ඝරසරප - ආත්මීය පරාජයෙන් පළා යන්නට සිංහල දෙමළ පේ‍්‍රමයක්!

කලාකරුවාට ඔහු ජීවත්වන සමාජ, ආර්ථික, දේශපාලන පරිසරයේ සාධකවලින් සහ එයින්ම නිමවන මිනිස් පෞරුෂත්වය විසින් දෙනලද තත්වයන්ගෙන් බැහැර විය නොහැකිය. ඒ නිසාම යුද්ධය අවසාන වූයේ කලාකරුවන්ට ඒ පිළිබඳ සිය ප‍්‍රකාශනයන් සඳහා ආරාධනා කරමිනි. සමහරු එය භාර ගත්හ. සමහරු කල් දැමූහ. ජයන්ත චන්ද්‍රසිරි සමකාලීන පශ්චාත් යුද සන්දර්භය ආමන්ත‍්‍රණය කළ සිනමාකරුවෙකි. ඔහු දුටුගැමුණු කතාව ප‍්‍රතිනිර්මාණය කරමින් සිදු කළේ යුද්ධයෙන් ‘පරාජිත’ සමාජය ආමන්ත‍්‍රණය කිරීමකි. දකුණේ මිනිසුන් කිරිබත් උයාගෙන කෑවේ වසර තිස් ගණනක් පීඩා විඳි ඒ පරාජය වසා ගන්නටය. පරාජය වී තිබුණේ එල්ටීටීඊය පමණක් නොව, දෙමළ සමාජය පමණක් නොව, දකුණේ සිංහල බෞද්ධයන් පමණක් නොව, වෙනත් ආගමික, ජාතික අනන්‍යතා ඇතිවුන් පවා පරාජය වී සිටි නිසා ඒ පරාජයේ වේදනාව ප‍්‍රකාශ කළ යුතු වූයේ ‘ඉතින් දැන්වත් අපි සමගි වෙමු’ වැනි බැලූ බැල්මට මානුෂික ප‍්‍රකාශනයකිනි. ජයන්ත සිය දුටුගැමුණු චිත‍්‍රපටයේ එළාරගේ සොහොනට ගරු කිරීමේදී හෙළිදරව් කරන්නේ ඔහුද ඇතුළුව අප විසින් යුද්ධය අවසානයේ ඒ මහා පරාජය සම්බන්ධව දරා සිටි වරදකාරිත්වයයි. එළාරගේ සොහොනට ගරුකිරීමෙන් යුද්ධයේ සාමුහික පරාජය නිරූපණය කළ ජයන්ත ‘ව...