Song Zone : ආච්චිට හාල් ගරන නිසා....
පද - කුමාර හෙට්ටිආරච්චි ගායනය හා තනුව - ඉන්දිකා උපමාලි සංගීතය - ළහිරු ද කොස්තා අද දවසේ සිංහල බෞද්ධ ලාංකිකයා ගත කරන ජීවිතය සින්දුවකින් කියන්නෙ කොහොමද? අපිට හිතෙන්නෙ ඒක මේ වෙලාවෙ කරන්න බැරි, එහෙම නැත්නම් කරන්න අමාරුම වැඩවලින් එකක්. කුමාර හෙට්ටිආරච්චි, ඒ බැරි වැඬේ කරන්න බර උත්සාහයක් දීලා තියෙනවා කියලා තමයි අපට මුලින්ම මේ සින්දුව ගැන කියන්න තියෙන්නෙ. හෙට්ටිආරච්චි ඒ වැඩේ කරන්න පාවිච්චි කරන්නෙ සිංහල ජනකතා, ප‍්‍රස්ථාව පිරුළු වගේ ජාතික සංකේත ටිකක්. හැබැයි ජාතික උපමා කතාවලට නව අර්ථකථන ලබා දෙන ලාබ සිල්ලර වැඩේ නෙවෙයි ගීත රචකයා මේ කරන්නෙ. ඒ වෙනුවට ගීත රචකයා අපට පෙන්වන්නෙ සන්නිවේදන අවශ්‍යතා විතරක් ඉටු කරගන්න තියෙන භාෂාවකින් සමාජයක් ශිෂ්ට කරන්න බෑ කියලා. එහෙම නැත්නම් ඒ වගේ භාෂාවකින් සමාජයක් වඩා සුසාධිත, විනයගත, ආලෝකවත්, සුසමාදර්ශී තත්වයකට පත් කරන්න බෑ කියලා. ජනකතා උපදේශ කතා, උපදේශ කාව්‍ය වගේම ප‍්‍රස්ථාව පිරුළුවලින් අපට කොයි තරම් හරි වැරදි දේවල් වෙන් කරලා දීලා තියෙනවද? ‘ආච්චිට හාල් ගැරීමේ’ සිට ‘වැද්දන්ගෙන් බණ ඇසීම’ හොඳ නැති දේවල් කොයි තරම්ද? ඒත් සින්දුව කියන කථක ස්ත‍්‍රිය කියන්නෙ හැම නොකටයුත්තම දැන් ...