Posts

යුගයෙන් යුගය පදයෙන් පදය පෙදෙහි රසහව් විඳිමු !

Image
  රළ සාමුහිකය සහ කිණිහිර අධ්‍යයන කවය විසින් ගාල්ලේ සංවිධානය කළ මේඝ කලා සංස්කෘතික දිගහැරුම 2025 වෙනුවෙන් නොවැම්බර් 23 වැනිදා පැවති කාව්‍ය වින්දන සංවාදයට සඳරැුසී සුදුසිංහ, දමිත් දහනායක, සුරේඛා සමරසේන සහ පුබුදු ජයගොඩ යන සහෝදර සහෝදරියන් සම්බන්ධ වුණා. ”යුගයෙන් යුගය පදයෙන් පදය පෙදෙහි රසහව් විඳිමු” යන තේමාවෙන් කෙරුණු මෙම සංවාදයේදී පළ වූ අදහස් ඇසුරින් මේ සටහන ලියැවුණි.   යුගාවසානයක සුබ කියා කිසිත් නොමැත යුද්ධය කවියට කළ බලපෑම සම්බන්ධයෙන් සඳරැසී සුදුසිංහ කිවිඳිය විසින් මුලින්ම අදහස් දැක්වුවා.  ”යුද්ධයෙන් පසු උතුරෙ විනෝදයට ඇවිද යන එක පමණක් ප‍්‍රමාණවත් නොවන නිසා, යුද්ධය සහ ඉන්පසු කාලයේ කවියට ඇති වූ බලපෑම මොකක්ද බලමු. සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපතිවරයකු වූ සරත් චන්ද්‍රජීව යුද්ධයෙන් ඇවිලූණු හෘදසාක්ෂිය අවදි කරමින් කවි කිවිඳියන්ගෙ එකතුවක් ලෙස පළ කරපු ‘සුන්දරම්පුරම් ජනෙල් පියන්පත්’ මගේ අදහස් දැක්වීමට පාදක කරගන්නවා. එහි තියෙන හිනිදුම සුනිල් සෙනෙවි ලියු කවියෙන් කොටසක් මේ. ”නෝනලා බේබිලා ජොගින් ගිය සඳ ලස්සනම වීර විභූෂණ ¥විලි පිස දමන්නට සාලයට ආ කෝකිලා ළඟදි සාලයට ගෙන ආ කැටයමැ...

වධකයාගේ පුනරාගමනය!

Image
චිත‍්‍රපටයක, ටෙලිනාට්‍යයක හෝ වේදිකා නාට්‍යයක පොලිස් නිලධාරියකු පෙන්වන බලය, එම නිර්මාණයෙන් අපට ගෙන එන විනෝදාස්වාදයේම කොටසක්. අපි ප්‍රේක්ෂකයන් හැටියට ඒ විනෝදය සමග බැඳෙනවද, නැත්නම් අප ඉන්නෙ ඊට විරුද්ධ මතයකද? ඔබ ඒ ගැන හිතලා නැතිව ඇති.  විසාකේස චන්ද්‍රෙස්කරම් විසින් නිර්මාණය කළ, ‘32-වධකයාගේ පුනරාගමනය’ වාර්තාමය චිත‍්‍රපටය සුවිශේෂි වෙන්නෙ කාරණා කීපයක් නිසා. චිත‍්‍රපටයේ ආරම්භක දර්ශනයෙදි වධකාගාර දොරටුව තුළින් ඇතුළුවන පේ‍්‍රක්ෂක ඔබ, සිදුවන අමානුෂික අපරාධ ක‍්‍රියාවලිය මැදින් ගමන් කරන්න පටන් ගන්නවා. එය නරඹන ඔබ ඔබටම වධ දෙන අත්දැකීමක් ලෙස හැඳින්වුවාට කමක් නෑ. ධර්ම චක‍්‍රය උරහිසේ පැලªවන් අතින් සැකකාරයන් හිංසනයට ලක්වනවාත් සමගම පේ‍්‍රක්ෂාගාරයේ සිටින ඔබේ ආශාවද රාජ්‍ය ආරක්ෂාව, නීතියේ ආධිපත්‍ය නාමයෙන් කෙරෙන මෘග ක‍්‍රියාදාමය සමග නිරායාසයෙන් ඒකාත්මික වෙනවා. යම් බිහිසුණු අපරාධයකට, මංකොල්ලයකට, ලිංගික හිංසනයකට, සොරකමකට හෝ වෙනත් සුලූ වරදකට අත්අඩංගුවට පත්වන පුද්ගලයා හිංසනයට පත් නොකර ඔවුන්ගෙන් තොරතුරක් දැන ගන්න නොලැබෙන බව නීතිය ක‍්‍රියාත්මක කරන (විශ‍්‍රාමික* නිලධාරින් අපට කියනවා. පේ‍්‍රක්ෂාගාරයේ මතය ඊට වෙනස්ද...

