නඩු අවනඩු කෙරෙන රටකදී Jai Bhim
පොලිස් අත්අඩංගුවේදී ඝාතනයට ලක්වූ ජනමාධ්‍ය වහරට අනුව, ‘ටින්කරින් ලසන්ත’ගේ මරණය සමාජය තුළ යම් කතා බහක් ඇති කිරීමට සමත් විය. ඒ ඔහුව ඝාතනය කිරීමට නියමිත බවට ඊට පෙරදින යම් යම් පාර්ශවයන්ට දැනගැනීමට ලැබීමත් සමගය. සැකකරුවන් ආයුධ පෙන්වීමට ගොස් වෙඩි වැදී හෝ ගඟක ගිලී මිය යාම සාමාන්‍ය සිදුවීමක් වන තරමට මෙරට සුලභය. මෙම සිදුවීම් ර`ගදක්වන නාට්‍යයන් බවත්, සැබෑ ලෙස සිදුවන්නේ සැකකරුවන් ඝාතනය බව අපි සියල්ලන් දනිමු. නමුත් අප එයින් කම්පා නොවෙයි. එම ඝාතනයට ලක්වූවන් අපරාධකරුවන්ය, ඔවුන්ව මරා දැමීම සමාජයට සිදුවන මෙහෙවරකි. මෙය සමාජයක් ලෙස අපව ඇබ්බැහි කරවූ බියකරු මිත්‍යාවකි. මෙම ඝාතනයට ලක්වන්නන්ගේ සමාජ ආර්ථික පසුබිම සොයා බැලූවහොත් එය අපට පැහැදිලිවනු ඇත. කොළඹ ඇතැම් පැල්පත් ප‍්‍රදේශ වල ජීවත්වන්නේ කවරෙකු වුවද අපරාධ කරුවෙකු යැයි බාහිර සමාජය සිතයි. කුමන හෝ අපරාධයක් සිදුවූ සැනි න් සැකකරුවන් සොයා පොලීසිය පීරන්නේද මෙම ප‍්‍රදේශයි. පොලිස් ප‍්‍රශ්න කිරීම් අතරතුර පහරදීම් නිසා මියයන සැකකරුවන් ගැනද වාර්තාවන අවස්ථා දුර්ලභ නොවන නමුත් එවැන්නකට නිසි දඩුවම් ලැබුණු අවස්ථාවක් අසන්නට නොමැත. එවැනි මරණ එළියට එන්නේද ගමේ මිනිස...