex Pina නිර්මාණයකි. තවමත් සම්පූර්ණයෙන් අවසන්ව නැති මෙහි 5 වන කතා මාලාව නිකුත් කිරීමට සැලසුම් කර තිබුණේ 2021 අපේ‍්‍රල් මාසයේ ය. මේ සඳහා නිමිති කර ගෙන ඇත්තේ ඍදහ්ක ඵසබඑ දෙ ීච්සබ සහ ඊ්බන දෙ ීච්සබ නමැති මුල්‍ය ආයතන දෙක මංකොල්ල කෑම සම්බන්ධ ලොමුදැහැගන්වන සිද්ධි මාලාවකි.
"If you make only one viewing choice among all your food decisions today, add “La Casa de Papal” to your Netflix list. It’ll steal your heart, guaranteed."
'Money Heist ඔබගේ හදවත සහ සති අන්තය සොරාගනු ඇත.’ මේ ඔහු මේ ලිපිය සඳහා යෙදූ සිරස්තලය යි. මෙතරම් ආකර්ෂණයක් දිනාගන්නට මේ ක්‍රසපැ ගනයේ කතා මාලාව සමත් වූයේ ඇයි? ඒ් පිටුපස පවතින සමාජ, ආර්ථික, දේශපාලනික හේතු මෙන්ම මනෝවිද්‍යාත්මක සාධක හඳුනා ගැනීමට උත්සාහ දැරීම සමාජ විමුක්තිය පිළිබඳ කතිකාව මෙන් ම භාවිතාවද පෝෂණය කිරීමට හේතු වනු ඇති බව අපගේ විශ්වාසය යි.
මෙහි දී අවධානය යොමු කළ යුතු ප‍්‍රධාන කරුණක් වනුයේ මේ මංකොල්ලයන් දෙක ම පේ‍්‍රක්ෂකයන් ඉදිරියේ දිගහැරෙනුයේ ‘විය නො හැකියාව’ මත පදනම්ව වීම ය. එනම් යථාර්ථවාදය මතු නොව යථාර්ථවාදයට ද එරෙහි වීමය. මෙබඳු මංකොල්ලයන් පිළිබඳ නිර්මාණය වූ බොහොමයක් මෙබඳු මාලා නාටක මෙන් ම සිනමා පට ද පදනම් වනුයේ යථාර්ථය මත ය. ඇතැම් විට යථාර්ථමය තලයේ සැබැවින් ම සිදු වූ මංකොල්ලයන්හි පුවත් මේ සඳහා විෂය වේ. පරිකල්පනාත්මක සිදුවීම් නිර්මාණය සඳහා ඈඳාගත්ත ද ඒ්වා වුව යථාර්ථමය කලයේ පවා ‘සිදු විය නොහැකි බව’ මත පදනම් වේ. ටයිටස් තොටවත්ත විසින් අධ්‍යක්ෂණය කළ ‘හාරලක්ෂය’(1971) බඳු සිනමාපටයක් මීට නිදසුනක් ලෙස ගත හැකිය.
ඊට සාපේකෂව මේ මංකොල්ලයන් දෙක විශ්වාස කළ නො හැකි තරම් කාලයක් තිස්සේ විශ්වාස කළ නො හැකි තරම් සූක්ෂ්මාත්මතාවයකින් යුතුව සැලසුම් කරන ලද වැඩපිළිවෙළකින් යුක්ත ය. යථාර්තයට අනුව, ඒ් සා සැලසුමක් ගැන විශ්වාසය තැබිය නො හැකිය. එබඳු තත්වයක් යටතේ මේ කෘතියට ලොව පුරා පේ‍්‍රක්ෂකයන්ගේ මෙතරම් ආකර්ෂණයක් පළ වීමෙන් පසක්වන්නේ කුමක්ද? ඒ් අනෙකක් නොව, ආත්මීය වශයෙන් මේ අතිශය විශ්වසනීය යථාර්ථය තමන්ට මේ වනවිට විශ්වාස කළ නො හැකි ක‍්‍රියාවක් (action) මගින් විස්ථාපනය වනු නැරඹීමට ඔවුන් තුළ ආශාවක් (desire) පවතින බව ය.
