Posts

Showing posts from July, 2024

ආදරය සමකාලීන සමාජ දේශපාලන සබඳතාවක් ලෙස - Blood Shadaws

Image
 ජෙහාන් අප්පුහාමිගේ Blood Shadows නාට්‍යය පසුගිය දිනක මරදානේ එල්ෆින්ස්ටන් රගහලේදී වේදිකාගත විය. ජනතා විමුක්ති දේශපාලනය සහ ජන අරගල වාමාංශය සමග දීර්ඝකාලීන සබඳතාවක් සහිත කලාකරුවෙකු වූ ජෙහාන් පසුගිය ගෝල්ෆේස් අරගල සමයේ මීගමුව කටුවාපිටිය දෙවස්ථානයේ සිට ගෝල්ෆේස් අරගල භූමිය තෙක් “කුරුසියක් කර තබාගෙන” ආවේ පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට යුත්තිය ඉටු කිරීමක් පිළිබඳ ඉල්ලීමක්ද ගැබ් කොටගෙනය. වෙරොනිකා මටත් දැන් පිස්සු, සින්දු පහයි කෝල්ස් පහයි, හොරු..... ලෙස නාට්‍ය කලාව වෙත කළ ඔහුගේ මැදිහත්වීමේ අලුත්ම ප්‍රතිප්‍රදානය Blood Shadows ය.  ජෙහාන් විසින් කලකට ඉහත ලියන ලද නාට්‍ය පිටපත, පසුගිය ගෝල්ෆේස් අරගලයේ අත්දැකීම සමග “මුහුන් කිරීම”ට ජෙහාන් උත්සාහගෙ තිබුණේ, යම් නුමුහුම් වීමක්ද සමගය. නාට්‍ය ආරම්භයේදී කඳුළු ගෑස් සහ බැටන් පොලු ප්‍රහාර මැද වේදීකාවට එන තරුණිය සමකාලින රැඩිකල් තරුණ හා ශිෂ්‍ය දේශපාලනයේ නියෝජනයක් වන විට, ඇයට හමුවන දේවදූතයා 80 දශකයේ ජනතා විමුත්ති දේශපාලනයේ නියෝජනයක් ලෙස අභිමුඛ කිරීමට නාට්‍ය ආරම්භයේදීම නාට්‍ය කරුවා උත්සාහ කොට ඇත.  “දූතයා - ඒත් උන් මට මොකද කළේ ..... මට විතරක් නොවෙයි ඒ මොහොතේ අපේ උන්ට මොක

වාම ජනතාවාදී කාව්‍යකරණයක් උදෙසා ‘මේ ගසට ගල් ගසන්න’

Image
ලක්ෂාන් සිය කාව්‍යයෙන් යම් ආකාරයක ජනතාවදී කාව්‍යයක් ගොඩනැගීමට උත්සාහ දරන්නට යන බව කෘතියේ පෙරවදනින් හැඟීයයි. ජනතාවාදී කාව්‍යකරණය යනු කුමක් දැයි සංකල්පගත කරගැනීම අවශ්‍යය. ඇතැම් විට කාව්‍ය විවේචනයට බඳුන් වන්නේ එම කාව්‍යයෙන් හුදු ජනතාවාදයක් ප්‍රකාශ වෙනවා කියා ය. අප ජීවත් වන්නේ ජනතාවාදයේ නැඟීමක් ඇති කාලයකැයි කියැවේ. මෙය කොටින් ම නිශ්චිත අර්ථයක් නොමැති රටින් රටට වෙනස් විය හැකි අදහසකි. ඉන්දියානු ජනතාවාදය ලාංකේය ජනතාවාදයෙන් වෙනස් වේ. මේ නිසා ජනතාවාදයේ බොහෝ ස්වරූප ඇත.  න්‍්බ-උැරබැර ඵඤූකකැර ගේ සූත්‍රගත කිරීම බොහෝ විට පුලු‍ල්ව උපුටා දක්වනු ලැබේ: ඔහුට අනුව, ජනතාවාදය (ජනප්‍රියවාදය) යනු යම් ආකාරයකින් සදාචාරාත්මකව පහත් හෝ දූෂිත යැයි සලකන ප්‍රභූන්ට ‌එරෙහිව සාදාචාරාත්මක ලෙස පාරිශුද්ධ සහ එකාග්‍ර වූ (නමුත් අවසානයේ ප්‍රබන්දමය) ජනතාවක් පෙළ ගස්වන දේශපාලන ලෝකය අවබෝධ කරගන්නා ආකාරයකි; දේශපාලනයේ සුවිශේෂී සදාචාරවාදී පරිකල්පනයකි.  භැසක උ්කනැර මේ නිර්වචනයට වැඩිදුරටත් එකතු කරමින් පවසන්නේ ජනතාවාදීන් දේශපාලනය සමාන සහ පසමිතුරු කඳවරු දෙකක් අතර ද්විරූප ප්‍රතිවිරෝධයක් (double antaoganism) ලෙස දකින බවයි.   සාමාන්‍යයෙන් ජන

