ඡන්ද අයිතිය වෙනුවෙන් ඇගේ අරගලය Suffragette
සමාජයේ විකාශනය ගැන සැළකිල්ලට ගතහොත් මනුෂ්‍ය වර්ගයාගේ ඉතිහාසයම අරගලයක ඉතිහාසයයි. මේ මොහොතේ අපට ඉතා සාමාන්‍ය හා මූලිකම යැයි හැඟෙනසුලු කාරණාවන් වෙනුවෙන් පවා සැඟවුණු අතීතයක දැවැන්ත අරගලයන්, ඒ වෙනුවෙන් වෙහෙසුන මිනිසුන්ගේ අසීමිත කැපකිරීම් සිදුව ඇත. වානරයන්ගේ සිට මනුෂ්‍යයා දක්වා පරිණාමයට ස්වභාවධර්මය සමග කළ අරගලයේ සිට පසුව ස්පාටකස්ගේ සිට දිගහැරෙන සමාජ වෙනසක් සදහාවූ අරගලයන් තුළින් සමාජය අද දක්වා විකාශනය වූ අතර ඒ වෙනුවෙන් විශාල මිළක් ලක්ෂ ගණනක් අරගලකරුවන්ගේ රුධිරයෙන් ගෙවීමටද මනුෂ්‍ය වර්ගයාට සිදු විය. අරගලය යන්නට පසුගිය වසරක කාලය තුල ලාංකීය සමාජය තුළ නව අර්ථකතනයක් නැතිනම් විශ්වාසයක් ගොඩනැගිණි. ශිෂ්‍ය ව්‍යාපාරයට නැතිනම් වෘත්තීය සමිතිවලට සීමාවී තිබූ සටන්කර අයිතිවාසිකම් දිනාගත හැකි බවට වූ විශ්වාසය මුලු මහත් සමාජය වෙත ගමන් කරවීමට මෑත කාලීනව දිගහැරුණු අරගලය සමත්විය.
ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවේ අත්තනෝමතික මැතිවරණ කල්දැමීමත් සමග ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය පිළිබඳ දැඩි කතාබහක් සහ අරගලයක් සමාජය තුළ පැන නැගී ඇත. මේ වන විටත් එහිදී එක් ජීවිතයක් පවතිනා ආණ්ඩුව විසින් බිලිගෙන ඇත. තමන් පාලනය කරන නීති සෑදීමට, තමන්ගේ ජීවිතය පිළිබඳ බලපාන ප්‍රතිපත්තීන් සෑදීමට මැදිහත්වීමට සැමට අයිතියක් ඇත. මූලිකව රටක නීතීන්ට ජනතාව අවනතවීමේ සම්මුතිය ගොඩනැගෙන්නේ එලෙසය. එම මැදිහත්වීම වර්තමානයේ මූලිකව සිදුවන්නේ මැතිවරණය නම් ආකෘතිය තුළය. ඇතැම් දියුණු ප්‍රජාතාන්ත්‍රික ලක්ෂණයන් සහිත රටවල්වල සෘජු ප්‍රජාතාන්ත්‍රික උපක්‍රමයන්ද මේ සදහා භාවිතා කරයි. මෙම ඡන්ද අයිතියද අහසින් පැමිණි දෙයක් නොවන අතර කාලාන්තරයක් පුරාවට ප්‍රජාතාන්ත්‍රික අයිතීන් වෙනුවෙන් සටන් වැදුණු මිනිසුන්ගේ අරගලයන්ගේ ප්‍රතිඵලයකි. ඒ අතරින් කාන්තාවන්ගේ ඡන්ද අයිතිය වෙනුවෙන් දියත් වූ අරගලය, ආකර්ෂණීය, එමෙන්ම දශක ගණනාවක් පුරා දිග ඇදුණු යුරෝපය පුරා පැතිරුණු අරගලයක් විය.
