දරුවන් බිලිදීම: Sacrifice of Isaac

පහත පළවන කල්ප රාජපක්ෂගේ සේයාරුවෙන් දැක්වෙන්නේ පේරාදෙණි සරසවියේ රුක් සෙවණක විවේකයෙන් සිටින පාසල් දරුවන් පිරිසකි. ඊට පහළින් දැක්වෙන්නේ පැරණි බයිබලයේ කියැවෙන ‘ඉසාක් බිලිදීම’ නමැති සිදුවීම චිත්‍රශිල්පියකු දැක ඇති ආකාරයයි. මෙය 1720දී ගියොවන්නි බැටිස්ටා පිටනි නමැති ඉතාලි කලාකරුවාගේ නිර්මාණයකි. පැරණි බයිබලයේ එන ආකාරයට, දෙවියන්ට ඇති පක්ෂපාතිත්වය පරික්ෂා කරනු පිණිස සිය දරුවා, ඉසාක් බිලිදෙන ලෙස ඒබ්‍රහම්ට නියම කරනු ලැබිණි. ඒ අනුව සිය දරුවාගේ දෑස් බැඳ බිලිදෙන්නට සූදානම් වෙද්දී දේවදූතයකු පැමිණ ඔහු වළක්වාලයි. කුඩා දරුවන් හා කාන්තාවන් මරා දමමින් ඇදී යන පලස්තීන සංහාරය හමුවේ පමණක් නොව ලාභය හඹා යන ධනවාදය තුළද අප ජීවත්වන ලෝකයේ මිනිසුන්ට සිදුව ඇත්තේ සිය දරුවන් බිලි දෙන ම්ලේච්ඡ, නරුම, අයුක්තියක් ඉවසා දරා සිටින්නටය. ඔවුන් ගලවා ගන්නට දේවදූතයන් පැමිණෙන්නේද නැත. ජීවිතය ආරම්භ කරන වයසේ දරුවන්ට විඳින්නට ජීවිතයක් දෙනු වෙනුවට ඔවුන් බිලි දෙන ලෝකයක් මිනිස් වර්ගයා විසින් නිර්මාණය කර ඇත. දේවදූතයන් හෝ ගැලවුම්කරුවන් අපේක්ෂාවෙන් සිටිනු වෙනුවට කළ යුතු කුමක්දැයි මිනිසා තීරණය කළ යුතුව ඇත. (කල්ප රාජපක්ෂ - පේරාදෙණි සරසවි ...