හන්තාන පමණමද?
පද රචනය - නන්දසිරි කීඹියහෙට්ටි
සංගීතය - මහින්ද බණ්ඩාර
ගායනය - ඉන්දික ලියනගේ
පේරාදෙණි සරසවියත් ඒ නගරයත් ලංකාවේ සාහිත්‍ය-කලා ව්‍යාපෘතිය ඇතුළෙ වගේම මුළු මහත් සංස්කෘතික ක්ෂේත‍්‍රය පුරා ම අත්පත් කරගෙන තියෙන්නෙ සුළුපටු වූ ආධිපත්‍යයක් නෙවෙයි. පශ්චාත් යටත්විජිත මානසිකත්වයෙන් මිදෙන්න බැරි වෙච්ච දූපතක කඳුගැටයක් උඩ පිහිටලා තියෙන පේරාදෙණිය විශ්වවිද්‍යාලය මහා විසාලෙට දැකපු පෙම්වතකු ගැන අතිඋත්ප‍්‍රාසනීය කවියක් මහින්ද ප‍්‍රසාද් මස්ඉඹුල ‘විසල්’ කියලා ලියලා තියෙනවා. පශ්චාත් යටත්විජිත මානසිකත්වයත් එක්ක ජාතිකවාදය කලවං වුණාම වෙන අකරතැබ්බය ඒකෙ තියෙනවා.
ලෝකෙ ලොකු ම, උස ම, දිග ම, පළල ම, වැඩි ම, ලස්සන ම විශ්වවිද්‍යාලය තියෙන්නෙ එතන කියලා හිතාගෙන පේ‍්‍රම කවි, සින්දු ලියන මහත්තුරුන්ට නොදැනෙන්න වගේ පාරක් ඒ කවියෙන් ගහනවා. අපි අද කතා බහ කරන්න තෝරාගත්ත සින්දුවත් ඒ වගේම අරමුණකින් රචනා වෙච්ච ගතියක් පේනවා. ඒත් මස්ඉඹුලගෙ කවිය තරමට ඒ වැඬේ කර ගන්න මේ සින්දුවට පුළුවන් වෙන්නෙ නෑ. එහෙම වෙලා තියෙන්නෙ ඇයි, කියන එක ගැන කතා කරන්න අපි අද මේ ඉඩ වෙන් කරනවා.
අර්බුදය පටන් ගන්නෙ නමෝ විත්තියෙන් ම යි. ඒ කියන්නෙ පද රචනයෙන්. පේරාදෙණිය සම්බන්ධයෙන් මස්ඉඹුල හදන උත්ප‍්‍රාසය මතු කරගන්න මේ පද රචකයාට හැකි වෙන්නෙ නෑ. කොළඹ විශ්වවිද්‍යාලයත් කොළඹ නගරයත් පේ‍්‍රමයට නවාතැන්පොළක් නෙවෙයි ද, කියලා අහන කොට ම පද රචකයා දන්නෙ ම නැතුව අර පේරාදෙණිය ගැන හදා ගෙන තියෙන දෘෂ්ටිවාදයෙන්ම ක‍්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. සන්සන්දනය කරන්න පේරාදෙණිය ගන්න කොට ම ඒ අර්බුදයට මේ සින්දුව මැදි වෙනවා.
මුළු සින්දුව පුරා ම පේරාදෙණිය අහිමි වීම ගැන වේදනාවෙන් පෙළන පෙම්වතෙකුගෙ කටහඬ ඇහෙන්නෙ අන්න ඒ නිසා. ග‍්‍රහලෝකාගාරයක්ම තියා ගෙන ‘හන්තානට පායන සඳ’ ගැන පසුතැවිලි වෙන, පිටකොටුවෙ බෝධියට වඩා දළඳා වදින්න ආස කරන, ලා රෝස පාට රොබරෝසියාවලින් පේ‍්‍රමය සංකේතවත් වන බව සිතන, මහවැලියේ නළ මුදු සුවඳ වෙනුවට බේරේ වැවේ ගඳ, සුවඳක් ලෙස උහුලන්න පෙම්වතියට යෝජනා කරන ප‍්‍රකාශ මේ සින්දුවෙන් මතුවෙන්නෙ නිකම්ම නෙවෙයි කියලා දැන් ඔබට තේරෙන්න ඕන. ඒ අර්ථයෙන් ගත්තම පේරාදෙණියේ ස්වභාව සෞන්දර්ය කියන්නෙ ඊට ‘වඩා වැඩි දෙයක්’ කියලා හිතා ගෙන ලියවුණු පේරාදෙණියම පසුබිම් කර ගන්න සින්දුවලටත් වඩා මේ සින්දුවෙන් ඇහෙන්නෙ පේරාදෙණිය ම ඉල්ලා හඬා වැටෙන සද්දයක්.
පේරාදෙණිය සරසවිය පතාගෙන ඉඳලා කොළඹ විශ්වවිද්‍යාලයට එන්න වෙච්ච ග‍්‍රාමීය පහළ මධ්‍යයම පාන්තිකයකුගේ දෘෂ්ටිය අභිභවා යන්න මේ සින්දුවෙ පද රචනය වගේ ම සංගීතය යි ගායනය යි කියන සමස්තය ම අසමත් වීමේ ප‍්‍රතිඵලයක් විදියට පේරාදෙණියෙන් නියෝජනය වෙන පශ්චාත් යටත්විජිත උරුමයන්ට යි සංස්කෘතික ආධිපත්‍යයන්ට යි අභියෝග කරන්න මේ සින්දුව අසමත් වෙනවා. ඒ ග‍්‍රාමීය පහළ මධ්‍යම පාන්තික චින්තනය හොඳට ම ඉස්මතු වෙලා පේන තැන් ටික අපි පහළින් නැවත උද්ධෘත කරනවා.