19 වන ශතවර්ෂය මැදභාගයේ පමණ සිට යුරෝපයේ කාන්තාවන්ගේ ඡන්ද අයිතිය සම්බන්ධයෙන් අරගලයන් පැණ නැගුනි. එම මුල් කාලීන අරගල බහුතරය ඉහළ සමාජ ස්ථරයන්ගේ කාන්තාවන්ගේ මූලිකත්වයෙන් ඇතිවූ අතර එය කාන්තාවන්ගේ ඡන්ද අයිතීන් සදහාවූ නීති ප්‍රතිසංස්කරණයන් වෙනුවෙන් දිගින් දිගටම පෙනී සිටින ලදී. කාන්තාවන්ට සමාජය තුළ සමානාත්වතාව දිනාගැනීම සදහාවූ සමාන වකවානුව තුළ යුරෝපය තුල ගොඩනැගෙමින් පැවති අරගලයන්ගේ කොටසක් ලෙස මෙම සටන් පාඨය ප්‍රමුඛ කරගත් අරගල දියත් විය. කෙසේ නමුත් දිගින් දිගටම ඔවුන්ව රැවටීමට හා නොසලකා හැරීමට ලක්විය. අවසානයේ වෙනත් විකල්පයක් නොමැති යථාර්ථයක් තුළ ෑපපැකසබැ ඡ්බනයමරිඑ ප්‍රමුඛ උදපැබ’ි ීදජස්ක ්බා ඡදකසඑසජ්ක ඹබසදබ :උීඡඹ* ව්‍යාපාරයේ කාන්තාවන් සිවිල් නීතීන් බිඳීමේ ව්‍යාපාරයක් ආරම්භ කරණ ලදී. පසුකාලීනව එය ීමරෛ්ටැඑඑැ නමින් ප්‍රසිද්ධියට පත්විය. නගරයේ කඩසාප්පුවල ජනේල ගල් ගසා කඩා දැමීමේ සිට පුපුරණ ද්‍රව්‍ය භාවිතයෙන් කිසිවෙකුට හානියක් නොවන සේ විවිධ පිපිරවීම් සිදුකිරීම දක්වා ක්‍රියාමාර්ග ඔවුන් විසින් ගන්නා ලදී. මෙහිදී කාන්තාවෝ දහස් ගණනින් අත්අඩංගුවට ගැනීම්වලට හා පහරදීම්වලට ලක් වූහ. කෙසේ නමුත් මෙම සියලු දිගුකාලීන කැපකිරීම් හා අරගලයන්ගේ ප්‍රතිඵලයක් ලෙස 1918 දී බි්‍රතානයේ වරප්‍රසාදිත කාන්තාවන්ට ඡන්ද බලය හිමි වූ අතර 1928 සිට වයස අවුරුදු 21ට වැඩි සියලු කාන්තාවන්ට ඡන්ද අයිතිය ලැබුණි. ඒ අයිතිය වෙනුවෙන් බි්‍රතාන්‍ය කාන්තාවන් ගෙනගිය අරගලයේ කතාවයි ීමරෛ්ටැඑඑැ.
ඵ්මා උ්එඑි රෙදි සේදුම් ආයතනයක සේවිකාවකි. චිත්‍රපටයේ මුල් භාගය දිව යන්නේ ඇයගේ එදිනෙදා ජීවිතයේ ස්වභාවය ප්‍රේක්ෂකයා හමුවට ගෙන ඒමටයි. එය පොදුවේ එවකට පහළ ප්‍රාන්තික කාන්තාවකට උරුමවූ ජීවිතයයි. සැබවින්ම කර්මාන්ත ශාලාව වෙනුවෙන් ශ්‍රමය හෙළීමත් අනාගත පරම්පරාවන් ඇති කිරීමට දරුවන් බිහිකිරීමත් හැරෙන්නට වෙනත් ජීවිතයක් ඇය වෙත නොතිබිණි. ඇගේ කතාව පසුබිමින් ීමරෛ්ටැඑඑැ ව්‍යාපාරයේ නැගී සිටීමත් දිගහැරෙයි. එම ව්‍යාපාරය හා ඇයගේ ජීවිතය එකට හමුවන තැන සිට මෙම චිත්‍රපටයේ උච්චතම අවස්ථාව ගොඩනැගෙයි.
