කැරපොත්තන් බවට පත්වූ මිනිසුන්ගේ 'ස්වරූප'

ධර්මසේන පතිරාජගේ නවතම සිනමා කෘතිය සහ ඇතැම් විට ඔහුගේ මෑත කාලීන හොඳම චිත‍්‍රපටය විය හැකි ‘ස්වරූප‘ ලංකාවේ සිනමාහල්වල ප‍්‍රදර්ශනය වී, ගැලවී ගොස් අවසන්ය. චිත‍්‍රපටයේ මංගල දර්ශනය සහ එය සිනමාහල් වලින් ගැලවීම අතර මතක හැටියටනම් තිබුනේ සති දෙකකටත් අඩු කාලයකි. ලංකාවේ කලාව පිළිබඳ සංවාදයේ ඉතිහාසයකට හිමිකම් කියන හොරණ සහ මාතර නගරවල සිනමාහල්වලින් ස්වරූප ඉවත්වී තිබුනේ එකම දර්ශනයක් පවා ප‍්‍රදර්ශනය නොකර බව කොහේ හෝ කියවූවා මතකය. එය ප‍්‍රදර්ශනය කරන ලද සිනමාහල් පවා ස්වරූප සඳහා වෙන් කර තිබුනේ කිසිවෙකු නොදන්නා, සාමාන්‍යයෙන් පේ‍්‍රක්ෂකයන් නොඑන අමුතුම දර්ශන කාලයන්ය. එබැවින් ධර්මසේන පතිරාජ ස්වරූප නමින් චිත‍්‍රපටයක් නිර්මාණය කළ බවත්, එය ලංකාවේ ප‍්‍රදර්ශනය වූ බවත් බොහෝ දෙනෙකු දන්නේ නැත. පුවත්පත් වල සිනමා අතිරේක සහ නිල විචාරකයන්ද ස්වරූප ගැන නිහඬය. අපි රළ අතිරේකයේ මේ කුඩා ඉඩ ස්වරූප වෙනුවෙන් වෙන් කරන්නේ එලෙස මග හැරුණු සම්පූර්ණ වපසරිය ආවරණය කිරීමේ අභිප‍්‍රායෙන් නොව රළ පාඨක ඔබ කිසියම් හෝ ආකාරයකින් අනාගතයේ දිනෙක ස්වරූප වෙත ප‍්‍රවේශ වීම උත්තේජනය කිරීම උදෙසාය. ස්වරූප චිත‍්‍රපටය ගැන කෙටියෙන් කියන්නේනම් එහි අන්තර්ගත වන...