අමෙරිකානු සිහිනය, බයිසන් සහ සිනහව අහිමි වීම : Butcher's Crossing

Butcher's Crossing යනු 1960 දී ජෝන් එඩ්වඩ් විලියම්ස් විසින් රචනා කරන ලද එම නමින් ම වූ නවකතාව පාදක කරගනිමින් ගේබ් පොල්ස්කි විසින් 2022 දී අධ්‍යක්ෂණය කරන ලද ආඛ්‍යාන වෘතාන්ත චිත්‍රපටයකි. Nicolas Cage, Fred Hechinger, Xander Berkeley, Jeremy Bobb සහ Paul Raci යන නළුවන් සහ Rachel Keller නිළිය ඊට රංගනයෙන් ප්‍රමුඛ ලෙස දායක වී ඇත. මේ චිත්‍රපටයට මෙන් ම නවකතාවට පාදක වී ඇත්තේ 1860 - 1880 අතර කාලයේ බටහිර අමෙරිකාවේ සිදු වූ මහා ‘බයිසන්’ ගව ඝාතන ක්‍රියාවලිය යි. බයිසන් ගවයන්ගේ හම් ලබා ගැනීම වෙනුවෙන් සිදු වූ එම ඝාතන ක්‍රියාවලිය කෙතරම් බරපතළ වූවක් ද යත් 1860 වන විට බටහිර අමෙරිකානු ප්‍රදේශයන්හි සැරිසැරූ මිලියන 60ක් පමණ වූ බයිසන් ගව ගහනය දශක දෙකක් ගත වන විට 300කට වඩා අඩු වී තිබිණ. එහෙත් අද වන විට උතුරු අමෙරිකාවේ එම ගවයන් 30,000ක් පමණ ජීවත් වන අතර ඒ සඳහා සහය වී ඇත්තේ ශේෂ වූ ස්වදේශික අමෙරිකානු ගෝත්‍රික කණ්ඩායම් ය. එය මෙතෙක් ලෝකයේ සිදු වූ ශ්‍රේෂ්ඨතම සංරක්ෂණ ක්‍රියාවලීන්ගෙන් එකක් ලෙස සැලකේ. 2016 දී අමෙරිකානු රජය සිය ‘ජාතික ක්ෂීරපායී සත්ත්වයා’ ලෙස මෙම බයිසන් ගවයා නම් කිරීමට පවා හේතු වූයේ මෙම සංරක්ෂණ ක්‍ර...