Posts

Showing posts from November, 2025

දෛනික ජීවිතයේ වරපට ලිහී යාම හෙවත් "අපෙ ගෙදර ගිනි තියයිද?"

Image
යම්කිසි සමාජයක නාට්‍යකරුවකු බිහිවීමෙහි ලා අඛණ්ඩ නාට්‍ය කලා භාවිතාවක යෙදීමට නාට්‍යකරුවකු සතු ධෛර්යය තීරණාත්මක වේ. විශේෂයෙන් ම ලංකාව වැනි ආර්ථික වශයෙන් හා සංස්කෘතික වශයෙන් අව වර්ධිත සමාජයක විශිෂ්ට නාට්‍ය කලා පෞරුෂ බිහි නොවීමෙහි ලා මෙසේ අඛණ්ඩ කලාත්මක භාවිතයක යෙදීමට ඇති ඉඩප‍්‍රස්ථාවන්ගේ සීමාසහිතභාවය බරපතළ ලෙස බලපානු ලබයි. එහෙත් ඒ අතරම, කෙතරම් දුෂ්කර කොන්දේසි යටතේ වුව දිගින් දිගටම, සිය නිර්මාණාත්මක භාවිතාවේ, සෞන්දර්යාත්මක අරගලයේ නියැලී සිටින නාට්‍යකරුවන් අතළොස්සක ප‍්‍රමාණයක් වුවද නැතුවාම නොව, රාජිත දිසානායක මේ අතුරින් ප‍්‍රමුඛයෙකි. ඔහුගේ නවතම නාට්‍ය නිර්මාණය වනුයේ ‘අපේ ගෙදර ගිනි තියයිද?’ නාට්‍යයයි.  සුපුරුදු ලෙසම පෘථුල, සමකාලීන සමාජ දේශපාලන වාස්තවික පසුබිමක සිය කෘතිය පිහිටුවීමට උත්සාහ දරණ නාට්‍යකරුවා ඒ සඳහා මෙවර තෝරාගෙන ඇත්තේ 2022 ආර්ථික අවපාතය හා දේශපාලන අර්බුදය තුළ පැන නැගුණු ජනතා විරෝධතාවන්ගේ පසුබිමෙහි වූ සංසිද්ධියකි. සිය පූර්ව සන්තතික නිර්මාණය වූ ‘ජූලි මාසයේ දවසක්’ නාට්‍යයේදී පාස්කු දින ප‍්‍රහාරය ආශ‍්‍රිත සිදුවීමක් පාදක කරගත් ආකාරයටම ඔහු මෙවරද ලංකාවේ සමාජ සන්දර්භයේ සමකාලීන වශයෙන් තව...