Posts

Showing posts from April, 2023

ස්වාධීන විප්ලවවාදී කලාවක් සඳහා වූ ප්‍රකාශනය

Image
  කලාව හා දේශපාලනය පිළිබඳ විවිධ දෘෂ්ටිකෝණයන්ගෙන් විවරණය කෙරෙනු දක්නට ලැබේ. කලාව යනු කුමක්දැයි වටහා ගැනීමේ සිට එහි දේශපාලන කියැවීම් උදෙසා වන ප්‍රයත්නයන් ඉතිහාසය පුරා සිදු කරනු ලැබ ඇත. වමේ දේශපාලන ව්‍යාපාර විසින්ද කලාවේ ප්‍රභවය, පැවැත්ම හා විචාරය සම්බන්ධ සිදුකරන ලද විශ්ලේෂණ මෙන්ම කලාව අරුත් ගැන්වීම වනුවෙන් සහ එහි ප්‍රගතිය වෙනුවෙන් කළ සම්ප්‍රදානයන් බොහෝය. මෙවර අප ‘රළ‘ කලාපයේ පළ කෙරෙන පහත ලේඛනය, ස්වාධීන විප්ලවවාදී කලාවක් අරමුණු කරගෙන දියාගෝ රිවේරා සහ අන්ද්‍රෙ බ්‍රෙටන් විසින් අත්සන් කර පළ කරන ලද ඓතිහාසික ලේඛනයකි. මෙම ලේඛනය ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව එම ප්‍රතිපත්තිමය එකඟතා ක්‍රියාත්මක කිරීම පිණිස 1938 දී පිහිටුවන ලද සංවිධානය ‘ස්වාධීන විප්ලවවාදී කලාව පිළිබඳ ජාත්‍යන්තර සම්මේලනය’ (FIARI) ලෙස හැඳින්වේ. පවතින ධනපති සමාජයේ කලාව පිළිබඳ ආස්ථානයන් ප්‍රතික්ෂේප කරමින් ස්වකීය විප්ලවවාදී දේශපාලන හා සංස්කෘතික ස්ථාවරයන් මත පදනම්ව  කෙටුම්පත් කළ මෙම ප්‍රකාශනය අන්ද්‍රෙ බ්‍රෙටන් සහ දියාගෝ රිවේරා විසින් නිල වශයෙන් අත්සන් කළා වුවද එය ලියොන් ට්‍රොට්ස්කි විසින් අන්ද්‍රෙ සමග  බවට සැලකේ. 1938 අප්‍රේල් මාසයේදී අන්ද්

ඉතිහාසය පීඩිතයාගේ ඇසින් දැකීම - 'ගාඩි'

Image
  ඉතිහාසය පිළිබඳ පසුකාලීන මාක්ස්වාදී කතිකාවේ එන එක් දීප්තිමත් අදහසක් වනුයේ ඉතිහාසකරණය හා ඓතිහාසික භෞතිකවාදය අතර වෙනසයි. ඊට අනුව, ඉතිහාකරණය සිද්ධීන්ගේ තත්‍ය අනුපිළිවෙළ අනුයන, රේඛීය කතිකාවතක් ගොඩනගන අතර ඓතිහාසික භෞතිකවාදය ඉතිහාසය වටහාගනුයේ ඊට වෙනස් ලෙසය. එය ඉතිහාසය වර්තමානය සමඟ මුහුණට මුහුණ ලා ඝට්ටනය කරන අතර ඒ අනුව, ඉතිහාසය නිර්වචනය කරයි. නිර්ණය කරයි. ඒ අනුව, ඓතිහාසිකකරණය ඒකරේඛීය කතිකාවක් වන අතර ඓතිහාසික භෞතිකවාදය, ස්වයංප්‍රතිවිරෝධී, සර්පිලාකාර, පුනරාවර්තනයන් සහිත සමාජ සංඝට්ටනයක් ලෙස ඉතිහාසය වටහා ගනී. ඒ අර්ථයෙන් ලංකාවේ පසුගිය යුගයේ බිහි වූ බොහෝ ඓතිහාසික කතා පුවත් රැගත් සිනමා නිර්මාණ ඉතිහාසකරණයන් මිස ඓතිහාසික භෞතිකවාදී දැක්මකින් නිර්මිත වූ සිනමා නිර්මාණ නොවන්නේය. පසුගිය දශක එකහමාරක් පුරා නිෂ්පාදනය වූ ‘රජ කතා’ සිනමාව අප අවබෝධ කරගත යුත්තේ මේ අර්ථයෙනි.  එහෙත්,  පාන්තික අර්ථයෙන් ඉතිහාසය ඛණ්ඩනය කර එය වර්තමානය සමග ඝට්ටනය කරවන සිනමා නිර්මාණයක් මේ දිනවල ප්‍රදර්ශනය කෙරේ. ඒ ප්‍රසන්න විතානගේ සිනමාවේදියාගේ ‘ගාඩි’ සිනමා කෘතියයි. ඓතිහාසික යථාවක් සමග බැඳුණු තත්කාලීන සිනමා නිර්මාණයක් වන එය අපට වැදගත් වනු