දිට්වා සහ ඩිකැප්‍රියෝ

Image
නොවැම්බර් මස අවසන් සතිය ලංකාව කඳුලින් නැහැවුණු සතියක්. ඒ දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇතිවූ අධික වර්ෂාපතනයත්, එමගින් කඳුකරය නාය යෑම සහ පහත්බිම් ගංවතුරට හසුවීම යන ආපදා දෙක නිසා. සුළිකුණාටු ඇතිවීමට හේතුව වන්නේ නිවර්තන කලාපය අධිකව රත්වීමට ලක්වීම. මේ නිසා සාගරය උණුසුම්වීම මෙවැනි සුළිකුණාටු ඇති කරන්නට අවශ්‍ය පසුබිම සකස් කරනවා. සුළිකුණාටු සෘජුවම දේශගුණ විපර්යාස සමග සම්බන්ධයි. දේශගුණ විපර්යාස ගෝලීය උණුසුම ඉහළ යාම සමග සම්බන්ධයි. ගෝලීය උණුසුම ඉහළ යාම වායුගෝලයට අධික ලෙස හරිතාගාර වායු මුදාහැරීම සමග සම්බන්ධයි. හරිතාගාර වායු ධනේශ්වර නිෂ්පාදනය සහ ධනේශ්වර අධි පරිභෝජන ජීවන දර්ශනය සමග සම්බන්ධයි. ‘ටයිටැනික්’ චිත‍්‍රපටයේ ජැක්ගේ චරිතය රඟපෑම නිසා අප කවුරුත් හඳුනන ලියනාඩෝ ඩිකැප‍්‍රියෝ ධනවාදයේ මේ ව්‍යසනයට එරෙහිව හඬ නගන කලාකරුවෙක්. ලොව පුරා ප‍්‍රගතිශීලී කලාකරුවන් විශාල ප‍්‍රමාණයක් මේ ව්‍යසනයට එරෙහිව නගන හඬට සංකේතයක්. ලියනාඩෝට The Revenant චිත‍්‍රපටයේ රඟපෑම වෙනුවෙන් 2015 වසරේ හොඳම නළුවාට හිමි ‘ඇකඩමි’ සම්මානය හිමිවුණා. 2016 පෙබරවාරි 28 වැනිදා පැවැත්වුණු සම්මාන උළෙලේ සම්මානය ලබා ගැනීමෙන් අනතුරුව ඔහු අදහස් දක්වද්...

