පර්සියස්ට එරෙහිව මෙඩූසා......

මෙඩුසා ග‍්‍රීක දේවකතා සාහිත්‍යයේ යක්ෂණියක ලෙස නිරූපිතය. සර්පයන්ගෙන් සැදි කෙස්වැටියක් ඇති ඇය දෙස බැලූවන් පවා ශෛලමය පිලිරූ බවට පත් වේ. පසු කාලයක ග‍්‍රීක සාහිත්‍යයේ මුල් අර්ථකථන අභිබවා ‘ඔවිඞ්’ නමැති රෝම කවියා විසින් විස්තර කරන ආකාරයට මෙඩුසා රූමතියකි. සයුරට අධිපති ‘පොසිඩන්’ නමැති දෙවියා යුද්ධයට අධිපති ඇතීනාගේ දෙවොලේදී මෙඩුසා ලිංගික අපහරණයට ලක්කරමින් සිටියදී ඇතීනාට හසු විය. වරද මෙඩුසාගේ බව තීරණය කරමින් ඇයට දඬුවම ලෙස රුදුරු මුහුණක් ඇති කෙස්වල සර්පයන් ඇති සත්වයකු බවට පරිවර්තනය කළේ ඇතීනා විසිනි. පර්සියස් විසින් මෙඩුසා පරාජයකර හිස ගෙනැවිත් ඇතීනාට ලබාදෙන අතර එය ඇගේ පළිහට යොදා ගනී. 1545දී බෙන්වනුටෝ සෙලිනි(Benvenuto Cellini) විසින් නිර්මිත, ඉතාලියේ ෆ්ලොරන්ස්හි ස්ථාපිත පර්සියස්ගේ නග්න පිළිරුවෙන් නිරූපණය වන්නේ මෙඩුසාගේ හිස රැගත් පර්සියස්ය. එහෙත් මෙඩුසාට සාධාරණයක් ඉටු කළ යුතු බව සිතූ ඉතාලියානු කලාකරු ලූසියානෝ ගර්බටි(Luciano Garbati) විසින් 2008දී මෙඩුසාගේ පිළිරුවක් නිමවන ලදී. නිව්යෝක් නගරයේ අපරාධ අධිකරණය ඉදිරිපිට ස්ථාපනය කර ඇති එහි නිරූපණය වන්නේ මෙඩුසා පරාජය කළ බවට ඉතිහාසයේ කියැවෙන පර්සියස්ගේ හි...