වධකයාගේ පුනරාගමනය!
චිත‍්‍රපටයක, ටෙලිනාට්‍යයක හෝ වේදිකා නාට්‍යයක පොලිස් නිලධාරියකු පෙන්වන බලය, එම නිර්මාණයෙන් අපට ගෙන එන විනෝදාස්වාදයේම කොටසක්. අපි ප්‍රේක්ෂකයන් හැටියට ඒ විනෝදය සමග බැඳෙනවද, නැත්නම් අප ඉන්නෙ ඊට විරුද්ධ මතයකද? ඔබ ඒ ගැන හිතලා නැතිව ඇති.
විසාකේස චන්ද්‍රෙස්කරම් විසින් නිර්මාණය කළ, ‘32-වධකයාගේ පුනරාගමනය’ වාර්තාමය චිත‍්‍රපටය සුවිශේෂි වෙන්නෙ කාරණා කීපයක් නිසා. චිත‍්‍රපටයේ ආරම්භක දර්ශනයෙදි වධකාගාර දොරටුව තුළින් ඇතුළුවන පේ‍්‍රක්ෂක ඔබ, සිදුවන අමානුෂික අපරාධ ක‍්‍රියාවලිය මැදින් ගමන් කරන්න පටන් ගන්නවා. එය නරඹන ඔබ ඔබටම වධ දෙන අත්දැකීමක් ලෙස හැඳින්වුවාට කමක් නෑ. ධර්ම චක‍්‍රය උරහිසේ පැලªවන් අතින් සැකකාරයන් හිංසනයට ලක්වනවාත් සමගම පේ‍්‍රක්ෂාගාරයේ සිටින ඔබේ ආශාවද රාජ්‍ය ආරක්ෂාව, නීතියේ ආධිපත්‍ය නාමයෙන් කෙරෙන මෘග ක‍්‍රියාදාමය සමග නිරායාසයෙන් ඒකාත්මික වෙනවා. යම් බිහිසුණු අපරාධයකට, මංකොල්ලයකට, ලිංගික හිංසනයකට, සොරකමකට හෝ වෙනත් සුලූ වරදකට අත්අඩංගුවට පත්වන පුද්ගලයා හිංසනයට පත් නොකර ඔවුන්ගෙන් තොරතුරක් දැන ගන්න නොලැබෙන බව නීතිය ක‍්‍රියාත්මක කරන (විශ‍්‍රාමික* නිලධාරින් අපට කියනවා. පේ‍්‍රක්ෂාගාරයේ මතය ඊට වෙනස්ද?
චිත‍්‍රපටයෙන් මතුකරන මේ ‘වධකයාගේ පුනරාගමනය’ දකින්න වෙන්නෙ පේ‍්‍රක්ෂකයා, සිනමාකරුවා අතර සහෘදව එක`ගතාවකින් පමණයි. විසාකේස අධ්‍යක්ෂණයට අමතරව තමන්ද මැදිහත් වෙමින් නීති පිඨ වධකාගාරය, ‘සරසවියේ නවක වධය’ මෙන්ම ‘අධිකරණයෙන් යුක්තිය’ ප‍්‍රමාද වන බවට සිනමාත්මකව ගොඩනගන තර්කය වැදගත්. ඊටත් වඩා අපේ අතීත සමාජයේ මානව හිමිකම්වලට තිබුණ ස්ථානය කුමක්දැයි ගවේශනය කරමින් මේ කාරණය ශිෂ්ටත්වය සම්බන්ධ සමාජ කතිකාවකට අරගෙන යන්න අවශ්‍ය අමුද්‍රව්‍ය, සිනමාකරුවා ගෙන එනවා.
