කවියේ හද බස සංවාදයට ගැනීම - අමරසේකරට එරෙහිව ඉලයප්ආරච්චි

අප පක්ෂයේ තරුණ සංගමය විසින් පසුගිය දිනක ‘එරික් ඉලයප්පආරච්චි’ කවියාගේ ‘කපුටා සහ සිටානෝ’ කාව්‍ය කෘතිය පිළිබඳ විචාරාත්මක පිළිසඳරක් සංවිධානය කොට තිබුණි. එහිදි පෙ.ස.ප. කලා සංගමය විදිහට අප දැක්වු අදහස ආශ‍්‍රයෙන් මෙවර ‘රළ‘ කලාපයේ ප‍්‍රධාන ලිපිය සකස් කළ යුතුයැයි අප තීරණය කරන ලද්දේ, එය එරික්ගේ කෘතිය පමණක් නොව, ලංකාවේ, සිංහල කවිය පිළිබඳවම යළි සිතා බැලීමටකට අපට බලකළ නිසය. මුලින්ම අපි කවිය හඳුනා ගන්නේ කෙසේද? මේ පිළිබඳ භාරත කාව්‍ය රසාස්වාදයේ සහ යුරෝපා කාව්‍ය රසාස්වාදයේ හා විචාරයේ ඇති තරම් සංවාද ගිහින් තියෙනවා. අපි මෙතනදි උත්සාහ කරන්නේ එවන් න්‍යයික, නියාම පද්ධතියක් ආශ‍්‍රයෙන් එය වටහා ගන්නවාට වඩා (එවන් උත්සාහයක් නරක නැත) වෙනස් විදිහයකට කවිය වටහා ගන්නයි. මේ සඳහා අපි උපයෝගී කර ගන්නට බලාපොරොත්තු වෙන්නේ, ‘පරාක‍්‍රම කොඩිතුවක්කු’ කවියාගේ මූලාශ‍්‍ර හරියටම මතකයේ නැති අදහසක්. ඒකදී ඔහු කවිය හඳුන්වන්නේ ‘කවියක රෝස කැකුලක් තියෙන්න ඕන, ගිනි පුලිගුවක් තියෙන්න ඕන, එහි හංස ගීතය තියෙන්න ඕන’ කියලායි. දැන් මේ අදහස දිග හැරලා ගත්තාහම අපිට මෙහෙම කියන්න පුලූවන්. ‘කවියක මතුපිට, ආකෘත...