කවුරුවත් එන්නේ නැතිනම් අපි කුමක් කරමුද?
.jpeg)
(අමාලි දීපිකා දහනායකගේ ‘කවුරුවත් එන්නෙ නෑ’ නාට්‍ය නිර්මාණය පිළිබඳ විවරණයක්) පතිරාජ එල්. එස්. දයානන්ද විසින් රචනා කරන ලද පිටපතකට අනුව අමාලි දීපිකා දහනායක විසින් නිර්මාණය කරන ලද ''කවුරුවත් එන්නේ නෑ” නාට්‍යය ජනවාරි 28 වැනිදා බොරැුල්ල නාමෙල්-මාලිනී පුංචි තියටර්හිදී වේදිකා ගත විය. එහි ප‍්‍රධාන චරිත දෙක චමින්ද බටුකොටුව සහ චතුරි ලොකුගේ විසින් නිරූපණය කරනු ලැබීය. මෙම නාට්‍යය පතිරාජ එල්. එස්. දයානන්ද විසින් මුල් වරට වේදිකාගත කරනු ලැබුවේ 1969 වසරේදීය. මුල් නාට්‍යයේ ප‍්‍රධාන චරිත දෙක නිරූපණය කරනු ලැබුවේ විමල් කුමාර ද කොස්තා සහ මර්සි එදිරිසිංහ විසිනි. මෙවර අප දුටුවේ අමාලි දීපිකා විසින් එම පිටපතට අනුව කරන ලද නව නිෂ්පාදනයයි. නාට්‍යයේ කතාව මෙබඳුය. අඹු සැමි යුවළක් තම විවාහ දිවියේ පනස් වසර සැමරීමේ උත්සවයට තම විවාහ මංගල්‍යයට පැමිණි අයට ආරාධනා කරති. අඹුසැමි යුවළ ඔවුන්ගේ පැමිණීම ගැන බලාපාරොත්තු සහගතව සිටියත් කිසිවෙක් නොපැමිණෙති. මේ අතර සිය අපේක්ෂිත අමුත්තන් සඳහා මහලූ යුවල ආසන පනවන අතර එම ආසන වල සිටිතැයි අපේක්ෂා කරන අදෘශ්‍යමාන අමුත්තන් සමග ඔවුහු කතා බස් කරති. අවසානයේදී මහලූ මිනිසා මිය යන අතර ගැ...