16 වන සියවසේදී උතුරේදී ක‍්‍රිස්තියානින් සංහාරය කළ සංකිලිත් සීතාවක රාජධානියේදී භික්ෂු සංහාරයක් කළ පළවෙනි රාජසිංහත් මේ වධක පුරාවතට එකතු වෙනවා. මනුෂ්‍යත්වයට කිසිසේත් නොගැළපෙන බිහිසුණු අපරාධ සම්බන්ධ තවත් ප‍්‍රකට පුරාවෘත්ත මතු කරන නුවර යුගයෙන් පසුව, යුරෝපීය ශිෂ්ටත්වය ගෙන ආ යටත්විජිත පාලනයෙදිත් මේ වධක ක‍්‍රියාවලිය පැවතුණා. ඉන්පසුවත්, අද දක්වාම අත්අඩංගුවට පත්වූවන්ට වධ බන්ධන සිදු කෙරෙනවා. බෞද්ධ විහාරස්ථානවල මූර්ති හා සිතුවම් ලෙස නිමැවුණු ‘අපාය වධය‘ එක්තරා ආකාරයකින් පැරණි සමාජයේ ශික්ෂණය සම්බන්ධ සිතීම නිරූපණය කරනවා. යුරෝපය කේන්ද්‍ර කරගත් ශික්ෂණය තුළ ‘නිරීක්ෂණය තුළින් මර්දනය’ ක‍්‍රියාවට නගනු ලබනවා. 88-89 අරගලය මර්දනයට ‘කීනි මීනි’ උපදේශකයන් හඳුන්වා දුන් බිය ජනිත කිරීමේ ක‍්‍රමයක් ලෙස, වධ දී මරාදැමුවන් මළ සිරුරු ප‍්‍රදර්ශනය ද භාවිත වුණා. එය එසේ වන්නේ 1978 ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවෙන් මූලික මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කරන්න පියවර තැබුණු බවට ළමුන්ට පාසල්වල උගන්වන අතරතුරය.
පොලිස් පහරදීම් ගැන, සිරමැදිරියේදී මිය ගිය (ගෙල වැලලාගත්?* සැකකරුවන් ගැන, පොලිස් වෙඩි තැබීමෙන් මරණයට පත්වන (සැ`ගවූ ආයුද පෙන්වන?* සැකකරුවන් ගැන සිදුවීම් අසා තිබෙන දෙයක් නෙවෙයි. නමුත්, මුලින් කිව් අපට, ‘අපාය නැවත ර`ගදැක්වීම’ අමුතු ආකාරයට, කලා නිර්මාණයකදි විතරක් නෙවෙයි, රූපවාහිනි ප‍්‍රවෘත්ති ලෙස අපරාධකරුවන් සම්බන්ධ ‘ජවණිකා‘ පෙන්වන විටත් අප ඒ හිංසනය වින්දනය කරනවා. එකක් නිශ්චිතයි. ලංකාවෙ පොලිසිය, අධිකරණ ක‍්‍රියාවලිය, හඳුන්වන්නෙ නීතිය ක‍්‍රියාවෙ යොදවන ආයතන හැටියට. ඒත් ඒවා වින්දිතයන් ආරක්ෂා කිරීම වෙනුවට වින්දිතයන් බිල්ලට ගැනීමේ යාන්ත‍්‍රණයේම කොටසක් බවට පත් වෙලා. මේ නීති හදලා තියෙන්නෙ මිනිස්සු ආරක්ෂා කරන්න නෙවෙයි, රාජ්‍ය ආරක්ෂා කරන්න. ඒ වගේම, ඒ නීති යාන්ත‍්‍රණය,අතීත රජවරුන්ගෙ සිට අද දක්වාම පැවැත එන අත්තනෝමතික බලය පදනම් කරගෙන පවතින්නක්.
‘32-වධකයාගේ පුනරාගමනය’ වාර්තා චිත‍්‍රපටයේ නිර්මාණාත්මක මාධ්‍ය රූපවලින් වධක ක‍්‍රම නිරූපණය කරන්නෙ නුවර යුගයේ පන්සල් චිත‍්‍ර ශෛලියේ සිතුවම්. අතීත රජවරුන්ගේ දෙතිස් වධ පුනරාගමනය අවධාරණය කරන්න තමයි, විසාකේස මේ චිත‍්‍රපටය ‘වධකයාගේ පුනරාගමනය’ ලෙස හඳුන්වන්නෙ.


Comments
Post a Comment