Posts

Showing posts from June, 2025

Altamira : බයිසන් ගවයා (ප‍්‍රාග් ඓතිහාසික චිත‍්‍ර)

Image
  මිනිස් ශිෂ්ටාචාරයේ ආරම්භක අවධියේ කලාව නර්තනයෙන්, විවිධ ශබ්ද ඉපදවීමෙන් බිහිවන්නට ඇත. එහෙත් මිනිසා සංකීර්ණ කලාත්මක භාවිතයකට ආවේ චිත‍්‍රය එසේත් නැත්නම් යම් මතුපිටක ඇඳීම පටන් ගත් දවසේ විය යුතුය. එසේ ආරම්භ වූ සිතුවම් කලාවට වසර දහස් ගණනක් සහ බොහෝ සංස්කෘතීන් පුරා විහිදෙන දිගු හා පොහොසත් ඉතිහාසයක් ඇත. මේ උත්සාහය ඒ අපූරු ඉතිහාසයේ තොරතුරු සොයා දැනගන්නටයි. ‘රළ’ සහෘදයන්ගේ කලාත්මක ඥානය පොහොසත් කිරීමේදී චිත‍්‍ර රසවින්දනය වෙනුවෙන් ලියැවෙන ලිපි පෙළක ආරම්භයයි මේ. චිත‍්‍ර කලාව පිළිබඳ පැරණිතම නිදර්ශන හමු වනුයේ මීට අවුරුදු තිස් දාහකට පමණ ප‍්‍රථම ඉහළ පැලියෝලිතික යුගයෙහි දී ය. ඒ, සොබා දහම ජය ගැනීමට මානවයා විසින් යොදවන ලද ශ‍්‍රමය ද මෙවලමෙහි සිදු වූ වර්ධනය ද මනුෂ්‍යයාගේ කායික මානසික සංවර්ධනය ද අතිනත් ගැනීමේ විශිෂ්ට ප‍්‍රතිඵලයක් ලෙස ය.  එනයින් පැරණි යුගයේ චිත‍්‍රය ද ඇතුළු සමස්ත කලාත්මක කාර්ය, ස්වභාව ධර්මය ජය ගැනීමේ ප‍්‍රධානතම මාධ්‍ය වූ දඩයම නමැති සමාජ නිෂ්පාදන කාර්ය සමඟ සම්බන්ධ වී පැවතිණ. ප‍්‍රාථමික යුගයේ කලාව සමස්තයක් ලෙස සමකාලීන මිනිසාගේ නිෂ්පාදන ක‍්‍රියාවෙහි අන්තර්ගතය(content) සහ ස්වරූපය(form) සම...

සිරුරෙන් ඔබ්බට නිළියක දැකීම

Image
  "පයිලට් ප්‍රේම්නාත්’ (චිත‍්‍රපටය) කරද්දි මට සිවාජි ගනේෂන් කිව්වා, මම Expressions (ආංගික අභිනයන්) දෙනවා මදි. වැඩියෙන් Expressions දෙන්න කියලා. ඒකට එයා මට කිව්වා භරත නාට්‍යම් ඉගෙන ගන්න කියලා. මොකද භරත නාට්‍යම්වල ෂාප්ව නර්තන මුහුණෙ Expressions වෙනස් කරනවා. ඒ ගොල්ලා අනුගමනය කරලා තිබුණෙ ඒක තමයි. ඒක ඒ රටේ සාර්ථක වුණාට ලංකාවට ඒක ගැළපෙන්නෙ නෑ. මම භරත නාට්‍යම් විදියට Act (රඟපෑම) කරන්න ගියා නං මම අද නෑ.!” මෙම ප‍්‍රකාශය, 2002, ‘හිරු’ පුවත්පතේ අප්‍රේල් 15-30 කලාපය සඳහා පසුගියදා අභාවයට පත් මාලිනී ෆොන්සේකා සමග කළ සම්මුඛ සාකච්ඡාවකින් උපුටා ගත්තකි.  ඇය රුක්මණී දේවි, අනුලා කරුණාතිලක, පුණ්‍යා හීන්දෙනිය වැනි රංගවේදිනියන් විසින් වර්ධනය කරන ලද ලංකාවේ සිනමා රංග සම්ප‍්‍රදාය වඩා නූතනවාදී රංගවේදයකින් ඔසවා තැබුවාය. සිය රංග කලා දිවියෙහි මුල්කාලීනව හිමි කරගත් වේදිකා නාට්‍ය කලා පෙරහුරුවද සහිතව, සිනමාව සහ රූපවාහිනිය යන මාධ්‍ය ද්විත්වයෙහිම අපූර්ව චරිත නිර්මාණයන්ගෙන් සිය ප‍්‍රතිභාව පළකර සිටියාය. සිනමාවේ ජනප‍්‍රිය, සම්භාව්‍ය ආකෘති අභිභවමින් සිනමාව, රූපවාහිනිය යන දෙ මාධ්‍යයෙහි කුමන කලා ප‍්‍රවර්ගයක් තුළ වුවද ...

