ශක්තික සත්කුමාර සිරගත කිරීම - නිර්මාණකරණයේ නිදහස ආරක්ෂා කරනු!

'අර්ධ‘ නමින් කෙටි ප‍්‍රබන්ධයක් සිය ෆේස්බුක් පිටුවේ පළ කළ අවස්ථාවේ ප‍්‍රවීන ලේඛකයකු ලෙස එය ලියු ශක්තික සත්කුමාර එය මේ තරම් අපරාධයක් වශයෙන් සලකනු ලබතැයි සිතන්නට නැත. මේ වනවිට කවිය, කෙටිකතාව, නවකතාව පමණක් නොව විචාර කලාවේ යම් ප‍්‍රවීනත්වයක් ලබා සිටින ශක්තික, සාහිත්‍ය ඇසුර ලබන්නට උත්සුක වන පාසල්වල හා සරසවි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මග පෙන්වන කෘති ගණනාවක කතුවරයෙකි. එය එසේ වූ පමණින් සියල්ල සරල සුගම ලෙස සිදු නොවන බව ශක්තික මෙන්ම අපිද දනිමු. ශක්තිකට දැන් සිදුව ඇත්තේ සිපිරිගෙදර සිට තමන් ලියු නිර්මාණය පිළිබද පශ්චාත්තාපයෙන් බලා සිටින්නට යැයි කිවහොත් එය අර්ධ සත්‍යයකි. එක් අතකින් යම් නිර්මාණයක් බිහිකරන ලේඛකයකු එය පරදුවට තබන්නට එකග වන්නේ නැත. අනෙක් අතින් යම් නිර්මාණයක් කළ පමණින් ලේඛකයකු බිහිසුණු අපරාධකරුවකු ලෙස සළකා සිරගත කරන්නේ නම් එවැනි සමාජයක නිර්මාණකරණයක් හෝ සාහිත්‍ය කලාවේ ප‍්‍රගමනයක් අපේක්ෂා කළ නොහැකිය. පොල්ගහවෙල පොලිසිය විසින් ලේඛකයා අත්අඩංගුවට ගන්නා ලද්දේ ආගමික ඇදහිල්ලට අගෞරව කරන ප‍්‍රකාශනයක් සමාජ ජාල වෙබ් අඩවිවල ප‍්‍රසිද්ධ කරන්නට කටයුතු කළ බවට චෝදනා කරමින් නම් එහි යම් සාධාරණත්වයක් ඇත. එහෙත් ...