ව්‍යාජ ජනතාවාදයෙන් මිදුණු සැබෑ විප‍්‍රවාසී කවියක් - "නිමා වූ ඍතුවක ශේෂ පත‍්‍ර"

මාලන් සැබෑ සැබෑ විප‍්‍රවාසී කවියකු වී ඇත. ඔහුගේ ‘නිමා වූ ඍතුවක ශේෂපත‍්‍ර’ නමැති නවතම කාව්‍ය සංග‍්‍රහය මගින් විශද වන ඒ අවංකත්වය ප‍්‍රථමයෙන් ම අගය කළ යුතුව ඇත. ස්වකීය මධ්‍යම පාන්තික කුටුම්භ සංස්ථාව රැුක ගැනුමට විදෙස්ගත ව මෙරට පීඩිතයන් පිළිබඳ ලියන ව්‍යාජ මානවවාදී කාව්‍යයන්ට සාපේක්ෂව මාලන්ගේ කවිය අවංක ය. අතීතකාමයෙන් මිදිය නො හැකි වන අවස්ථා කිහිපයක දී හැර ඔහු ලංකාවේ ඔහු හැර දමා පැමිණි චරිත, පරිසරය පවා තම කාව්‍ය වෙත කැඳවන්නේ නැත. මා එය දකින්නේ ඉදිරිගාමී පියවරක් ලෙස ය. සැබැවින් ම කවියෙකුට ජාතික රාජ්‍යයක් අවශ්‍ය නො වන බව මාලන් අපට පවසනු වැනි ය. ලාංකික පරිසරය ඇසුරු කරමින් ඔහු අතින් ලියැවෙන කාව්‍යයන්හි පවා අපට හමු වනුයේ තමන්ගේ අතීතකාමය සමග ගැටෙන කවියෙකි. විටෙක අතීත කාමයෙන් මිදීමට ඔහු අසමත් වුව ද තැනක ඒ සමග පොරබදන කවියෙකු මේ කාව්‍ය සංග‍්‍රහයෙන් මතු වෙයි. ‘සෝමාවතී වන්දනය’ හා ‘වියළි වැව් පිටිය මැද සිහිනය’ බඳු කාව්‍ය නිර්මාණ ඉක්මවා ‘පිරිත් හඬ’, ‘සඳ සහ මහද්වීපයක තනිය’ බඳු කවක් ළඟ මගේ පය පැකිළෙන්නේ එනිසා බව මට දැනෙයි. ‘ඒ මතක දෝතින් ම ගෙන සිඹ සඳ වතුර යට අතුරා යළි පිය නගමි කුටියට’ - (පිටුව.33) ලාංකේය කව...