ඡීවිතය සොයන මරණයේ ක්‍රීඩාව - Squid Game
කොරියාව කියූ විට අපට එකිනෙකට වෙනස් රටවල් දෙකක් සිහි වේ. එකක් ‘උතුරු කොරියාව’යි. අත්තනෝමතික පාලනය, මිනිසුන් බඩගින්නේ සිටියදී න්‍යෂ්ටික අත්හදා බැලීම් කරන පාලනයක් සහිත ලෝකයෙන් විතැන් වූ රාජ්‍යයක්. අනෙක් රට ‘දකුණු කොරියාව’ කියූ සැනින් සිහියට නැගෙනුයේ ඊට හාත්පසින් ම වෙනස් වූ දියුණු රාජ්‍යයක හැඩහුරුකමයි. මේ වන විට ලංකාවේ තරුණ තරුණියන් රාශියකගේ සිහිනය වන්නේ කොරියාවේ රැකියාවකි. කොරියාවට පැනගත්තොත් ජීවිතේ ගොඩ දමා ගත හැකිය යන්න ඔවුන්ගේ පරම විශ්වාසයයි. එකී කොරියානු සිහිනය අප හමුවේ ඔසවා පොළොවේ ගසන හා එහි යථාර්ථයට අපව අභිමුඛ කරන රූපවාහිනී කතා මාලාවකි Squid Game. කොරියානු රූපවාහිනී කතා මාලා ඇතැම් කාලවල උමතුවක් වන තරමට ලංකාවේ රූපවාහිනී ප්‍රේක්ෂාගාරය තුළ ජනප්‍රිය විය. ඉතා සුකුමාල නළුවන් හා නිළියන් රඟන ප්‍රේමණීය ෆැන්ටසිමය ආකාරයේ කොරියාවේ සශ්‍රීකත්වයත් නිරූපිත ටෙලි කතා කොරියාව කියූ සැනින් මතකයට එන පමණට මෙරට ජනපි‍්‍රය විය. ඉන්දියානු ටෙලි කතා මෙන් ම ඒවා ද බොහෝ විට ධනවත් පවුල් වටා ගොඩනැඟුනු කතාය. අනෙක් අතින් ජනප්‍රිය වූයේ කොරියාවේ ඓතිහාසික කාල පරිච්ඡේද පදනම් කරගනිමින් ගොඩනැ`ගුනු කතා මාලාවන්ය. නමුත් මීට බාහ