මේ මොහොතේ යථාර්ථය යනු සුවිශාල පීඩිත ජනකායකගේ සාරය ලොව පුරාම මුල්‍ය ප‍්‍රාග්ධන අධිකාරිත්වයන් විසින් සූරා කෑමට ලක් වීමය. සැලසුම(pan) සහ ක‍්‍රියාව(action) මගින් මෙහි දී අභියෝගයට ලක් වනුයේ උක්ත සඳහන් පීඩිත සංස්ථා හා භාවිතයන් ය. මංකොල්ලයක් යනු සමාජ විප්ලවයක් නො වන බව ඇත්ත ය. එහෙත් මේ මංකොල්ලකරුවන් ලවා නිර්මාණකරුවා පෙන්වා දෙන්නේ යථාර්ථය ගුණාත්මක ලෙස වෙනස් කිරීම හෙවත් විප්ලවයේ කාර්ය කොතරම් දුෂ්කර වෙහෙසකර ක‍්‍රියාවක් ද යන්න ය. යථාර්ථය පිළිගෙන ඒ් අනුව, සිතන පතන ක‍්‍රියාත්මකවන වාමාංශික සමාජ ව්‍යාපාරයන්ට විප්ලවයක් තබා මංකොල්ලයක් වත් කළ නො හැකි බව මේ වෘතාන්ත මාලාව මගින් අන්තර්දෘෂ්ටිමය ලෙස ඇ`ගවේ.
පවත්නා යථාර්ථය වෙනස් කිරීමට යමෙකුට අවශ්‍ය නම් ඒ් සඳහා පැවතිය යුතු අනිවාර්ය සුදුසුකම වන්නේ ඒ් සඳහා වන තථ්‍ය අවශ්‍යතාව යි. යමෙකුට එය සිදු කිරීමට අභ්‍යන්තරිකව වුවමනා නම්, ඔහු ඒය කෙසේ හෝ සිදුකරන බව Money Heist කතා මාලාවේ මහාචාර්යවරයාගේ චරිතය(Álvaro Morte) මගින් නිරූපණය වේ. යථාර්ථය වෙනස් කිරීම සඳහා සැබෑ ලෝකය තුළ, සැබැවින් ම මැදිහත් වූ මිනිසුන්ගේ ව්‍යවහාරයන් නිරීක්ෂණය කළ ද මෙහි පවත්නා අදාළත්වය වටහා ගත හැකිය.
ආරම්භයේ දී අපට දිස්වනුයේ කිසිසේත් ම පුපුරුවා හැරිය නො හැකි යථාර්ථය යි. එහෙත් මහාචාර්යවරයා තුළ පැසවන විස විසින් එම යථාර්ථය බිඳවැටෙනු ලැබේ. මංකොල්ල ක‍්‍රියාදාමයට අදාළ බොහෝ අහම්බයන් සේ පෙනී යන කරුණු මහාචාර්යවරයා විසින් කලින් සැලසුම් කරන ලද මහා සැලැස්මේ (Master Plan) අනිවාර්යයෙන් ම බලාපොරොත්තු වූ ප‍්‍රතිඵලයන් ය. මේ අනුව, සංවිධිත යථාර්ථය වෙනස් කිරීම සඳහා යථාර්ථයට එරෙහි විසකින් යුතු ව කටයුතු කරන මිනිස් සැලැස්මක (පක්ෂය?) අවශ්‍යතාව අවධාරනය වේ. එසේ ම එම සැලැස්ම (න්‍යාය) වෙනුවෙන් ජීවිතය වුව කැප කිරීමට සූදානම් මිනිසුන් පිරිසක් (භාවිතය* මේ සඳහා අවශ්‍ය වේ. ඒ් අනුව, සැලැස්ම (න්‍යාය) හා පිරිස (භාවිතය) යනු දෙකක් සේ සංකේතවත් වන ඒ්කීය ක‍්‍රියාවලියකි. විප්ලවකාරී ක‍්‍රියාව යනු, එය යි.