‘චේ’ගේ අවසන් පැය කිහිපයෙන් වේදිකා නාට්‍ය කලාව අවසන් නොවනු පිණිස!

Image
  අර්නස්ටෝ චේ ගෙවොරා ගැන, ඔහුගේ මරණය ගැන බොහෝ දෙනා දන්නා නමුත් ඔහුගේ අවසන් පැය කිහිපයේදී හමු වූ ගුරුවරියක විසින් පසුකාලයක කළ අනාවරණයන් එතරම් අවධානයට ලක්ව නැත. ලංකාවේදී එම අවසන් පැය කිහිපය සම්බන්ධ නාට්‍යයක්, ‘චේ’ හෙවත් විප්ලවකාරයෙකුගේ අවසන් දවස්’ වේදිකාවට ගෙන එනු ලැබුවේ නාට්‍යකරුවකු වන බුද්ධික දමයන්ත විසිනි. පුවටෝරිකානු ජාතික ජොසේ රිවේරා විසින් ලියන ලද The School of America නමැති නාට්‍ය පිටපත පරිවර්තනය කරනු ලැබුවේ චූලානන්ද සමරනායක විසිනි. ජෝසේ, මෙම නාට්‍ය ලිවීමට පොලඹවනු ලැබුවේ, චේ ගෙවාරා තරුණ කාලයේ ලතින් අමෙරිකාව පුරා කළ චාරිකාව ඇසුරින් පළ වූ The Motorcycle Diaries කෘතිය, එම නමින්ම සිනමාවට නැගීම සඳහා තිරපිටපතක් ලියන්නට කළ සොයා බැලීමකදී ලද තොරතුරකි. 31 හැවිරිදි ගුරුවරියක් මරා දමන්නට පෙර චේ රඳවා සිටි පාසල් කාමරයේදී ඔහු හමුවීම නාට්‍යමය අවස්ථාවක් බව ජෝසේ කල්පනා කරන්නට ඇත.  අමෙරිකානු CIA ඔත්තු සේවයේ නියෝජිතයකු වූ ෆිලික්ස් රොඞ්රිගුස් හෙවත් ෆිලික්ස් රාමෝස් සෙබළුන් කිහිපදෙනකු සමග පන්ති කාමරයේ මුර යොදා ඇත. එහෙත් ඒ පන්ති කාමරය ගොඩනගා දරුවන්ට උගන්වන්නේ ජූලියා කෝටෙස් නමැති තරුණ ගුරුවරියයි....

Song Zone - ආදරයේ පැණි බිංදක්

Image
පද - කසුන් එදිරිසිංහ  සංගීතය - චරිත අත්තලගේ  ගායනය - හශානි වාසනා, චාමර නිර්මාල් ආදරය මනුෂ්‍ය නිෂ්පාදනයක්. ඒ නිෂ්පාදනයට  ඕන කරන ඇතැම් ජීව ධාතු සහිතව ඉපදුණත් මිනිස්සු ආදරය නිපදවන්න, හොයා ගන්න සෑහෙන්න දුක් විඳලා තියනවා. ගණන් කළ නොහැකි තරම් ප‍්‍රමාණයක් මිනිසුන් පිරිසක් එතරම් ම ජීවිත කාලයක් කැප කරලා නිපදවපු ඒ පේ‍්‍රමය, ඉතිහාසයේ අන් කවරදාටවත් වඩා අභියෝගයට පත් වෙලා තියෙන මොහොතක තමයි  අපි 2025 පෙබරවාරියත් ගෙවමින් ඉන්නෙ.  ඒ පෙබරවාරියේ අපි පේ‍්‍රමය ගැන ලියන්න සින්දුවක් හෙව්වා. ඒ වෙලාවෙ අපිට ඇහුන මේ සින්දුව ගැන ලියන්න තීරණය කළා. සින්දුව ලියැවිලා තියෙන්නෙ ඩුවට් එකක් විදියට වුණාට මේ ඩුවට් එක කියන්නෙ ගායකයෙකු යි ගායිකාවක යි නෙවෙයි: කුරුල්ලෙකු යි කිරිල්ලියක යි. පටන් ගන්න වෙලාවෙ ඉඳලා සංගීතයෙන් අපිව අරගෙන යන්නෙත් ආකාස කුරුලූ‍ ලොවකට. ඒ ආකාසෙ තියෙන මිහිරි සොඳුර වගේ ම අඳුරු නපුරත් කැටි කරපු සංගීතයක් මැද්දෙන් තමයි මේ සින්දුව, මේ දෙන්නා කියන්නෙ.  ඒක හරියට ම මේ දෙන්නගෙ පේ‍්‍රම වෘත්තාන්තය. මේ මොහොතෙ මුහුණ දීලා තියෙන අභියෝගය සූක්ෂමව අන්තර්ග‍්‍රහණය කර ගත්ත සංගීතයක් කියලා අපිට හිතෙනව...