අරගලය සහ සතුට කවියකුගේ ඇසින්

දුරෙයි ෂන්මුගම් තත්වයන්ගේ වෙනස්වීම, තත්වයන් වෙනස් කිරීම සම්බන්ධ මිනිස් මැදිහත්වීමේ ස්වරූපය කවරේද? තත්වයන් වෙනස් කිරීමට මැදිහත්වන මැදිහත්කාරක ව්‍යාපාරයන්ගේ ස්වභාවය, තත්වයන් වෙනස්කිරීම කෙරෙහි බලපාන්නේ කෙසේද? සැබැවින්ම, මෙය න්‍යායික ප්‍රශ්නයකට වඩා ව්‍යවහාරික ප්‍රශ්නයක් බව මාක්ස්වාදයේ දැක්වෙන අදහසයි. එහෙත් කිසිවිටකත් න්‍යාය හා ව්‍යවහාරය යන දෙකෙන් එක් පාර්ශ්වයක්, පමණක් අධි අවධාරණයට ලක් කිරීමෙන් මිනිස් ක්‍රියකාරිත්වයේ ඒකාබද්ධතාව අහෝසි වෙයි. එහෙයින් තත්වයන් වෙනස් කිරීමට මැදිහත්වන ව්‍යාපාර මේ අංශ දෙක පිළිබඳවම අවධානය යොමු කිරීම වැදගත්ය. එක් අතකින් න්‍යාය යනුම ව්‍යවහාරයේම සාමාන්‍යකරණයකි. අනෙක් අතින් න්‍යාය යනු, ව්‍යවහාරයේම ඉදිරි දැක්මකි. සමාජ විප්ලවයකදී විප්ලවවාදී ව්‍යාපාරයන්ගේ කාර්යය නම්, මේ ඉදිරි දැක්ම ඔස්සේ සමාජය සංවිධානය කිරීමය. පසුකාලීනව, මාක්ස්වාදී දාර්ශනික කතිකාව තුළ ආර්ථික, දේශපාලන, ආධිපත්‍යයට බුද්ධිමය හා සදාචාරාත්මක ආධිපතයයක් පිළිබඳ කතිකාවක් ඈඳුනේද මේ නිසාම විය හැක. සත්‍ය වශයෙන්ම සමාජ වෙනස එහි ස්වයංසිද්ධ සීමාවලින් එහාට වර්ධනය කළ හැක්කේ සවිඥාණික මැදිහත්වීමකිනි. දුරෙයි ෂන්මුගම් නමැති...