නතාෂා සහ ICCPR

නතාෂා එදිරිසූරිය විසින් ප්‍රහසන වැඩසටහනකදී කළ ප්‍රකාශයක් බුදුන්ට කළ අපහාසයක් ලෙස ගනිමින් ඇය අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත්කර ඇත. එම ප්‍රකාශය සහිත ප්‍රහසන වැඩසටහන විකාශය කළ සමාජ මාධ්‍ය හිමිකරු ලෙස බෘනෝ දිවාකරද අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ගෙන ගොස් ඇත. යම් අදහසක් ප්‍රකාශ කිරීමට හා ස්ථාවරයක් දැරීමට ඇති නිදහස ස්ථාපිත කෙරුනේ ලිබරල් නිදහසේ ධජය ඔසවාගෙන ආ ධනපති ප්‍රජාතන්ත්‍රවාදය විසිනි. නිර්මාණකරුවකුට හෝ වෙනත් අයකුට තමන් ඉදිරිපත් කරන අදහස ඉදිරිපත් කිරීමේ අයිතිය අවහිර කිරීම ප්‍රජාතාන්ත්‍රික අයිතීන් පැහැර ගැනීමකි. එවැනි අය පොලිසිය යොදවා අත්අඩංගුවට ගැනීම්වලට මෙන්ම අධිකරණ කටයුතු හරහා සිරගත කිරීම් කරමින් මර්දනය යොදාගැනීමට අපි තරයේ විරුද්ධ වෙමු. යම් ප්‍රකාශයක අදහසට විරුද්ධ නම් ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක තිබෙන ක්‍රමවේදය වන්නේ එම අදහසට වෙනත් අදහස් මගින් ප්‍රතිචාර දැක්වීමත් අදහස් ප්‍රචාරය වීමේදී ඇතිවන බලපෑමක් විවේචනය මගින් නිවැරදි කිරීමත්ය. නිර්මාණකාරියකට ද සිය නිර්මාණාත්මක ප්‍රවේශය හරහා අදහස් පළකිරීමට සහ විවේචනයන් ඉදිරිපත් කිරීමට ඇති අයිතිය ආරක්ෂා කරන අතරම එම නිර්මාණය විවේචනය කිරීමේ අයිතිය ප්...