සාස්තර
ගායනය හා සංගීතය - තරිඳු දම්සර පද රචනය - රුහුණුකෙත ධම්මදේව සිංහල සාහිත්‍ය කලා ව්‍යාපෘතිය තුළ අන්ධ බින්දුව බවට වතු කම්කරු ප්‍රජාව පත්ව ඇතැයි ප්‍රකාශ කළේ පරාක්‍රම කොඩිතුවක්කු කවියාය. ‘දෙවියන්ගේ මිනිසුන්’ බඳු කාව්‍ය සංග්‍රහයකින් ඔහු ඒ ජනයාට සංග්‍රහ කළේය. එහෙත් ඒ තරම්වත් අවධානයට පාත්‍ර නොවූ කොට්ඨාසයක් ලස අහිකුණ්ඨක ජනයා දෙස හැරී බැලීමට මේ ගීතය අප පොලඹවයි. එයම මේ ගීතය පිළිබඳ සංවාදයක් ඇවිළවීමට තරම් හේතුවක් වෙයි. අප දිව යන තරම් වේගයෙන් දිව යෑමට සමත් නොවූ ඔවුන්ගෙන් එක් තැනැත්තියක් වෙත පද රචකයාගේ ඇස නතර වේ. එවිට රචක හිමි දකිනුයේ තැන්මං හන්දියක නතර වී සිටින සාස්තර කියන ගැහැනියකි. අප මෙන් නොව, ඇය යන අත තීරණය කරගැනීමට නොහැකිව ‘හෝ දහය විස්ස තිහ ගැන ගැන’ සිටී. අප නම් කිසිදු තාවරවීමකින් තොරව යා යුතු අත තීරණය කළ තැනැත්තෝ වෙමු. ධනවාදය යෝජනා කළ ඒ මාවත අපට තරම් ඉක්මනින් තෝරාගැනීමට ඔවුහු අසමත් වූහ. ‘ඔවුන් සහ අප’ යන ද්විභේදනය (binary) අපගේ විචාරයේදී අප සිතාමතා භාවිතකරන උපක්රමයකි. මේ ගීතය අපට ඒ ද්විභේදනය මතුකර පෙන්වයි. අපගේම ජාතික රාජ්‍යයට අයත් නිශ්චිත භූමියෙහි ජීවත්වුවද ‘ඔවුන්...