සඳගිර පාමුල සිට දයලෙක්තිකය දෙස බැලීම

මේ දිනවල අප පක්ෂය තුළ දාර්ශනික ප‍්‍රශ්න වලට අදාළ දේවල් පිලිබඳ සංවාදයක සහ අධ්‍යනයක නිරතව සිටිනවා. ඒ අතර සිංහල භාෂාවෙන් නිර්මිත කවිය තුළ සුවිශේෂී සලකුණක් සනිටුහන් කළ රත්නශ‍්‍රී විජේසිංහ ‘ සඳගිර පාමුල‘ නමින් කවි පොතක් එලි දක්වා තිබෙනවා. මේ කවි පොත මුල සිට අගටම එකම කවියක් අඩංගු කර ගන්නා ආඛ්‍යාන කාව්‍යයක් හෙවත් කාව්‍යමය ආඛ්‍යානයක්. සාමාන්‍යයෙන් කාව්‍යමය ආඛ්‍යානයක් අන්තර්ගත කර ගන්නේ තනි කෙනෙකුගේ ජීවිතයේ අත්දැකීම් හෝ එසේත් නැතිනම් යම් කෙනෙකුගේ වීර චාරිකාවක්. සඳගිර පාමුල කෘතිය අන්තර්ගත කරගන්නේ ‘කිඳුරී‘ ලෙස හඳුන්වන ස්ත‍්‍රියකගේ ජීවන අන්දරය. කෙසේ වෙතත් අප මේ උත්සාහ කරන්නේ මේ ආඛ්‍යාන කාව්‍යය හරහා දයලෙක්තිකය පිලිබඳ අධ්‍යනයකට පිවිසෙන්න. ඒ කියන්නේ මේ කාව්‍ය විචාරයක්ම නෙවෙයි, ඒ වගේම නෙවෙයිත් නෙවෙයි. තවත් අරමුණ ගැන පිටුවේ ඉඩ නාස්ති නොකර අපි ප‍්‍රස්තුත මාතෘකාවට එළඹෙමු. දයලෙක්තිකය දයලෙක්තිකය සම්බන්ධ දාර්ශනික ඉදිරිපත් කිරීමේ සාකච්ඡුා කළ යුතු සංකීර්ණ පති කිහිපයක් තිබෙනවා. නමුත් දයලෙක්තිකය පිලිබඳ සංකල්පයේ ප‍්‍රධානතම පදනම වන්නේ එය යම් දෙයක පරස්පරතා එය තුළ එකට පවතිමින් කරන අරගලය එහි චලිතයට හේතු වන ආකාර...