දිට්වා සහ ඩිකැප්‍රියෝ
නොවැම්බර් මස අවසන් සතිය ලංකාව කඳුලින් නැහැවුණු සතියක්. ඒ දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇතිවූ අධික වර්ෂාපතනයත්, එමගින් කඳුකරය නාය යෑම සහ පහත්බිම් ගංවතුරට හසුවීම යන ආපදා දෙක නිසා. සුළිකුණාටු ඇතිවීමට හේතුව වන්නේ නිවර්තන කලාපය අධිකව රත්වීමට ලක්වීම. මේ නිසා සාගරය උණුසුම්වීම මෙවැනි සුළිකුණාටු ඇති කරන්නට අවශ්‍ය පසුබිම සකස් කරනවා. සුළිකුණාටු සෘජුවම දේශගුණ විපර්යාස සමග සම්බන්ධයි. දේශගුණ විපර්යාස ගෝලීය උණුසුම ඉහළ යාම සමග සම්බන්ධයි. ගෝලීය උණුසුම ඉහළ යාම වායුගෝලයට අධික ලෙස හරිතාගාර වායු මුදාහැරීම සමග සම්බන්ධයි. හරිතාගාර වායු ධනේශ්වර නිෂ්පාදනය සහ ධනේශ්වර අධි පරිභෝජන ජීවන දර්ශනය සමග සම්බන්ධයි. ‘ටයිටැනික්’ චිත‍්‍රපටයේ ජැක්ගේ චරිතය රඟපෑම නිසා අප කවුරුත් හඳුනන ලියනාඩෝ ඩිකැප‍්‍රියෝ ධනවාදයේ මේ ව්‍යසනයට එරෙහිව හඬ නගන කලාකරුවෙක්. ලොව පුරා ප‍්‍රගතිශීලී කලාකරුවන් විශාල ප‍්‍රමාණයක් මේ ව්‍යසනයට එරෙහිව නගන හඬට සංකේතයක්. ලියනාඩෝට The Revenant චිත‍්‍රපටයේ රඟපෑම වෙනුවෙන් 2015 වසරේ හොඳම නළුවාට හිමි ‘ඇකඩමි’ සම්මානය හිමිවුණා. 2016 පෙබරවාරි 28 වැනිදා පැවැත්වුණු සම්මාන උළෙලේ සම්මානය ලබා ගැනීමෙන් අනතුරුව ඔහු අදහස් දක්වද්...