Song Zone - 'අක්කලාගෙ වෙන්න"

Image
පද - හර්ෂණ කේ. පෙරේරා  සංගීතය - ඊවෝ බීට්ස්  ගායනය - මංජුලා සෙව්වන්දි ලංකාවෙ කැම්පස්වල උපසංස්කෘතික භාෂාවෙන් කියනවා නම්  ‘ලැම්බට් වීම’ ගැන සින්දුවක්. සාමාන්‍යයෙන් ලංකාවෙ ඇහෙන සින්දුවල කතා නොකරන විෂයක්. ඒ වුණාට ප්‍රේම, විවාහ සම්බන්ධතාවලට අදාළව ඕන ම සමාජයක දකින්න තියෙන කැටගරියක්. හැබැයි ඉතිං ලංකාවෙ නම් පොෂ් වගේ පෙන්නන්න හදන නාගරික පහළ මැද පන්තිය පවා ඇඹරෙන මාතෘකාවක්.  ප්‍රේමයට අදාළව ‘වයස’ කියන සාධකය එතරම් වැදගත් සාධකයක් විදියට ලෝකයා දකින්නෙ නැති වුණාට සරාගී ප්‍රේම සබඳතාවල දී පිරිමියා, ගැහැනියට වඩා වයසින් වැඩි වෙන්න ඕන කියන පීතෘමූලික අදහස, සෑහෙන දිගු ඉතිහාසයක් තිස්සේ ගොඩනැගෙන්නක්. මනුෂ්‍යයාගේ උත්පත්තිය ගැන කියන බයිබල් විස්තරය මේකට හොඳ ම සාක්ෂියක්.  බයිබලේට අනුව දෙවියන් වහන්සේ, උන්වහන්සේගේ සිරුරේ හැඩයට සමාන වන විදියට ‘ආදම්’ බිහි කරලා, ඊට පස්සෙ ආදම්ගෙ ඉලඇටයකින් තමයි ‘ඒව’ නිර්මාණය කරන්නෙ. ඒ කියන්නෙ මේ ලෝකෙ හමු වෙන පළමු කපල් එක ගත්තත් පිරිමියා ගැහැනියට වඩා වැඩිමල් කියන එක. දෙවියන් වහන්සේවත් සම්බන්ධ කරගෙන මේ හදපු ප්‍රවාදයට සෑහෙන තරමේ සමාජ බලයක් යුරෝපය තුළ පවා ලැබුණා. ඉතිං බමුණු මතවාද අධිනිශ්චය වෙ

පාරාදීසයක යටි වියමන Paradise

Image
(ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ Paradise චිත්‍රපටය පිළිබඳ විමසුමකි) ප්‍රසන්න විතානගේ විසින් අධ්‍යක්ෂණය කරන ලද නවතම චිත්‍රපටය, ‘පැරඩයිස්’ මේ වනවිට සිනමා ශාලාවල තිරගත වෙමින් තිබේ. එය සමාන්තරව තිරගත වූ ලංකාවේ සහ ඉන්දියාවේ යන රටවල් දෙකෙහිම විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලබන බවද වාර්තා වී තිබේ.  මීට පෙර ප්‍රසන්න විතානගේ නිර්මාණය කළ බොහොමයක් චිත්‍රපටවල යම් එක නිශ්චිත තේමාවක් හරහා කෘතිය විකාශනය වුවද, පැරඩයිස් විවිධ තේමාවන් රාශියක සංයුක්ත ඉදිරිපත් කිරීමකි. එය ලංකාවේ ආර්ථික අර්බුදය, එයට එරෙහිව පැනනැගුනු ජන අරගලය, රාජ්‍ය මර්දනය, පොලීසියේ දූෂිත බව, ඉන්දියානු තානාපති කාර්යාලයට පැමිණිලි කරන බව පවසන සැනින් පොලිස් නිලධාරියෙකු බියපත් වන තරමට ලංකාවේ ආණ්ඩුවේ විදෙස් ප්‍රතිපත්තියේ ඇති පරාධීන බව, පරිසර විනාශය, කඳුකර තමිල් ජනතාව මුහුණ දෙන විශේෂ ප්‍රශ්නය, ජාතිවාදය වැනි තේමාවන්වල සිට පවුල තුළ පුරුෂ මූලිකත්වය ක්‍රියාත්මක වන ආකාරය දක්වා වන පුළුල් පරාසයක තේමා අන්තර්ගත කර ගනී. එහෙත් ඒවා මුළුමනින් වියුක්ත හා කැබලි වූ කරුණු සමූහයක් ලෙස ඉදිරිපත් නොවී ඒවායේ අන්තර් සම්බන්ධය සහිතවම කෘතිය තුළ සංවාදයට බඳුන් වීම පැරඩයිස්හි