නැතිවුන බස් රථයක් තුළ හමුවන මනුෂ්‍යත්වය - The Lost Bus

Image
ආපදා සහ අභියෝග මිනිස් ශිෂ්ඨාචාරය පුරාම අපට හුරු පුරුදුය. මානව ඉතිහාසය පුරාම මිනිසුන් තමන් වෙත එල්ලවූ විවිධ අභියෝගයන් සමගින් ගැටුණි. සොබා දහමෙන් එල්ලවූ මෙම අභියෝග රැස සමග මානව වර්ගයාගේ අරගලය මානව ශිෂ්ඨාචාරයේ ඉදිරි ගමනේ පදනම බවට පත්කර ගැනීමට මිනිසුන්ට හැකියාව ලැබුණි. ගිණිකඳු භූමිකම්පා වැනි අනපේක්ෂිත ස්වාභාවිකආපදාවන්ට නිරන්තරයෙන් මුහුණ දෙන ප‍්‍රදේශවල ජනතාව පවා එම උවදුරුවලට මුහුණ දීමට අනුවර්තනය වූහ. වැදගත්ම දෙය ඔවුන් කිසිදු විටෙක එම අරගලයෙන් පරාජය භාර නොගෙන ඒ සමග නිරන්තරයෙන් පොරබැදීමයි.  අභියෝගයන් නව මිනිසුන් බිහිකරන අතර ඇතැම් විටෙක ආපදාව ජයගන්නා විට පෙර සිටියාට වඩා ජයග‍්‍රහණයන් රැසක් මිනිසුන් අත්කර ගනී. කෙසේ නමුත් අවාසනාවන්ත ලෙස එබඳු ආපදාවන් හමුවේ අසමත් වන්නේ නම් එය ඉතිහාසයේ ඛේදාන්තයන්ගෙන් කෙළවර වේ. මෙබඳු ආපාදාවන්ට සහඋවදුරුවලට සමාජය තුළ ‘ඉරණම’ හෝ වෙනයම් කුමනාකාර හෝ අර්ථකථන ලබා දුන්නද අනිවාර්ය යථාර්ථය නම් කුමන හෝ තත්වයන් යටතේ අපට එම ආපදාවන්ට මුහුණ දීමට සිදුවීමත් එම අභියෝගයන් අභිබවනය කිරීමට සිදුවීමත්ය. මින්පෙර සුනාමි ව්‍යසන අවස්ථාවේ හෝ 2016 ගංවතුර අවස්ථාව සළකා බැලුවත් මේ මොහොතේ අප මුහුණ...

දෛනික ජීවිතයේ වරපට ලිහී යාම හෙවත් "අපෙ ගෙදර ගිනි තියයිද?"

Image
යම්කිසි සමාජයක නාට්‍යකරුවකු බිහිවීමෙහි ලා අඛණ්ඩ නාට්‍ය කලා භාවිතාවක යෙදීමට නාට්‍යකරුවකු සතු ධෛර්යය තීරණාත්මක වේ. විශේෂයෙන් ම ලංකාව වැනි ආර්ථික වශයෙන් හා සංස්කෘතික වශයෙන් අව වර්ධිත සමාජයක විශිෂ්ට නාට්‍ය කලා පෞරුෂ බිහි නොවීමෙහි ලා මෙසේ අඛණ්ඩ කලාත්මක භාවිතයක යෙදීමට ඇති ඉඩප‍්‍රස්ථාවන්ගේ සීමාසහිතභාවය බරපතළ ලෙස බලපානු ලබයි. එහෙත් ඒ අතරම, කෙතරම් දුෂ්කර කොන්දේසි යටතේ වුව දිගින් දිගටම, සිය නිර්මාණාත්මක භාවිතාවේ, සෞන්දර්යාත්මක අරගලයේ නියැලී සිටින නාට්‍යකරුවන් අතළොස්සක ප‍්‍රමාණයක් වුවද නැතුවාම නොව, රාජිත දිසානායක මේ අතුරින් ප‍්‍රමුඛයෙකි. ඔහුගේ නවතම නාට්‍ය නිර්මාණය වනුයේ ‘අපේ ගෙදර ගිනි තියයිද?’ නාට්‍යයයි.  සුපුරුදු ලෙසම පෘථුල, සමකාලීන සමාජ දේශපාලන වාස්තවික පසුබිමක සිය කෘතිය පිහිටුවීමට උත්සාහ දරණ නාට්‍යකරුවා ඒ සඳහා මෙවර තෝරාගෙන ඇත්තේ 2022 ආර්ථික අවපාතය හා දේශපාලන අර්බුදය තුළ පැන නැගුණු ජනතා විරෝධතාවන්ගේ පසුබිමෙහි වූ සංසිද්ධියකි. සිය පූර්ව සන්තතික නිර්මාණය වූ ‘ජූලි මාසයේ දවසක්’ නාට්‍යයේදී පාස්කු දින ප‍්‍රහාරය ආශ‍්‍රිත සිදුවීමක් පාදක කරගත් ආකාරයටම ඔහු මෙවරද ලංකාවේ සමාජ සන්දර්භයේ සමකාලීන වශයෙන් තව...