"දළඳා වඳින්න ආසයි බෝ දුරයි පේ‍්‍රමියේ
අප පඬුරු ගැට ගසා එමු පිටකොටුවෙ බෝධියේ"
"මහවැලිය පිස හමන නල මුදු සුවඳ නෑ රැුයේ
මේ බේරෙ වැවේ සුවඳට හුරු වෙයන් පේ‍්‍රමියේ"
"මිය ඇදුනෝතින් මහවැලියට නොදා ආදරේ
තැන්පත් කර යමු ජාතික කෞතුකාගාරයේ"
පේ‍්‍රමය කියන්නෙ මිනිසුන් නිපදවා ගත්ත, මිනිසුන්ට නිපදවා ගන්න පුළුවන්, මිනිසුන් නිපදවා ගත යුතු, පවතින තත්වයන්ට එරෙහිව අවදානම හා සන්ත‍්‍රාසය සොයා යන ක‍්‍රියාවක් කියලා කියන්නෙ ඇලන් බදියු. එය අපට බාහිර ලෝකයෙන් අප වෙත එල්ල වන්නක් නෙවෙයි. පේරාදෙණිය, හන්තාන කන්ද, මහවැලි ග`ග, මල් වතු, රොබරෝසියා වගේ ම නිදහස් චතුරශ‍්‍රයට හෝ බම්බලපිටියේ දුම්රියපොළටත් අප වෙත පේ‍්‍රමය ලබා දෙන්න බෑ. තමා පරිකල්පනය කරන ලෝකය තම පෙම්වතියට හෝ පෙම්වතාට පරිකල්පනය කිරීමට බල කිරීම පේ‍්‍රමය වෙන්නෙ නෑ.
පේ‍්‍රමය ඇත්තෙ පේරාදෙණියේ ද කොළඹ ද යන්න නො ව සියලු පැතිවලින් පේ‍්‍රමයට එල්ල වී ඇති තර්ජනය කුමක් ද? පේ‍්‍රමය යළි ගොඩ න`ගා ගත හැක්කේ කෙසේද? අප මතු කර ගත යුතු තීරණාත්මක සංවාදය එය යි. ඇලන් බදියු ඒ ගැන කියන පහත උද්ධෘතයෙන් මේ සටහන නිමා කරන්නේ ඒකයි.
”මෙතැන දී මම ‘අත්දැකීම’ට එරෙහි ව ‘ගොඩනැංවීම’ පිහිටුවනවා. මා පේ‍්‍රම කරන ගැහැනියගේ උරතලය මත හිස හොවා ගත් කල්හි මට පෙනෙනවා කඳුකර දර්ශනයට ඉහළින් සැඳෑ එළිය, රන්වන් පැහැ ගත් හරිත කෙත් වතු, ගහකොලවල සෙවණැලි, බඩවැටි අද්දර නිසොල්මනේ සිටින කළු නාසා ඇති බැටළුවන් සහ ගිරි මුදුන් කුළු අතර සැඟව යාමට ආසන්න හිරු. මා පේ‍්‍රම කරන ගැහැනිය ද මේ ලෝකය ම දකින බව මා දැන ගන්නේ ඇගේ මුහුණෙහි ඇති හැඟීමෙන් නොවේ. ලෝකය ඒ ලෙස ම පවතින ආකාරය තුළින්ම යි. මේ එකට හමුවීම ලෝකයේ කොටසක්. පේ‍්‍රමය නිශ්චිතව ම සංයුක්ත වන්නේ මේ මොහොත තුළ අනන්‍ය වන්නා වූ වෙනස්කමක විරුද්ධාභාසය තුළ යි. එවිට පේ‍්‍රමය පවතිනවා, සහ අනවරතව පවතින බවට පොරොන්දු වෙනවා. අපගේ වෙනස්කම් ප‍්‍රිස්මය තුළින් ලෝකයේ සමස්ත දර්ශනය දකින මෙම අද්විතීය පේ‍්‍රමයේ විෂය තුළට මම සහ ඇය දැන් අන්තර්ගත කරනු ලැබ තිබෙනවා. ඉතින් දැන් මේ ලෝකය තේරුම් ගත හැකියි, මේ ලෝකයට නැවත ඉපදිය හැකියි. එය හුදෙක් මගේ පුද්ගලික බැල්ම පුරවාලන්නක නියෝජනයක් නො වේ. පේ‍්‍රමය හැම විට ම ලෝකයේ උපත සිදුවන මොහොත තුළ ඉඳීමේ වියහැකියාව යි. දරුවකුගේ උපත, එය පේ‍්‍රමය තුළින් සිදු වූ උපතක් නම් එය මෙම වියහැකියාව පිළිබඳ තවත් එක් උදාහරණයක් බවට පත් වෙයි.”
අපි බේරෙ වැවේ ගඳට වැඩිය ගඳ උහුලමු වර්තමානයේ
ReplyDeleteදියවන්නා බුදුවරු දෙසනව බණක් නංගියේ