ගිනිගත් සමාජයක නඩු විභාගය හෙවත් Trial by Fire

ඔහු සමාජයෙන් හංවඩු ගසා කොන්කරන ලද පහළ සමාජ ස්ථරයකට අයත් තරුණ පියෙකි. විරැකියවෙන් හා එයටම බැදුණු දරිද්‍රතාවයෙන් පීඩාවිදින පවුලක ස්වභාවයෙන්ම ඇතිවෙන අඩදබර බහුල යුවලක්. හදිසියේම නිවසේ ඇතිවෙන ගින්නකින් ඔවුන්ගේ දියණියන් තිදෙනා ඛේදජනක ලෙස මියයයි. සිය දියණියන් තිදෙනා පණපිටින් ගිනි තබා ඝාතනය කළ රාක්ෂසයකු ලෙස අධිකරණයෙන් තීන්දුවන අපගේ කථානායකයා වන Todd Cameronට මරණ දඩුවම නියම වෙයි. කොළඹ මුඩුක්කුවාසී තරුණයකු දුටු විට බොහෝ දෙනකු ඔහුව දකිනුයේ කුඩුකාරයකු, සොරෙකු වැනි අපගේ සිත් තුළ අපම ගොඩනගාගන්නා ලද රාමුවක් තුළ ඔහුව ස්ථානගත කොටය. යම් තැනක සොරකමක් හෝ වෙනත් අපරාධයක්වූ විට වැරදීමකින් හෝ ඒ අවට මෙවැනි සමාජ ස්ථරයකට අයත් තරුණයකු දුටුවහොත් බොහෝ විට ඔහු මෙම අපරාධය කළ බවට පූර්ව නිගමනයක් ඇතිවෙයි. පොලිසියටද ඉහළින් මත්ද්‍රව්‍ය හෝ වෙනයම් වැටලීමක් කිරීමට අවශ්‍යයවූ විට ඔවුන් සිදුකරන්නේද මෙවන් පෙදෙසකට ගොස් අසුවන තරුණයින් පිරිසක් අත්අඩංගුවට ගැනීමය. පසුගිය දිනෙක ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමයේ උද්ඝෝෂණයක් අතරතුර කොළඹ ජාතික රෝහල ඉදිරිපිටදී මලික අබේකෝන් සහෝදරයා අත්අඩංගුවට ගැනෙන්නේද ඔහුගේ බාහිර පෙනුම මතය. මෙය ඇතැම් වාර්ගි...