යථාර්තය හිස මත කඩාවැටෙන තුරු - Don’t Look Up

වසංගතය හා ආර්ථික අර්බුදය සංකීර්ණවන මේ දවස්වල මෙරට සිදුවන බොහෝ දේ ප‍්‍රහසනයන් බවට පත්ව ඇත. රාතී‍්‍ර ප‍්‍රවෘත්ති විකාශය විකට චිත‍්‍රපටයක් නරඹනවා මෙන් සිනහ වෙමින් නැරඹිය හැක. නමුත් ඒ සිනහවන් පිටුපස ඇත්තේ ඛේදවාචකයකි. බලය සදහා පාලක ස්ථරයේ තරගය මාධ්‍යයන් හමුවේ නාටකීය ලෙස දිගහැරෙන අතර එම නාටකයන්ගේ පිටපත් රචනා කරන ධනපති පැලැන්තියේ ලාභය සඳහා වූ තරගය සීතල යුද්ධයක් මෙන් මේ සියල්ල පසුපසින් දිවයයි. රට සංවර්ධනය කිරීම, දුප්පත්කම දුරලීම ආදී අලංකාර තේමා පාඨ ප‍්‍රදර්ශනය කළද මේ සියල්ල පිටුපස නැවත නැවතත් දිවයන්නේ එකම අරමුණකි, තේමාවකි. එයනම් ලාභයයි. ගංවතුරක්, සුනාමියක් හෝ වසංගතයක් වැනි ව්‍යසනයක්වුව ඔවුන්ගේ ලාභ ඉපැයීමේ ව්‍යාපෘතීන්ට බාධාවක් නොවෙයි. පසුගිය වසංගත සමයෙහි මෙරට මිනිසුන් ආදායම් අහිමිව ජීවිත ඛේදවාචක බවට පත්වන පසුබිමක මෙරට ප‍්‍රධාන පෙළේ මූල්‍ය සමාගම් රාශියක් සිය ව්‍යාපාර ඉතිහාසයේ ඉහළම ලාභ ලැබූ වසර බවට පසුගිය වසර පත් විය. එතැනින් නොනැවත වසංගතය සමාජය බිලි ගන්නා මොහොතක දැවැන්ත සමාගම් එන්නත්, ඇන්ටිජන් කට්ටල ආදියෙන්ද ඉහළ ලාභ ඉපැයීය. එය අපගේ කලාපයට එන විට දූෂිත දේශපාලන යාන්ත‍්‍රණයන් තුල කොමිස් හා අනෙ...