''මාස්ටර් සර්''

Image
මුල් ඉංග්‍රීසි ගායනය - නෙවිල් ප්‍රනාන්දු / සැන්ඩ්‍රා එඩෙමා   නීලා වික්‍රමසිංහගේ ගායනය https://youtu.be/JCs4GTCq3aU නිමල් මෙන්ඩිස් සිංහල ගායනය https://youtu.be/6CGJggppqcw සංගීතය - නිමල් මෙන්ඩිස් පද රචනය - නිමල් මෙන්ඩිස් (ඉංග්‍රීසි) සිංහල ගීතය ගායනය - නීලා වික්‍රමසිංහ  සංගීතය - නිමල් මෙන්ඩිස්  පරිවර්තනය - කරුණාරත්න අබේසේකර ඊනියා නිදහස ලබලා අවුරුදු හැත්තෑපහකට පස්සෙ ලංකාව ඇතුළෙ නිදහස කියන සංකල්පය රැඩිකල් විදියට ප්‍රශ්න කරන්න පටන් ගත්තෙ මේ අවුරුද්දෙ. නිදහස ගැන මේ වෙනකං වර නඟමින් තිබූ අධිපති අදහස මේ අවුරුද්දෙ දි අභියෝගයට ලක් වුණා. පෙබරවාරි 04 වෙනිදා ලැබුණු නිදහස කියන්නෙ මේ රටේ ප්‍රභූ සුළුතරයකට මිසක් නිර්ප්‍රභූ බහුතරයට හිමි වෙච්ච එකක් නො වන බවයි, මේ පාර නිදහස් දිනය සමරන දවසෙ රටේ මහජනතාව දක්වපු ප්‍රතිචාරවලින් පෙණුනෙ.  ඒ යථාර්ථය රටේ පොදු ජන විඤ්ඤාණය විදියට පරාවර්තනය වෙන්න අවුරුදු හැත්තෑපහක් ගියාට නිමල් මෙන්ඩිස් වගේ කලාකාරයෙක් ඒ අදහස මීට අවුරුදු 45ටත් කලින් සින්දුවකින් ලියලා නෙවිල් ප්‍රනාන්දුට කියලා ගායනා කරලා තිබුණා. පස්සෙ විවිධ ස්වරූපවලින් මේ සින්දුව නැවත නැවත ගායනා වෙන්නක් බවට පත් වුණා. ඒ තම

ප්‍රසාද් හෙට්ටිආරච්චි Menacing Landscapes

Image
පෙබරවාරියේ කොළඹ ආශ්‍රිතව චිත්‍ර ශීල්පීන් දෙදෙනකුගේ ප්‍රදර්ශන පැවති බවත් ඉන් එකක් සුජිත්ගෙ ස්ථාපන ප්‍රදර්ශනය කියලා පළවෙනි පිටුවෙදිම අපි කිව්වනෙ. දෙවැනි ප්‍රදර්ශනය තිබුණේ කොල්ලුපිටියෙ ‘බෙයාෆුට්’ ගැලරියේ. චිත්‍ර කලා නිර්මාණයේ වෙනස් සලකුණක් තබමින් සිටි ප්‍රසාද් හෙට්ටිආරච්චි මේ නිර්මාණ ප්‍රදර්ණය නම්කර තිබුණේ ‘තර්ජනකාරී භූදර්ශන’ :ඵැබ්ජසබට ඛ්බාිජ්චැි* වශයෙන්. ජනශ්‍රැතිය, පුරා කතා, ආගමික කතා මෙන්ම ජනප්‍රිය සංස්කෘතිය ආදිය භාවිත කරමින් ප්‍රසාද් තම නිර්මාණ ඇසුරින් සමකාලීන සමාජ ආර්ථිකයේ දේශපාලනය සහ සංස්කෘතික ගැටලු අර්ථකථනය කරන්න උත්සාහයක් දරනවා. ගතානුගතික හෝ ශාස්ත්‍රීය චිත්‍රකලා ක්‍රමවේදයන් වෙනුවට බිතුසිතුවම් රූප ශෛලිය අනුගමනය කරමින් ඔහු මෙම ව්‍යායාමයේ යෙදෙන්නේ කොළඹ නගරයේ භූදර්ශනය වෙනස් කරමින් පැන නගින නව රටාව සහ එහිදී ඇතිවන සංස්කෘතික ගැටලු දෙස දෘෂ්ටියක් හෙළීමටයි. විශේෂයෙන්ම කොළඹ වරාය නගරය සහ ඒ ආශ්‍රිතව කොම්පඤ්ඤ වීදියේ දැවැන්ත ඉදි කිරීම් හා නාගරික ජන සමාජයේ පැවැත්ම ඔහුගේ අවධානයට ලක්ව ඇත. මින් පෙර පැවැත්වූ ප්‍රදර්ශන දෙකක් තුළම ඔහු ඒ වෙනුවෙන් ගත් උත්සාහයේම ඉදිරි පියවරක් ලෙස මේ ප්‍රදර්ශනය සැළකිය හැකි

හෘදසාක්ෂිය, මිනිසෙකුගේ මාලිමාවයි !

