රඟරසියා සොයා යාම

මෙවර අපේ විචාරක ඇස යොමු වන්නේ 19වන සියවසේ ජීවත්වූ ඉන්දීය චිත‍්‍ර ශිල්පියෙකුවූ රාජා රවී වර්මා නම් කලාකරුවාගේ ජීවිතය අළලා නිර්මාණය වූ රඟරසියා චිත‍්‍රපටයටයි. ලෝකය වෙනස් කරන්නේ මිනිසුන්ය.. ලෝකය වෙනස් කිරීමේ ඝානය අත් පත් කරගත් මිනිසුන් එය විකාශනය කිරීමෙහිලා ලෝකය වෙනස් කිරීමේ දේශපාලනය නිර්මාණය වන්නේය. සිත්තරුවා, රඟරසියා සිනමා කෘතිය ලෝකය වෙනස් කිරීමේ ඝානය අත් පත් කර ගැනීමේ දේශපාලනය සන්නිවේදනය කරගැනීමෙහිලා සමත්ය. එක් අතකට ගලන මේ ක‍්‍රමය තුල උඩුගම් බලා යන පළමු මොහොත එකී පළමු පුහුණුව ලෝකය කිසි සේත් භාර ගන්නේ නැත . එය විකුර්තියක් පිස්සුවක් බවට පත් වේ. මේ සංවාදය ගොනු වන්නේ නිර්මාණයට පාදක වූ ඉන්දියාවේ එකී මොහොතේ සමාජ වටපිටාව දේශපාලනය විග‍්‍ර...