සමාජ යථාර්ථයෙන් තත්කාර්යවාදයට - "අයිය මළෝ"

දශක ගණනාවක් පුරා ගොඩනැගුනු සමාජ ආතතියේ පුපුරා යාම පසුගිය අප්‍රේල් මාසයේ සිදු විය. ඒ ගෝල්ෆේස් අරගලය හරහාය. අරගලය හමුවේ විවිධ උපාමාරු දමමින් සිටි ලංකාවේ රාජ්‍ය තන්ත්‍රය හිටපු ජනාධිපති හා අගමැති වෙනුවට වෙනත් ජනාධිපති කෙනෙකු හා අගමැතිවරයකු ලත් කරගැනීමෙන් අවසානයේ කෙසේ හෝ ක්‍රමය ආරක්ෂා කරගැනීමට සමත් විය. මෙසේ අලුතින් ජනාධිපතිධුරයට පත් වූ රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩුව දැන් අර්බුදය සමනය කරගත නොහී තව තවත් ජනතාව මත ආර්ථික දේශපාලන හා සමාජයීය පීඩනය තීව්‍ර කරමින් සිටී. රටේ මුල්‍ය උත්පාදන මාර්ග බහුජාතික සමාගම්වලට විකිණීමට කැසකවමින් සිටී. රාජ්‍ය අංශයේ මහජන සේවා පෞද්ගලිකකරණයට උත්සාහ දරමින් සිටී. එළඹීය හැකි ඊළඟ මහජන අරගලය හමුවේ සන්නද්ධ හමුදා ශක්තිමත් කරමින් සිටී. පසුගිය මාසයේ එළිදැක්වූ අසංක සායක්කාර නාට්‍යවේදියාගේ ‘අයියා මළෝ’ නාට්‍යය ලංකාවේ ප්‍රේක්ෂකයා හමුවට පැමිණියේද ඒ පිළිබඳ ‘රළ’හි මෙම කතාබහ සිදුවන්නේද උක්ත සමාජ දේශපාලන පසුබිමෙහිය. කෘතිය, අරගලය හා අරගලය පැන නැගුණු අප ජීවත්වන වත්මන් මොහොත පිළිබඳ යම් අදහසක් ලිපිය අවසානයේ ගොනුකර ගැනීමට අපේක්ෂා කරමින් අපි නාට්‍ය පිළිබඳ සාකච්ඡාවකට එළඹෙමු. ‘සායා’ දීර්ඝ ...