මහාචාර්යවරයා තුළ මෙන් ම ඔහුගේ කණ්ඩායම තුළ වන විස ඔවුන් තුළ ඇති වූයේ කෙසේද? එය නිශ්චිතව ම ඔවුන්ගේ පෞද්ගලික ආත්මයන් තුළින් ම මතු වූවකි. නිදසුන් ලෙස ඍදහ්ක ඵසබඑ මංකොල්ලය සඳහා මාහචාර්යවරයා මෙහෙයවනුයේ සිය පියා බැංකු මංකොල්ලයක දී ඝාතනය වීමට පළිගැනීමක් ලෙස ය. ස්පාඤ්ඤ බැංකුවේ මංකොල්ලය සිදු වනුයේ සිය කණ්ඩායමේ සාමාජිකයකු(ඍසද* රජයෙන් බේරාගැනීම පිණිස ය. ඒ් අනුව, අදාළ ක‍්‍රියාවෙහි නිමග්න වීමේ අවශ්‍යතාව ඇති වීමට හේතු ඔවුන්ගේ පුද්ගලාභ්‍යන්තරයෙන් ම ගලා ආ ඒ්වාය. එහෙත් ඒ්වා ඉබේ ම ගලා ආ ගුප්ත ආලෝක ධාරා බඳු වර්ගයක් නොව, භෞතිකයෙහි ම ප‍්‍රතිඵලයක් ලෙස පැන නැගුණු ඒ්වාය. නො එසේ නම් විෂයමූලිකත්වය මනෝමූලිකත්වයක් බවට පරාවර්තනය කිරීමේ ප‍්‍රතිඵලයක් ලෙස පැන නැගුණු ඒ්වා ය. මහාචාර්යවරයා(පක්ෂය?) සිය සාමාජිකයන් සොයා ගන්නා ආකාරයත් ඔවුන් ඒ් සඳහා පොලඹවා ගන්නා ආකාරයත් මගින් වමට කියවාගතයුතු වන ගැඹුරු පාඩමක් ලෙස එය දැක්විය හැකිය.
පළමු මංකොල්ලයට අදාළව ප‍්‍රධාන වශයෙන් මහාචාර්යවරයා විසින් සිය කණ්ඩායම බැඳ තබන මූලික කොන්දේසි 3කි.
1. මංකොල්ලය තුළ මිනිසුන්ට හානි නො විය යුතු ය.
2. සාමාජිකයන් වෙනුවෙන් කළ යුතු ඕනෑ ම දෙයක් කළ යුතු ය.
3. මංකොල්ලය සිදු වන කාලය ඇතුළත කණ්ඩායමේ සාමාජිකයන් අතර පේ‍්‍රම සම්බන්ධතා ඇති නො විය යුතු ය.
මේ කොන්දේසි 3 අන්‍යෝන්‍ය වශයෙන් විරුද්ධාභාසයක්(paradox) පෙන්නුම් කරනු ලැබුව ද මහාචාර්යවරයා සිය කණ්ඩායම ඉදිරියේ තබනුයේ පරමාදර්ශී තත්වයකි. බොහෝ දාර්ශනිකයන් විසින් ඉදිරිපත් කරනු ලැබූ පරමාදර්ශ වෙත ගමන් කිරීමේ මාවත වැටී ඇත්තේ මෙබඳු ප‍්‍රතිවිරෝධාත්මක ආභාසයන් මධ්‍යයෙනි. එය අනාගත කොමියුනිස්ට් සමාජයක් වෙනුවෙන් පවතින මාර්ගයට ද එලෙසින් ම අදාළ ය.
සැලැසුම(න්‍යාය) කොතරම් පරමෝත්තම වුවද එය ක‍්‍රියාවට(භාවිතයට) සාපේක්ෂව අජීවිය. ඒනයින් කවර සැලැසුමක් වුව ක‍්‍රියාවට නගන්නේ මිනිසා නම් එම සැළැස්ම 100% ක ප‍්‍රතිශතයකින් සම්පූර්ණ වීමට ඉඩ ඇත. මංකොල්ලය ආරම්භයේ දී පැනවූ උක්ත සියලූ කොන්දේසි මංකොල්ලය කාලය තුළදී උල්ලංඝනය වේ. ඒ් උල්ලංඝනය වන සෑම තැනක දී ම සැලැස්ම අර්බුදයට ලක් වේ. ඵදබැහ ්‍යැසිඑ කතා මාලාව පේ‍්‍රක්ෂිකාව ඉදිරියට යථාර්ථය ගෙන එනුයේ එබඳු දාර්ශනික තලයකිනි. මිනිසත් බවට අදාළ මේ දුර්වලත්වය නො දැන විප්ලවය නොව කිසිදු ක‍්‍රියාවක් නො කළ යුතු බව මේ වෘතාන්තය අපට කියා දෙයි.
