වීරත්වයේත් දුෂ්ටත්වයේත් කතාව - The Railway Men

අප ජීවත්වෙන වෙළඳපල ධනවාදී සමාජය විස්තර කරන්න භාවිත වන ප්‍රසිද්ධ නිදසුනක්, ‘අවි ආයුධ අලෙවිය වෙනුවෙන් යුද්ධ නිර්මාණය කරන අතර ඖෂධ අලෙවිය වෙනුවෙන් ලෙඩරෝග නිර්මාණය කරනවා’ යන්න. බොහෝ කර්මාන්ත හිමියන් අපගේ කලාපයට පැමිණීමට ප්‍රධාන හේතුවක් වන්නේ පාරිසරික ආරක්ෂාව සම්බන්ධයෙන් පවත්නා ලිහිල් නීති රීතීන්ය. අපගේ කලාපය පුරාම මේ සම්බන්ධයෙන් ඇති තරම් උදාහරණ ඇති නමුත් ඉංදියාවේ බෝපාල් ඛේදවාචකය ඒ අතරින් ඛේදනීයම වන්නේ එය මානව ඉතිහාසයේ එදා මෙදා තුල සිදුවූ දරුණුම කාර්මික අනතුර වන බැවනි. අදාල කර්මාන්ත ශාලාව අසළ පිහිටි දිළිඳු පැල්පත් නිවාස කොළණියේ මිනිසුන් සියල්ල මරණය වෙත ගෙන ගිය මෙම අනතුරින් ආසන්න වශයෙන් 15,000ක පමණ පිරිසක් මරණයට පත්විය. Railway Men මෙම ඛේදවාචකයේ ස්වාභාවයත් මිනිසුන් ඊට මුහුණ දුන් අකාරයත් පිළිබිඹු කරන කෙටි රූපවාහිනී කතා මාලාවකි. Jagmohan Kumawat බෝපාල් නගරයේ ප්‍රාදේශීය මාධ්‍යවේදියෙකි. ඔහු Union Carbide India Ltd කර්මාන්ත ශාලාවෙන් ප්‍රදේශයට ඇති අනතුර පිළිබඳ සිය පුවත්පත මගින් දිගින් දිගට කරුණු අනාවරණය කරයි. නමුත් තමන් පවසන කරුණු තහවුරු කිරීමට විශ්වාසදායක සාක්ෂියක් ඔහුට මෙතෙක් හමු වී නොමැත. එ...