Oppenheimer පුද්ගල අත්වැරැද්දක්ද, දේශපාලන පීලිපැනීමක්ද?

ඔස්කාර් 2023 සම්මාන උළෙලේදී හොඳම චිත්‍රපටය , හොඳම අධ්‍යක්ෂණය , හොඳම නළුවා , හොඳම සහාය නළුවා , හොඳම සංගීතය , හොඳම කැමරාකරණය , හොඳම සංස්කරණය ඇතුළු සම්මාන 7 ක් දිනා ගත්තේ ක්‍රිස්ටෝපර් නෝලන් නිර්මාණය කළ ඔපන්හයිමර් චිත්‍රපටයය. තවත් සම්මාන 6 කට එය නිර්දේශ වී තිබිණි. ක්‍රිස්ටෝපර් නෝලන් හොඳම අධ්‍යක්ෂකවරයා ලෙස සම්මානයට පාත්‍ර වෙද්දී ඔපන්හයිමර් චිත්‍රපටයේ ඔපන්හයිමර් ලෙස රඟපෑ කිලියන් මර්ෆි හොඳම නළුවා බවට පත්වුයේ එහිදී කළ විශිෂ්ට රංගනය හේතුවෙනි. මෙම ඔස්කාර් සම්මානත් සමගින් ඔපන්හයිමර් ලබාගත් ජාත්‍යන්තර සම්මාන සංඛ්‍යාව 333 ක් විය. ලොව පුරා මිලියන 100 ක ජනතාවක් ඔපන්හයිමර් නරඹා ඇති අතර එය එක්සත් ජනපද ඩොලර් බිලියනයක වාර්තාගත ආදායමක් උපයාගෙන ඇත. ඔපන්හයිමර් සඳහා ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රේක්ෂක ප්‍රතිචාරය මෑත කාලයේ ඉහළම ප්‍රතිචාරයකි. මෙම කෘතියට පාදක වන්නේ දෙවන ලෝක යුද්ධය අවසානයේ ඇමරිකා එක්සත් ජනපදය විසින් ජපානයේ හිරෝෂීමා සහ නාගසාකි නගර වලට හෙලන ලද විනාශකාරී පරමාණු බෝම්බයේ නිර්මාපකයා වන විශිෂ්ට භෞතික විද්‍යාඥ ජේ. රොබට් ඕපන්හයිමර්ගේ චරිතාපදානයයි. චිත්‍රපටය සඳහා පාදක වී තිබෙන්නේ ඉතිහාසඥයන් වන කයි බර්...