FIFA! උන්මාදයට අමතක වූ මරණය!

උද්වේගයෙන් හා විනෝදයෙන් ‘ෆිෆා’ බලන අපට පෙනෙන්නේ ක්‍රීඩා තරුය. ඔවුන්ගේ විවිධ ඉරියව් ටෙලිවිෂන් තිරයේ නරඹමින් අප පාපන්දු සැණකෙළියේ ප්‍රේක්ෂකයන් වන විට අපට නොපෙන්වන දේ තිබේ. ඒ ෆිෆා සැණකෙළිය අප වෙත ගෙන ඒමේ දීර්ඝ ක්‍රියාදාමය තුළ අනාරක්ෂිතව සේවයේ යෙදවීමෙන් මිය ගිය ඉදිකිරීම් කම්කරුවන් ගැන, ඔවුන්ගේ මරණ. සදාකාලික අකර්මණ්‍යභාවය ගැන අපට තිරයේ දිස්වන්නේ නැත. නමුත් ක්‍රීඩා සැණකෙළියේ වෙළඳ ප්‍රචාරයන් සමග ක්‍රීඩා සැණකෙළිය පැවැත්වෙන අතර අනුග්‍රාහක සමාගම්වලට ඩොලර් මිලියන ගණන් අලෙවි වාර්තාවල ජයග්‍රහණ මෙන්ම තවත් ඩොලර් මිලියන ගණන් වටිනා වෙළඳ ප්‍රචාරක වාසියද හිමි වේ. ඒ සත්‍ය වටහාගත් විට අපට නිදහසේ ක්‍රීඩාව විඳීමේ තෘප්තිය අහිමි වේ. ධනවාදයේ ලාභ ඉපදවීමේ ක්‍රියාවලිය හරහා ක්‍රීඩාව විඳින්නට සිදුවීමේ ප්‍රතිපලයක් ලෙස මිනිස් ජීවිත අවදානමේ හෙළා අප වෙත එන්නේ ක්‍රීඩාවේ විනොදාස්වාදය පමණක් නොවේ. අඩු වැටුපට ජීවිත කාලයම වැඩ කරමින් දුෂ්කර කොන්දේසි නිසා මරණය සමග සටන් කරමින් ධනවාදී සමාගම්වල ලේබලයෙන් එන විවිධ නිෂ්පාදන හා සේවා වෙළඳපොළේ තිබේ. අප ඒවා අපගේ අවශ්‍යතා වෙනුවෙන් මිලයට ගන්නා විට එය නිපදවන්නට ජීවිත කීයක් වෙහෙස...