ප‍්‍රාග් ඓතිහාසික යුගයෙන් ග‍්‍රීක යුගයට

Image
  මිනිස් ශිෂ්ටාචාරයේ ආරම්භක අවධියේ කලාව නර්තනයෙන්, විවිධ ශබ්ද ඉපදවීමෙන් බිහිවන්නට ඇත. එහෙත් මිනිසා සංකීර්ණ කලාත්මක භාවිතයකට ආවේ චිත‍්‍රය එසේත් නැත්නම් යම් මතුපිටක ඇඳීම පටන් ගත් දවසේ විය යුතුය. එසේ ආරම්භ වූ සිතුවම් කලා ඉතිහාසයේ තොරතුරු සොයා දැනගෙන ‘රළ’ සහෘදයන්ගේ කලාත්මක ඥානය පොහොසත් කිරීමේදී චිත‍්‍ර රසවින්දනය වෙනුවෙන් ලියැවෙන ලිපි පෙළක දෙවැන්නයි මේ. පසුගිය කලාපයෙන් අපගේ සාකච්ඡුාවට බඳුන් වූ ආදිකල්පිත කලාව, නව පාෂාණ යුගයකට එළඹ ග‍්‍රීක යුගයේ දී මිනිසාට යළිත් අත්පත් කර ගත නොහැකි තරමේ අසාමාන්‍ය විශිෂ්ටත්වයක් සාක්ෂාත් කර ගැනීම දක්වා වූ කතා පුවත සොබාදම හා කලාව අතර වන අන්තර් විනිවිදීම හඳුනා ගැනීමේ දී අතිශය වැදගත් මඟහැරිය නොහැකි අවදියක් පිළිබඳ තොරතුරු හෙළි කරන්නකි. එය පන්ති විරහිත සමාජයක සිට පන්ති සහිත සමාජයක් දක්වා ගමන් කිරීමේ දී කලාව මුහුණ දුන් පරිවර්තනයන් හඳුනා ගැනීමට උත්සාහ දරන්නෙකුට ද අනිවාර්යයෙන් අධ්‍යයනය කිරීමට සිදු වන කතා ප‍්‍රවෘත්තියකි.  පැලියෝලිතික යුගයෙන් හෙවත් පැරණි ගල් යුගයෙන් නියෝලිතික යුගය හෙවත් නව පාෂාණ යුගයට එළඹීමත් සමග කලාව, මානව ප‍්‍රගමනයෙහි අලූත් වර්ධනයන් සමග සහසම්බන...

ක‍්‍රීඩාවේ නීති සහ පලස්තීනයේ නිදහස

Image
  තම ක‍්‍රීඩා ඇඳුමේ සටන් පාඨයක් ප‍්‍රදර්ශනය කිරීම නිසා ලංකාවේ පාපන්දු ක‍්‍රීඩක මොහොමඞ් තිල්හාම්ට ආසියානු පාපන්දු සම්මේලනය :්ත්‍ක්‍* විසින් අමෙරිකන් ඩොලර් දෙදහසක දඩයක් නියම කළේය. එතරම් සමාජ අවධානයකින් තොරව යටපත් වූ එම සිදුවීම මෙසේය කොළඹ රේස් කෝස් පිටියේ පැවති ආසියානු කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලිය අතරතුර ජූනි මස 10 වැනිදා කොළඹ තුරග තරග පිටියේදී ලංකා පිල සහ චීන තායිපේ පිල අතර පැවති තරගයෙන් ලංකාව 3-1 ජයග‍්‍රහණයක් ලබා ගත්තේය. එම ජයග‍්‍රහණ සංකේත හිමිකර ගැනීමෙන් පසු කණ්ඩායම සමූහ ඡුායාරූපයකට පෙනී සිටින අතරතුර, ආදේශක ක‍්‍රීඩකයකු වූ 19 හැවිරිදි මොහොමඞ් තිල්හාම්, ඔහුගේ නිල ක‍්‍රීඩා ජර්සිය ඔසවා තම කමිසයේ ලියා තිබුණු ‘නිදහස් පලස්තීනය වෙන්වෙන් යාඥා කරන්න’ යන අදහස ඇති ඉංග‍්‍රීසි බසින් ලියු වැකියක් ප‍්‍රදර්ශනය කළේය. පලස්තීනයට සහයෝගය පළ කරමින් මොහොමඞ් තිල්හාම් සිදු කළ මෙම ක‍්‍රියාව, ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ සම්මතයන්ට පටහැනි බව දක්වමින් මෙම දඩය නියම කර ඇත. ශ‍්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ජස්වර් උමාර් පවසා ඇති ආකාරයට වඩාත් දරුණු ද`ඩුවමක් විය හැකිව තිබුණත් සිද්ධිය සම්බන්ධයෙන් පැහැදිලි කිරී...