අර්ථයක් සොයමින් වැළපෙන නීතිය 'Article 15'

සමානාත්මතාවය විවිධ ස්වරූපයන්ගෙන් වසර දහස් ගණනාවක් පුරා මානව ශිෂ්ටාචාරයේ සෑම අස්සක මුල්ලකම පැවති දහස් සංඛ්‍යාත අරගලයන්ගේ පදනමයි. දහස් ගණනක්ගේ ලෙයින් තෙත් වී දහස් ගණනක් ජයග‍්‍රහණ දහස් ගණනක් පරාජයන් හමුවේ ඉදිරියට ඇදුනු අරගලයක්. සියලූ වෙනස්වීම් මැද අදද විවිධ ස්වරූපයන්ගෙන් සමානාත්මතාව වෙනුවෙන් වූ අරගලය ඉදිරියට ඇදෙයි. ඉරාන කාන්තාවන් තම කෙස් වැටිය කපා දමිමින් බුර්කා පුලූස්සමින් සිදුකරන්නේද, ඇමරිකාවේ ජෝජ් ෆ්ලොයිඞ් ඝාතනයට එරෙහි අරගලය, ලංකාවේ සංක‍්‍රාන්ති ලිංගික ප‍්‍රජාවන්ගේ සමානාත්මතාව වෙනුවෙන් වන අරගලය ආදී දහසකුත් අරගල මේ මොහොතේද ජීවමානය. කුලය, ආගම, ජාතිය, ලිංගිකත්වය ආදී ලෙස වෙනස්කොට සැලකීමට පදනම් වන කරුණු රාශියකි. ඇතැම් රටක නිවසින් එළියට බැසීමට හෝ අවම අයිතියක් ලබාගැනීම වෙනුවෙන් දිවෙන කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් වන අරගලය වඩා දියුණු සාමාජයක ඉන් බොහෝ ඉදිරියට ගිය අයිතිවාසිකම් වෙනුවෙන් දියත්වෙයි. කෙසේ නමුත් අරගලය සෑම විටම ජීවමානව පැවතෙයි. ලංකාවේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් සදහා වෙනම වගන්තීන් තුළින් ඒවා සුරක්ෂිත කොට ඇත. නමුත් සත්‍ය ලෙසම ව්‍යවස්ථාවක් වැනි ලියවිලිවල එවැනි සුන්දර වැකි ...