ඵ්මා උ්එඑි ඇතුලු කාන්තාවන්ට කර්මාන්ත ශාලාව තුළ හිමිවන්නේ පිරිමින්ට වඩා අඩු වැටුපක් වන අතරම පිරිමි සේවකයන් මෙන් දෙගුණයක් පමණ කාලයක් සේවයේ නිරතවීමට ඔවුන්ට සිදුවේ. ඊට අමතරව අයිතිකරුගේ ලිංගික බලහත්කාරකම් නිහඬව ඉවසීමටද සිදුවෙයි. මේ සියලු වෙනස්කම්වලට එරෙහි අරගලයේ සංකේතයක් බවට ඡන්ද අයිතිය සදහා වූ ව්‍යාපාරය පත්වෙයි. කාන්තාවන්ට තමන්ගේ පාලකයන් තේරීමට තරම් අවබෝධයක් නොමැති බවත්, ඉන්පසු ඔවුන් මන්ත්‍රීධූර ඇමතිධූර ආදියද ඉල්ලා සිටිනු ඇති බවටත් බහුතර පිරිමි ප්‍රජාව උපහාසයෙන් මෙන් කතා කරති. එබැවින් එක් අතකින් මෙම සිවිල් නීති කඩකිරීමේ ව්‍යාපාරය ඡන්ද අයිතිය පිළිබඳ සටන් පාඨය සමාජ අවධානයට ගෙන යනවාට අමතරව තමන්ටද පිරිමින් මෙන් තමන්ගේ ජීවිත පිළිබඳ තීරණ ගැනීමේ හැකියාවක් පවතින බවට වූ ලෝකය හමුවේ හඩගා කියා පෑමක්ද වෙයි.
ශිෂ්‍ය ව්‍යාපාරයේ ක්‍රියාකාරිකයන් මර්දනයේදී ඔවුන්ගේ දෙමාපියන්ට කරුණු දක්වා දරුවන්ගේ ක්‍රියාකාරීත්වය අඩපණ කිරීමට සමාජයේ ඇති මතවාදයන්ම පාලකයන් විසින් භාවිතා කරන ආකාරය පිළිබඳ අපට අත්දැකීම් ඇත. එහිදී පාලකයන්ට තමන් වෙත කිසිදු දෝෂාරෝපණයක් එල්ල නොවන පරිදි තම අවශ්‍යයතාවන් තෘප්ත කර ගැනීමට හැකියාව ලැබෙයි. චිත්‍රපටය තුළද අත්අඩංගුවට ගන්නා කාන්තාවන් පොලිස් රථයෙන් ඔවුන්ගේ නිවෙස් ඉදිරිපිටට ගෙනගොස් දැමීමට පොලිස් ප්‍රධානියා උපදෙස් ලබාදෙන අතර ඔහු පවසන්නේ ඔවුන් ගැන අපට කරදර වීමට දෙයක් නොමැති බවත් ඔවුන්ගේ සැමියන් එම කාන්තාවන් පිළිබඳ බලාගනු ඇති බවත්ය. එය සාර්ථක උපක්‍රමයක් වන අතර ඵ්මා ට අවසානයේ තම දරුවා හැරදමා නිවසින් වෙන් වන්නටද සිදුවෙයි.
මෙම චිත්‍රපටය ඵ්මා උ්එඑි නම් එක් චරිතයක් වටා ගොනුවන නමුත් එය මෙම ව්‍යාපාරයන් සමග සම්බන්ධවූ දහස් ගණනක් වූ කාන්තාවන්ගේ කතාවයි. පාලකයන් ජනතාවට සවන් නොදෙන විට ඒ සදහා වඩා විශාල හඬක් නැගීමට ජනතාවට සිදුවෙයි. ලංකාවේදී ජනාධිපති මන්දිරය ආදිය අත්පත් කරගැනීමෙන්ද එදා බි්‍රතානයේදී ගල් ගසා කඩසාප්පුවල වීදුරු බිඳ දැමීම ආදියෙන්ද සිදුකරන ලද්දේ එම කාර්යමය. අවසන තුරග ධාවන තරගයකදී ෑපසකහ උසකාසබට ෘ්ඩසිදබ රජුගේ අශ්වයා වෙත පැන ජීවිතය අහිමිකර ගැනීමේ සිදුවීමත් සමග ීමරෛ්ටැඑඑැ ව්‍යාපාරයේ ඉල්ලීම් ලෝකයේම අවධානයට ලක්වෙයි.
අරගලයක් කළ යුතු මාදිලියක් මේ යැයි සදාතනික නිර්වචනයන් අපට නොමැත. එය ඒ ඒ අවස්ථාවන්ට අනුව එහි හැඩයන් අත්පත් කරගනී. කෙසේ නමුත් ආකෘතිය කුමක් වුවත් අත්නොහරින ධෛර්යකින් අඛණ්ඩව තම අරගලයේ අරමුණු වෙනුවෙන් කැපවීමකින් තොර කිසිදු ජයග්‍රහණයක් දිනාගත නොහැක.
Comments
Post a Comment