වැහි පීල්ලක අතරමංව - වංකගිරියක අතරමං වූ සමාජය පෙන්වන කැඩපතක් !

2025 වසරේ ස්වර්ණ පුස්තක සහ රජත පුස්තක සම්මාන පිළිබඳ මේ වනවිටත් ඉතාම බරපතළ සංවාදයක් හටගෙන තිබෙනවා. ඒ මේ වනවිට වෙනත් සම්මාන උළෙලක සම්මානයක් ලැබූ කෘති සම්මාන විනිශ්චයෙන් ඉවත් කිරීමට පොත් ප‍්‍රකාශකයන්ගේ සංගමය තීරණය කිරීම නිසා. මීට පෙර ස්වර්ණ පුස්තක හා රජත පුස්තක සම්මාන සඳහා එවැනි සීමාවක් තිබුණේ නෑ. නිදසුනක් ලෙස 2024 රජත පුස්තක සම්මානය දිනු සමිත බී. අටුවබන්දෑලගේ ‘හිත හදාගත් කෙනෙක්’ ඊට පෙර ගොඩගේ අත්පිටපත් තරඟයේ ජයග‍්‍රාහී කෘතිය. 2023 රජත පුස්තක හොඳම යොවුන් නවකතාව සම්මානය ලැබූ කසුන් සමරතුංගගේ ‘ජා ජා ඩිං’ 2022 ගොඩගේ අත් පිටපත් තරඟයේ හොඳම යොවුන් කෘතිය. 2023 ස්වර්ණ පුස්තක අවසන් වටයට තේරුණු චමිල් හර්ෂණගේ ‘සිරසාලාවන්‍යා’ කෘතිය ගම්පහ බණ්ඩාරනායක පුස්තකාල සම්මාන උළෙලේ සම්මානයට පාත‍්‍ර වූ කෘතියක්. මෙවැනි උදාහරණ ගණනාවක් කියන්න පුළුවන්. නමුත් මේ ලිපියේ අරමුණ පොත් ප‍්‍රකාශකයන්ගේ සංගමයේ අර්බුදකාරී තීරණ ගැන කතා කරන එක නෙවෙයි. අප පසුගිය ‘රළ’ කලාපයේ සාකච්ඡුාවට බඳුන් කළ සමිත බී. අටුවබන්දෑලගේ ‘වනිගසේකර තිත් මුවෙක්’ කෘතිය ඇතුළුව ගයනි ගුරුගේගේ ‘පලායමි, එන්න එලියට’, ශ‍්‍රිලානි ප‍්‍රනාන්දුගේ ‘මම වුය...