වසංගත සමයේ සිනමාව

වසංගත ආසාදන සම්බන්ධ කතා පුවත් ඇසුරින් නිර්මාණය වූ සිනමා නිර්මාණවලට වැඩි අවධානයක් ලැබිණි. මේ කෙටි සටහන, වැඩි අවධානයකින් එකිනෙකා සමග හුවමාරු කරගනිමින් බාගත කරගනිමින් ලංකාවේ සහෘදයන් ද නැරඹූ එවැනි චිත‍්‍රපට කිහිපයක් සම්බන්ධවය. The Flu දකුණු කොරියාව වෙත භාණ්ඩ ප‍්‍රවාහන කන්ටේනරයක් මගින් පැමිණෙන අනවසර සංක‍්‍රමණිකයන් පිරිසක් හරහා ඇතුලූවන මාරාන්තික වෙරෙසයක් නිසා සම්පුර්ණ නගරයක් මරණය අභිමුවට යන ආකාරය දැක්වෙන සිනමා නිර්මාණයකි. මිනිස් ජීවිත හුදු ඉලක්කම් බවට පත්වී ආසාදනය නොවූු පිරිස් සමග මුළු නගරයම වසා දමා මියයන්නට ඉඩහරින තීන්දුවත් එයට එරෙහිව ජීවිත වෙනුවෙන් සටන් වදින මිනිසුන්ගේත් කථාවයි The Flu. 2013 වසරේ නිකුත්වූ මෙම චිත‍්‍රපටය Kim Sing-su නම් කොරියානු අධ්‍යක්ෂකවරයාගේ නිර්මාණ කාර්යයකි. Train to Busan අසාමාන්‍ය ලෙසින් පැතිරෙන වෛරසයක් මගින් මිනිසුන් මෘගයන් බවට පත්වෙයි. තම දියණියගේ උපන්දිනය දින ඇයව ඇයගේ මව වන සිය පෙර බිරිඳ වෙත රැුගෙන යන පියකු හා දියණියක වටා චිත‍්‍රපටය දිවෙයි. තමන් පසුකර යන නගර එකින් එක අසාදනයෙන් බිඳවැටෙන අතර දුම්රියේ මගීන් තම දිවි රැකගනිමින් ආරක්ෂිත Busan නගරය වෙත යාමට...