Image
 හෘදසාක්ෂිය, මිනිසෙකුගේ මාලිමාවයි ! - වින්සන්ට් වැන් ගෝ - චිත්‍ර කලාවේ නියුතු කලා ශිල්පීන් දෙපළකගේ නිර්මාණ පසුගිය පෙබරවාරියෙ කොළඹ නගරයේ කලාගාර දෙකක ප්‍රදර්ශනය කෙරුණා. ඉන් එක්කෙනක් සුජිත් රත්නායක. මේ සමග පළ වෙන්නෙ කොළඹ ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේ ‘කැඩපත සහ ලොකප්’ නම් වූ ස්ථාපන කෘතියක් සමඟ සුජිත් රත්නායක පෙනී සිටින සේයාරුවක්. ඉහත සටහන්වන වින්සන්ට් වැන් ගෝගෙ ප්‍රකාශය(Conscience is a man's compass!) සටහන් කරමින් ඔහු නිර්මාණය කර තිබුණේ පොලිස් සිර මැදිරි දොරටුවක්. එම සිරමැදිරි දොරටුව වෙත යන විටම ඒ ඉදිරිපස ඇති කැඩපතෙන් (මෙහි පෙනෙන ආකාරයටම) අපට පෙනෙන්නේ අප සිරමැදිරියක සිට පිටත බලා සිටින දර්ශනයක්. ‘අර්බුදය හා අරගලය’ ලෙස නම්කළ සුජිත්ගෙ සමස්ත ප්‍රදර්ශණයෙම තිබුණේ ස්ථාපන කලාකෘති 10කට ආසන්න ගණනක්. නමුත් ඒ සියල්ලම තේමා කරගෙන තිබුණෙ ‘ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත’ විසින් ජන සමාජයක් ලෙස අප වෙත එල්ල කර ඇති බිහිසුණු ඉරණමයි. 1979 උතුරේ තමිල් තරුණයන්ගේ සන්නද්ධ නැගිටීම මර්දනය කිරීමට යැයි කියමින් තාවකාලික පනතක් ලෙස හඳුන්වා දුන් මෙම මානව විරෝධී නීතිය, උතුරේත් දකුණේත් ලක්ෂ ගණනක් මරාදමා හෝ අතුරුදන්කර තිබෙනවා. තවදු

ඡන්ද අයිතිය වෙනුවෙන් ඇගේ අරගලය Suffragette

Image
  සමාජයේ විකාශනය ගැන සැළකිල්ලට ගතහොත් මනුෂ්‍ය වර්ගයාගේ ඉතිහාසයම අරගලයක ඉතිහාසයයි. මේ මොහොතේ අපට ඉතා සාමාන්‍ය හා මූලිකම යැයි හැඟෙනසුලු කාරණාවන් වෙනුවෙන් පවා සැඟවුණු අතීතයක දැවැන්ත අරගලයන්, ඒ වෙනුවෙන් වෙහෙසුන මිනිසුන්ගේ අසීමිත කැපකිරීම් සිදුව ඇත. වානරයන්ගේ සිට මනුෂ්‍යයා දක්වා පරිණාමයට ස්වභාවධර්මය සමග කළ අරගලයේ සිට පසුව ස්පාටකස්ගේ සිට දිගහැරෙන සමාජ වෙනසක් සදහාවූ අරගලයන් තුළින් සමාජය අද දක්වා විකාශනය වූ අතර ඒ වෙනුවෙන් විශාල මිළක් ලක්ෂ ගණනක් අරගලකරුවන්ගේ රුධිරයෙන් ගෙවීමටද මනුෂ්‍ය වර්ගයාට සිදු විය. අරගලය යන්නට පසුගිය වසරක කාලය තුල ලාංකීය සමාජය තුළ නව අර්ථකතනයක් නැතිනම් විශ්වාසයක් ගොඩනැගිණි. ශිෂ්‍ය ව්‍යාපාරයට නැතිනම් වෘත්තීය සමිතිවලට සීමාවී තිබූ සටන්කර අයිතිවාසිකම් දිනාගත හැකි බවට වූ විශ්වාසය මුලු මහත් සමාජය වෙත ගමන් කරවීමට මෑත කාලීනව දිගහැරුණු අරගලය සමත්විය.  ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවේ අත්තනෝමතික මැතිවරණ කල්දැමීමත් සමග ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය පිළිබඳ දැඩි කතාබහක් සහ අරගලයක් සමාජය තුළ පැන නැගී ඇත. මේ වන විටත් එහිදී එක් ජීවිතයක් පවතිනා ආණ්ඩුව විසින් බිලිගෙන ඇත. තමන් පාලනය කරන නීති සෑදීමට,