Castaway on the Moon - ජීවිතය සොයන අතරමංවූවන්ගේ කතාව -

අප ඉතිහාසයේ ඉතා නිශ්චිත තීරණාත්මක කාලසීමාවක් පසුකරමින් සිටිමු. නව ලිබරල්වාදය විසින් ඉහළට ඔසවා තබන ලද සාමූහික ජීවිතයෙන් විතැන්වූ හුදු පවුල් තුලට එයිනුත් එක් එක් පුද්ගලයා වෙත හුදෙකලා කරන ලද සමාජයක මිනිසුන් තවදුරටත් එසේ පැවතිය නොහැකි බව පසක් කරමින් ගෝල්ෆේස් පිටිය ඇතුලු බොහෝ තැන්වල කඳවුරු බඳිමින් සිටී. කිසිදු දිනෙක මේ ආකාරයේ සාමූහික ක්‍රියාකාරකම් සමග එක් නොවුන පිරිසක් මේ අරගල බිම් තුළ අපට හමුවෙයි සරළව ‘අපි හම්බකළොත් අපි කනවා’ යන සංකල්පය තීරණාත්මක ලෙසින් අභියෝගයට ලක්වෙමින් ඇත. සාමූහික අරගලයකින් තොරව විමුක්තියක් නොවන බව මිනිසුන්ට පසක් වෙමින් ඇත. මෙම නිමේෂය අප ජීවත්වන සමාජය කෙතෙක් දුරට ඉහළට ඔසවා තබයිද යන්න පිළිබඳව අපට දැනට පුරෝකථනය කළ නොහැක. කෙසේ නමුත් මෙය ඉතිහාසයේ හුදෙක් තවත් එක් සිදුවීමක් පමණක් නොවන බව යන කාරණය පැහැදිලිය. මේ සමාජ අර්බුදයෙන් තනිව කොහේ දිව ගියත් අපට එයින් ගැළවීමක් නොවන බව පැහැදිලිය. එය අප හමුවට තව තවත් තහවුරු කරණ චිත්‍රපටයකි, ක්‍්ිඒඅ්හ දබ එයැ පදදබග මනුස්සයෙක් පාලමක් උඩට වී තමන්ට ණය ලබාදුන් ආයතනයක පාරිභෝගික සේවා අංශයට දුරකථනයෙන් අමතා තමන්ට ගෙවන්නට ඇති ණය පිළිබඳ විමසා සිටී. ඔහු...