දියවන්නා කුමාරියේ

පදරචනය හා සංගීතය - ඉරේෂ් වන්නකුකෝරාළ ගායනය - ‘නාද’ සංගීත කණ්ඩායම පශ්චාත් නූතන ප්‍රති-නිෂ්පාදන යුගයේදී සාහිත්‍ය කලා කෘති සම්බන්ධයෙන් මෙතෙක් අධිනිශ්චය වී පැවැති ඇතැම් වර්ගීකරණ නාමමාත්ර තත්වයට පත්වෙලා. සම්භාව්‍ය - පීචං, ප්‍රධාන ධාරාව - විකල්ප ධාරාව ආදී වශයෙන් වූ වර්ගීකරණ තවදුරටත් වලංගු නෑ. නන්දා මාලිනී, සිරස සමග ‘ශ්වේත රාත්‍රිය’ ගයනවිට ටිමාගෙ ‘පොඞ්ඩියේ’ වගේ ගීතයක් ‘හිරු ස්ටාර්’ වේදිකාවෙ කුණු කොල්ලයට විකිණෙනවා. වෙළඳපොළ හැර අන් කිසිදු යථාර්ථයක් විශ්වාස කළ නොහැකි මොහොතක සාහිත්‍ය කලාවට සිදුවෙන්නෙ ඒක තමයි. ඒ නිසා, වගකීම් සහගත සමාජ ව්‍යාපාරයක කාරය වෙන්නෙ ඒ ගැන නහයෙන් අඬන එක නෙවෙයි. මේ යුගයේ ප්රගතිශීලි වාම ව්‍යාපාරයන්ට ඇති අභියෝගයක් වන්නේ ඒ වෙනුවට ඒ නිර්මාණ තුළ සංග්‍රහ වී ඇති විසල් ජීවන හා සමාජයීය අපේක්ෂා හඳුනා ගනිමින් එකී අපේක්ෂා පිළිබඳවත් එබඳු අපේක්ෂා යථාර්ථයක් බවට පත්කර ගන්නා ආකාරය සම්බන්ධවත් කලාකරුවා සමඟ මෙන්ම සහෘද රසිකයා සමඟ සංවාදයකට එළඹීමයි. ‘දියවන්නා කුමාරියේ’ බඳු ගීතයක් පසුගිය කාලයේ බෙහෙවින් ජනප්‍රිය වුවද අප වටහා ගතයුතු සත්‍ය වන්නේ එහි අන්තර්ගත සැබෑ ජීවන ...