දේශපාලන පක්ෂයකට සිය ෆැසිස්ට් පන්නයේ ආකෘතිය මගින් යටපත් කළ නො හැකි මානව ලක්ෂණයක් ලෙස ආශාව(desire) දැක්විය හැක්කකි. එය අවශ්‍යතාවක් මෙන් ම සංතෘප්ත කළ නො හැකිය. ඒය අවශයතාව ඉටු කළ පසු ද ඉතිරිව පවතින දෙයකි. ඒය මුළුමනින් ම ලිංගික ය. එනිසාම ඒය අවිඤ්ඤාණකය. බැංකුව තුළට කඩා වදින නමුදු පියවරෙන් පියවර තමන්ගේ අවශ්‍යතාව ඉටු කර ගන්නා නමුදු ආදරය සඳහා වන තෘෂ්ණාව මංකොල්ලකරුවන් සියලූ දෙනා තුළ ඉතිරිව පවතී. අවම වශයෙන් මහාචාර්යවරයාට පවා තුන්වන කොන්දේසිය ආරක්ෂා කරගැනීමට හැකි වන්නේ නැත. නූතන වාම ව්‍යාපාර මනෝවිශ්ලේෂණය වෙත නැඹුරු විය යුත්තේ මන්ද, යන්නට පිළිතුරක් මෙයින් සම්පාදනය කර ගත හැකිය.
මෙතරම් පේ‍්‍රක්ෂක පිරිසක් මේ වෘතාන්තය නැරඹීමට හා ඇබ්බැහි වීමට හේතුව ඔස්සේ සිතුව ද මේ කරුණ අමතක කළ නො හැක. මංකොල්ලය අතරතුර එහි චරිත අතර හටගන්නා එබඳු සබඳතා සඳහා සෑම කොටසකින් ම නිශ්චිත කාලයක් වැය කිරීම පිටුපස පේ‍්‍රක්ෂිකාවගේ අවිඤ්ඤාණක ආශාව පිළිබඳ අවබෝධයෙන් යුතු නිර්මාණකරුවකු හා වෙළෙන්දෙකු සිටින බව ද මෙහි දී අප අමතක නො කළ යුතුය.
කෘතියේ අන්තර්ගතය(content) පේ‍්‍රක්ෂිකාව වෙත ගෙන එන ස්වරූපයද(form) මේ කෘතියේ ජනකාන්ත බවට බලපා ඇති ප‍්‍රධාන හේතුවකි. විශේෂයෙන් ම නළුවරණය, රංගනය, සංගීතය, හා ඇඳුම් නිර්මාණය කෘතියේ අන්තර්ගතයෙහි වන ‘විය නො හැකියාව’ සමග මැනවින් සම්බන්ධ වෙයි. සමස්ත ස්වරූපයෙහි දක්නට ලැබෙන නාට්‍යරූපි බව (ෘර්ප්* මෙකී ‘විය නො හැකියාව‘ සමග මනාව සැසෙ`දයි. මංකොල්ලයන් සඳහා භාවිත කරන වෙස් මුහුණු සඳහා ස්පාඤ්ඥ ජාතික අධිතාත්විකවාදී චිත‍්‍රශිල්පියකු වන ‘සැල්වදොර් ඩාලි’ගේ රුව යොදා ගැනීමෙන් ම නිර්මාණකරුවා සිය කෘතියේ අන්තර්ගතය පිළිබඳ කොතරම් බරපතළ වී ඇත්ද යන්න පැහැදිලි වේ. ඩාලි අධිතාත්විකවාදියකු වීම පමණක් නොව, ඔහුගේ විකේන්ද්‍රීය චරිත ලක්ෂණ ද මේ මංකොල්ලයන් හා මැනවින් ගැළපේ.
අවසාන වශයෙන් පැවසීමට ඇත්තේ මෙකී වෘතාන්තයේ ‘අවිශ්වාසනීය’ බව හුවා දැක්වීමට ඇතැම් විවේචකයන් ගෙන එන තර්ක හාස්‍යජනක බව ය. මන්ද යත් මෙය නිර්මාණය වී ඇත්තේ ම මේ මොහොතේ විශ්වාස කළ නො හැකි යථාර්ථයක් වෙත ළ`ගාවීම සඳහා භාවිත ක‍්‍රියාවලියක් මත පදනම් කර ගෙන ය. ප‍්‍රතිඵලය විස්මයජනක වීමට නම් ක‍්‍රියාව අදහාගත නො හැකි විය යුතුය. දිව්‍යලෝකයට අතු විහිදන්න නම් අපාය දක්වා මුල් විහිදිය යුතුය. නිව්ටන්ගේ නියමය එසේ දේශපාලනිකව ප‍්‍රතිකියවීම අවශ්‍ය ය.
Comments
Post a Comment