"සරාගයේ "
අද දවසේ පේ‍්‍රමය පිළිබඳ අදහස් දක්වමින් ඇලන් බදියු මෙහෙම කියනවා.
"එක් අතකින් ඔබට හැකියි පරිසමාප්තියේ සියලූ ආස්වාදයන් හඹා යා හැකි කිසියම් අයුරක මැනැවින් සැලසුම් කරන ද විවාහයක් ලබා ගැනීමට. අනෙක් අතින් ඔබ අනුරාගය නොතකන්නේ නම්, ඔබට අත්කර ගත හැකියි ප‍්‍රහර්ෂයෙන් පිරුණු විනෝදකාමී ලිංගික සබඳකම්. මේ දෘෂ්ටිකෝණයෙන් බලන කල මට ඇත්තටම හිතෙනවා අද දවසේ ලෝකය තුළ පේ‍්‍රමය මේ ගැටළුවට, මේ විෂම චක‍්‍රයට හසු වී තිබෙන බව."මේ හේතුවෙන් පේ‍්‍රමය පවතින්නේ අවදානමක බවත් එය රැකගැනීම අද දවසේ දර්ශනයේ මෙන්ම සාහිත්‍ය - කලා ව්‍යාපෘතීන්ගේ ද දේශපාලන ව්‍යාපෘතින්ගේද කාර්යයක් බවත් පෙන්වා දෙන බදියු පේ‍්‍රමය ආයු කාලයට සාපේක්ෂව සදාකාලික වන්නක් බව පවසයි. එහෙත් සැබෑ පේ‍්‍රමය ගතානුගතික විවාහ සංස්ථාවකින් හෝ විනෝදකාමී ලිංගික සබඳකම් තුළ සෙවීම ගැටයක් බවයි ඔහු පෙන්වා දෙන්නේ.
මනුරංග විජේසේකර විසින් රචනා කරන ලද සනුක වික‍්‍රමසිංහ විසින් ගායනා කරනු ලබන ‘සරාගයේ’ ගීතය මගින් සංවාදයට බඳුන් වෙන්නෙ මෙන්න මේ ආශ්චර්යජනක විනෝදකාමී ලිංගික සබඳකම් මගින් පේ‍්‍රමය සෙවූ නූතන නාගරික තරුණයකුගේ ආත්මීය හිඩැස් ගැන.
උදෑසන අවදිවන විට තමා සමඟ යහන්ගත වූ තරුණිය අතුරුදන් වී සිටිනු දැක තැතිගත් වික්ෂිප්ත වූ තරුණයකුගේ හ මේ ගීතයේ සමස්තයෙන්ම ඇසෙනවා. එසේ නම් උදෑසන අවදි වී බැලූ විට ඉතිරි වී ඇත්තේ මොනවාද?
1 නිය රටා
2 හිඩැසක්
3 සළුපිළි
4 ඉමක් කොණක් නැති රුවක්
මීට අමතරව ඉතිරි වී ඇත්තේ මේ අත්දැකීම අපට පවසන කථකයා පමණයි. ඔවුන් අතර පෙරදින රාත‍්‍රියේ සිදුවූ සමස්ත කතාව (story) දැකගත හැකි වන්නේ නියරටා මගින් පමණක් බව හේ පවසයි. ඔහුගේ සිරුරෙහි සලකුණු වූ ඒ නියරටාවන් ඔස්සේ ඔහු සොයන්නේ ඇයගේ නමයි. නමවත් නොදැන ඔහු හා බැඳුණු ඇය පිරිමින්ගේ පිරිමි ඇඟ සූරන්නේ මේ කථකයා නොදනී .
