මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ අමතකකර දැමීම ජීවන විලාසිතාවක් වූ යුගයක, 'පාංශු'

චරිත, හොඳ හෝ නරක බොඳවී ගොස් සංකිර්ණ වී ඇත්තේ පැතලි චරිත වෙනුවට සංකිර්න චරිත නිමවීමේ ව්‍යාකරණයක් නිසා නොවේ. අපක්ෂපාතිත්තය නැමැති අත්‍යවශ්‍ය සංරචකය කෘතිය පුරා හසුරවන්නටය. ප‍්‍රචාණ්ඩත්වය අනිශ්පර්ශවීය වූ විට, හොඳම මතවාදී සංරචකය අපක්ෂපාත්වය වන අතර හොඳම භාෂාව ඹභ භාෂාවයි. සමහර විට ඉතිහාසය කරකැවෙන්නේ දුෂ්ඨ රාජ්‍යයන් හා දුෂ්ඨ මිලිටරි දේශපාලන කණ්ඩයම්වලින් මුත්, ඒ ගැන යුක්ති සහගතම වාර්තා තැනිය හැක්කේ ඹභ භාෂාවෙන් පමණි. නමුත් එමගින් මේ ති‍්‍රත්වයම එකිනෙක මත පරායත්ත බව අපේ අවධානයෙන් මැකී යයි.” -ප‍්‍රචණ්ඩත්වය නොකියන නපුරක් ලෙස - ‘ස්මරණ සමාප්ති’ සිනමා විචාර එකතුව, 32 පිටුව සත්‍යජිත් මාඉටිපේ සිනමාවේදියාගේ ප‍්‍රථම චිත‍්‍රපටය වූ ‘ස්මරණ සමාප්ති’ ටෙලි චිත‍්‍රපටය අරභයා කලකට ඉහත දක්වා තිබු උක්ත අදහස යළි උපුටා ගනු ලැබූවේ විසාකේස චන්ද්‍රසේකරම්ගේ නවතම සිනමා නිර්මාණය වූ පාංශු චිත‍්‍රපටය විචාරය කර ගැනීමට එකී දීප්තිමත් අදහසින් යතුරක් සැපයෙන බැවිනි. තිස්වසරකට වඩා පැරණි. ‘මීනීවලක් කැනීමට’ විසාකේසගේ කලාත්මක ලාලසාව පුබුදුකර ඇත්තේ, උතුරේ අතුරුදන්වූවන් පිළිබඳ ගැටලූව බව කෘතිය සිහි කල්පනාවෙන් නරඹන පේ‍්‍රක්ෂකයකු...