ඔක්තෝබරය සහ කලාව
ඔක්තොබර් විප්ලවය වූකලී මෙතෙක් මානව ඉතිහාසයේ සිදුවුණු අසිරිමත්ම සංසිද්ධීන් අතරින් එකකි. එය හුදු දේශපාලන බල මාරුවකට එහා ගිය, අපේක්ෂාවන්ගේද, ලාලසාවන්ගේද උත්කෘෂ්ට ප්රකාශමාන වීමක් විය. ඊට සහභාගි වූවෝද ඊට නායකත්වය දෙනු ලැබුවෝද එකී ලාලසාවෙන් අලෝලනය වූවෝ වෙති. ඔවුන් අතර, ශීත මාලිගයට එල්ල කළ ප්‍රහාරයෙන් එහි අලංකාර වීදුරු කැටයම් බිඳී යාම ගැන ශෝකවුණු කොමිසාර්වරයෙක්ද විය. විප්ලවීය ආණ්ඩුවේ ප්‍රථම නෛතික නියෝගය වූෙයේ මොස්කව් ඇතුළු රුසියාවේ සෑම ප්‍රදේශයකම වූ පුරා විද්‍යාත්මක හා කාලාත්මක ස්මාරකවල ආරක්ෂාව තහවුරු කිරීමේ නියෝගයයි. ඒ, පැරණි පාලනයේ සංකේත කෙරෙහි කොපාවිෂ්ට වූ කම්කරුවන් ඒවා බිඳ දැමීමට ඉඩ තිබුණු බැවිනි. විප්ලවයෙන් අනතුරුව ඒ ආසන්නයේම පැන නැගුණු සෝවියට් කලාව ආකෘතියෙන්ද අන්තර්ගතයෙන්ද මානව සංස්කෘතියේ විශිෂ්ට දායාදයෝ වෙති. සාහිත්‍ය, චිත්‍ර හා මූර්ති කලාව, නාට්‍ය හා සිනමා කලාව ආදී සකල විධ කාලාංගයන්ගේ නියැළුණු ඉදිරිගාමී ම කොටස් විප්ලවයට ආකර්ශනය වූ අතර පෙරලා විප්ලවය සංස්කෘතික වශයෙන් පෝෂණය කරවීය. චිත්‍ර කලාවේදී වසිලි කැන්ඩින්ස්කි, නාට්‍යවේදී මෙයර්හොල්ඞ්, මුර්ති ශිල්පී ව්ලැද්මීර් ටැට්ලින් මේ ...