‘නිය රටා මවනවා අප‘තරේ වූ කතා
රැය පුරා උණුසුමේ මල් පෙති තලා
සයනයක් නිදනවා මේ රැය අපගේ වූ නිසා
ආදරෙන් නග්න වූ හිමිකම් සොයා
උණුසුම් උදයක සුවඳින් ගත පිබිදී ගියා
ඔබෙ නම සොයනවා තවමත් නිය සිතුවම් පුරා’
ඇය රැයේ පිණි බිඳුවක් සේ වැටී පළමු අරුනු රැස් රේඛාවටත් පෙර වාෂ්ප වී ගොස්ය. ඉතිරි වී ඇත්තේ සිතේ හිඩැසකි. එයද මවා ඇත්තේ හිඩැසකි. මේ හේතුවෙන් ගොඩ නැගෙන්නේ මරාන්තික සාංදෘෂ්ටිකවාදයකි. සැබැවින්ම සිතේ හිඩැසක් ඇතිවන්නේ නම් සාංදෘෂ්ටිකවාදී වීරයකු වීමට ලැබෙන ඉඩ, මවන ලද හිඩැසක් හිමි නූතනයාට හිමිවන්නේ නැත.
‘සරාගයේ රැයේ
පිණිබිඳුවක් වී වැටී
මා සිතේ හිඩැසක් මවා
යහන් තලේ වැතිරී
අද තනිකම ඉතුරු වී’
මේ වනාහි පේ‍්‍රමය අතුරුදන් වී ඒ වෙනුවට භාණ්ඩ අධිනිශ්චය වීමේ අර්චනකාමී මොහොතයි. පේ‍්‍රමය කිසියම් භාණ්ඩයක් මත රඳා පවතින්නක්ය යන දෘෂ්ටිවාදයක් බවට පත්වී ඇති මතවාදයකි. පේරැුස් මුද්දේ සිට එය කන්‍යාභාවය බඳු භාණ්ඩ දක්වා සොයා බලාපොරොත්තු සුන් වූ පරපුරක් අද නිර්මාණය වී ඇත.
ජීවිතය පුදා පේ‍්‍රමයේ සංකේත ආරක්ෂා කිරීමට උත්සාහ දරන ඔවුන්ට සංකේත මිස පේ‍්‍රමය හමුවන්නේ නැත. අවසාන වශයෙන් ඔවුන් සිදුකර ඇත්තේ මුලූමහත් ජීවිතයම සංකේත(භාණ්ඩ) වෙනුවෙන් කැප කිරීම විනා පේ‍්‍රමය වෙනුවෙන් කැපකිරීම නොවේ. මේ අරුතින් මේ ගීය පේ‍්‍රමය යළි නිපදවිය යුතු, නිපදවා ගත යුතු ව්‍යාපෘතියක් ලෙස සලකුණු කිරීමට අවශ්‍ය දේශපාලනික සංඥාව මෙන්ම සෞන්දර්යාත්මක තෙරපුමද ලබා දෙන ගීතයක් ලෙස අගය කළ හැකිය.
ගේය පද රචකයාගේ මෙන්ම ගායකයාගේ අවංකකමත් නිර්භීතකමත් මීට හේතු වී ඇති බව කිව හැකියි. ඔවුන්ට මෙහිදී නාගරික තරුණයාගේ පීඩිත ආත්මය මෙන්ම එම පීඩිත ආත්මයන් ප‍්‍රකාශයට පත් කළ හැකි නූතන රූපක සමුදායක් ඇස ගැටෙනුයේ මේ නිසයි. නූතන සිංහල ගීතයේ බිඳ වැටීමට ප‍්‍රධාන හේතුවක් වනුයේද මේ මෙහිලා පැවතිය යුතුම අවංකභාවය හා නිර්භීතකම යන ගුණයන් නොසළකා හැරීමයි.
කෙසේ වුවද ‘පේ‍්‍රමය ආයුකාලයට සාපේක්ෂව සදාකාලික’ යැයි පැවසීමෙන් බදියු අපේක්ෂා කරන ලද්දේ පෙම්වතුන් සදාකාලිකව එක්ව සිටිය යුතු බව හෝ ඒ සඳහා දීර්ඝකාලීන පෙම් සබඳතා පැවැත්විය යුතු බව නොවේ. සදාකාලික වන්නේ පේ‍්‍රමය මිස සබඳතා නොවේ. අත්හැර දැමිය හැකිය, එහෙත් අමතක කළ නොහැකිය. එබඳු සබඳතා එක් නිමේශයකදී වුව හටගත හැකිය.
Comments
Post a Comment