කැළලිකාරයෝ - පශ්චාත් කැරලිකාර සමාජයක අලුතින් මතුවන කැළලි

ඓතිහාසිකත්වය’ යනු යථාර්ථවාදී සාහිත්‍ය රීතියේ දී මග හැර යා නො හැකි යථාර්ථයකි. එබඳු යථාර්ථවාදී රීතියකින් සිදු වනුයේ කිසියම් නිශ්චිත යුගයක හා ප්‍රදේශයක මිනිස් සබඳතා ප්‍රතිනිර්මාණය කිරීම යි. එනයින් එබඳු නවකතාවක් ඓතිහාසික යථාර්ථවාදී නවකතාවක් ලෙස හැඳින්විය හැකිය. ඩබ්.ඒ. සිල්වා, මාර්ටින් වික්‍රමසිංහ, ටෙනිසන් පෙරේරා, ගුණදාස අමරසේකර මෙන් ම එරික් ඉලයප්ආරච්චි ද එබඳු ඓතිහාසික යථාර්ථවාදී නවකතා රචනා කර ඇත. එහෙත් ‘ඉතිහාසය’ යනුවෙන් වෙන ම විෂයක් තිබිය දී මිනිසාට ඓතිහාසික යථාර්ථවාදී සාහිත්‍යයක් අවශ්‍ය වූයේ ඇයි ද, යන තීරණාත්මක ප්‍රශ්නය සම්බන්ධයෙන් පිළිතුරු දීමට උක්ත ලේඛකයන් එතරම් උනන්දු වූ බවක් ඔවුන්ගේ නවකතාවන්ගෙන් දිස් වන්නේ නැත. ඔවුන් අතරින් ඒ සඳහා යම් මැදිහත් වීමක් සිදු කර ඇත්තේ එරික් පමණක් බව පැවසිය හැකිය. එහි ප්‍රතිඵලය වී ඇත්තේ ලංකාවේ රචනා වූ බොහෝ ඓතිහාසික නවකතාවන්ගෙන්, ලංකාවේ රචනා වී ඇති ‘ඉතිහාස කතාවෙහි’ දක්නට ලැබෙන ‘ප්‍රබන්ධයට’ වඩා ප්‍රබන්ධමය යථාර්ථයක් දක්නට නො ලැබීම යි. ෆ්‍රාන්ස් කෆ්කා හෝ ජේම්ස් ජොයිස් බඳු නවකතාකරුවකු ඉතිහාසය සමග ගනුදෙනු කරන ආකාරය සමඟ සැසඳීමේ දී ලංකාවේ ඓතිහාසික යථාර්ථවාදය නතර වී ...